(තිලකරත්න දිසානායක)
මෙරට ඩොලර් අර්බුදයට විසදුමක් වශයෙන් කංසා ආශ්රිත ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය අරඹමින්, කුමන බාධා පැමිණියද එම ඖෂධ අපනයනය කිරීම ඉදිරි කාලයේදී ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා යක්කල දී පැවසීය.
මෙරට කංසා නිෂ්පාදනය කළද කිසිදු අයුරකින් දුම් පානයයක් ලෙස හෝ වෙනයම් ක්‍රමයකට කංසා මත් ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමට ඉඩ තබන්නේ නැහැ. විදේශයන්ගෙන් පැමිණෙන සංචාරකයින්ට ආයුර්වේද ප්‍රතිකාර හා ආයුර්වේද පංචකර්ම ක්‍රම හදුන්වා දීම සිදු කරමින් ඒ තුලින්ද විශාල වශයෙන් ඩොලර් ඉපයීම පිනිස පියවර ගනු ලබනවා. මේ සදහා යක්කල ආයුර්වේද රෝහල් පරිශ්‍රය ආශ්‍රිතව කොළඹ - මහනුවර මාර්ගයෙහි යක්කල ප්‍රදේශයේ ආයුර්වේද කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයට අලුතින් බදවාගත් සිසු සිසුවියන් සදහා සම්ප්රදායක චාරිත්‍රානුකූලව අත්පොත් තැබීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කංසා අපනයනය කරන හැටි ඇමැති කියයි
de silva Wednesday, 21 September 2022 11:58 PM
මොන පිස්සොද? මුන්ට පුළුවන්ද රට මේ වැටිලා තියන අගාධයෙන් ගොඩ ගන්න. මුන් තව අවුරුදු 3 ක් පාර්ලිමේන්තුවෙ ඉන්දන් පිස්සු කෙළියොත් අපි ඉවරෙටම ඉවරයි. වහාම රොත්ත පිටින් එලවන්න ඕනි. අලුත් ඡන්දයක් ඕනි. අපිට කැමති කෙනෙක් පත්කරගන්න.
chandima Thursday, 22 September 2022 01:45 AM
කංසා නොහොත් මරිජුවානා නොහොත් කියන මේ ගස වවා නිකම් නිකන් රට යවලා මුදල් උපයන්නට බැහැ. ඒවා නිසි ලෙස නිස්සාරණය කළ යුතුයි. ඒ සඳහා ඉතා මිල අධික කාබන් ඩයොක්සයිඩ් නිස්සාරණ යන්ත්‍ර එකක්වත් අපේ රටේ තිබිය යුතුයි. මේවා ඉතා මිල අධිකයි. ඇමෙරිකාව වැනි රටවල පවා මේ නිස්සාරණ යන්ත්‍ර ඇත්තේ වගාකරුවන් කිහිප දෙනෙකුට පමණයි. අනිත් වගාකරුන් තම නිෂ්පාදන වෙනත් නිස්සාරණ කරුවන් හරහා නිස්සාරණය කරගන්නවා. හැබැයි වැඩේ කරන්න බැරි දෙයක් නම් නොවෙයි.
Saman Thursday, 22 September 2022 01:51 AM
මෙච්චර හදිසි ඇයි දන්නවද? හොර ඉඩම් අරන් ඕක වගා කරගන්න පුළුවන්නේ. ඒ ගමන් අත උඩින්ම කලු කඩ බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්නේ.
ramila asiri Thursday, 22 September 2022 08:13 AM
මේ පොළවේ පැළවෙන ඕනෙම දෙයක් හදලා පිටරට යවන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනෑ.
සෝමසිරි Thursday, 22 September 2022 08:57 AM
ඔය කියන කාබන් ඩයොක්සයිඩ් නිස්සාරණ යන්ත්‍ර වලින්ද ? අතීතයේ හෙළයන් ඖෂද නිෂ්පාදනය කරේ ?
podi mole Thursday, 22 September 2022 01:33 PM
ඔය කියන බම්බු හෙල මන්තරෙ ජපකරල තමයි පොහොර වලිනුත් කෙලවගත්තෙ
lakvidu Thursday, 22 September 2022 01:44 PM
වසූරිය, කක්කල් කැස්ස, ගලපටලය, මැලරියාව, පෝලියො, අපෙ රටෙන් තුරන්කලෙ ඔබෙ කියන ඔය හෙල වෙදකමෙන්ද? අඩුගානෙ ඔහෙගෙ හෙලවෙදකමෙ හරිහමන් පනුබෙතක්වත් තියෙනවද. ඉස්සර අනන්ත අප්‍රමාන පොඩිලමයි පනුවො හිරවෙලා මරුන. හෙල ගොවිතැන කොරන්න ගිහින් පොහොර වලිනුත් කෙලවගත්ත මදිවෙලාද? මුන්ටනම් විලිලජ්ජාවක් නැහැනෙ.
Wimal Thursday, 22 September 2022 09:59 AM
ඇමැතිලාට නියම ජොබ් එක... පඩි, ගෙවල්, වාහන එපා කියලා කැපවී වැඩ කරාවි.
බන්ඩාර Thursday, 22 September 2022 10:50 AM
මේ යකා ඇමතියා වුන දවසේ ඉදන් ඕක මන්තරයක් වාගෙ කියවනවා ඉවරයක් නෑ. කවුරුත් එපාකියන්නේ නැහැනේ. කරලා පෙන්නන්නකෝ. මම දන්නාවොදිහට කාබන්ඩයොක්සයිඩ් නිස්සාරන බාවිතා කරන පුද්ගලික ආයතනය දෙකක් ලන්කාවේ දැනට තියෙනවා චන්දිම essential oil නිස්සාරනය කරන.හැබැයි කන්සා වලට,පුලුවන්ද දන්නේ නැහැ.
podi mole Thursday, 22 September 2022 11:30 AM
යකෝ ගම්මිරිස් වවලා රට යවපල්ලාකෝ. නිකම් ගංජා ගහන්න යන්නේ නැතුව.
podi mole Thursday, 22 September 2022 11:31 AM
සෞඛ්‍ය ඇමතිටත් පැණි පොවපු එකානේ.
ganegoda Thursday, 22 September 2022 12:26 PM
කංසා වගාකරන්න පුළුවන් රටවල් කෙපමණ තිබුණද, ඒ රටවල්වල ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නිසා කංසා වගාකිරීම තහනම් කර ඇත...!
fairoos Thursday, 22 September 2022 01:05 PM
මෙ කාලකන්නින් රට තවත් අගාදයට එදා දමන්නයි යන්නෙ