IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කටාර් රාජ්‍යයේ ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ

(තිළිණි ද සිල්වා )

කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් පළමු තොගය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ලංකාව තුල මේ වනවිට පවතින කොවිඩ්-19 වයිරස ආසාදන හා මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම සහ වඩාත් අසාධ්‍ය රෝගීන් සඳහා පවතින වෛද්‍ය උපකරණ හිඟය ගැන ශ්‍රී ලංකාවේ තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා කරන ලද හදිසි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස, මෙම පරිත්‍යාගය විදේශික ශ්‍රී ලාංකික ප්‍රජාව, හිතවතුන් සහ දෝහා හි ලුලු ජාත්‍යන්තර සමූහය විසින් ලබා දී ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි

තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම භාණ්ඩ තොගය ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රවාහනය කළ අතර මෙම සෞඛ්‍ය උපකරණ ලබා දුන් පරිත්‍යාගශීලීන්ට තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කරයි.



අදහස් (4)

කටාර් රාජ්‍යයේ ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ

විජිත් Friday, 11 June 2021 01:36 AM

ඔබ සැමට බොහෝ පින් මේ භාණ්ඩ වලට සහ උපකරණ වලට... ඔබතුමන්ලාට හැකි හැම අවස්ථාවකම මෙවැනි අත්‍යාවශ්‍ය භාණ්ඩම අපේ රටට එවන්න. හැබැයි මහත්වරුනේ සල්ලිනම් ආණ්ඩුවට දෙන්න එපා වැරදිලාවත්. ඒ සල්ලි ඔක්කොම පිල්ලි යනවා. හොරා කනවා." මහා එකාගේ " ඉඳලා පොඩි එකාදක්වාම හොරකම් කරනවා...

:       1       12

යාපා Friday, 11 June 2021 09:59 AM

ඔබලෑ වැනි මිනිසුන් අවංකවම දෙවිවරුය.තමන් දු මහන්සියෙන් උපයාගත් ධනයෙන් මෙවැනි වටිනා දේවල් කිරීමම ඔබලාගෙ සියලු පැතුමන් ඉටුවීමට හේතුවනවා නිසැකය.

:       0       1

Mr,Don Friday, 11 June 2021 11:17 AM

ලුලු සමූහ ව්‍යාපාරයට අපගේ ස්තුතිය පුදකරමු...!!!

:       0       5

anula Friday, 11 June 2021 11:26 AM

බොහෝම ස්තුතියි... සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා...!!! 

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 13 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 62 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 241 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 519 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 680 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 882 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site