IMG-LOGO

කෝටි ගණනක හොර බඩු සමග හොරකල්ලියක සාමාජිකයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

සොරාගත් බවට සැකකරන  රුපියල් කෝටි තුනකට අධික දේපල තොගයක් සමග තිදෙනකුගෙන් යුත් හොර කල්ලියක සාමාජිකයකු වන  " වෑල්ඩින් ප්‍රියන්ත " නමැත්තා අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය කියයි.

සැකකරුගේ ප්‍රකාශ මත හැඳල වත්තල වසා දැමුණු ගරාජයක් තුළ තිබු ලොරි රථයක් වෑන් රථයක් මෝටර් රථයක් යතුරුපැදි තුනක් ,අලුත්ම ටයර් තොගයක්,විදේශීය මත්පැන් බෝතල්,ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ තොගයක්,ත්‍රිවිල් අමතර කොටස්,කඩු පහක් ,ඉබි යතුරු කපන අඩුවක්,රම්බෝ පිහියක්,ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වල අමතර කොටස් විශාල ප්‍රමාණයක් ඇතුලු දේපල රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

නවගමුව රෝහල් හංදිය පිහිටි තඹ කම්බි ගබඩාවක ඉබි යතුරු කපා රුපියල් ලක්ෂ 15ක තඹ කම්බි තොගයක් සහ ආරක්ෂිත කැමරාවේ ගබඩා පද්ධතිය මීට සති දෙකකට ඉහතදී මෙම සොර කල්ලිය විසින් රැගෙන ගොස් තිබූ අතර එම කල්ලිය නැවත වතාවක් පෙරේදා 13 අලුයම එම ගබඩාව කැඩීමට දෙවන වතාවට පැමිණි තිබූ බව පොලිසිය කියයි.

ඒ ආසන්නයේ  පුද්ගලයකු පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානය වැටලීමේදී සොර කල්ලියේ පුද්ගලයන් දෙදෙනකු පලාගිය අතර එක් පුද්ගලයකු ඔවුන් පැමිණි මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කාලයක සිට සිදු කළ සොරකම් රැසක තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.

සැකකරු සමඟ පොලිස් භාරයට ගත් එම මෝටර් රථයේ රථයේ පසුපස ඩිකියේ තබා තිබූ තියුණු ආයුධ සහ සහ යකඩ කපන අඩුවක්ද එම අවස්ථාවේදීම පොලිස් බාරයට ගෙන ඇත.

 

 



අදහස් (1)

කෝටි ගණනක හොර බඩු සමග හොරකල්ලියක සාමාජිකයෙක් මාට්ටු

visnu Friday, 16 September 2022 11:16 AM

ලැජ්ජ නැහැ පොලිසියට බුදියගෙනෙ ඉදල දැන් වීරයො වෙන්න හදනව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site