IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘ඔටර්ස්’ විවෘත ටෙනිස් තරගාවලියට අයැදුම්පත් කැඳවීම අනිද්දා අවසන්

ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන 54 වැනි විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් තරගාවලියට (‘බී’ ශ්‍රේණිය) සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (22) අවසන්වේ. තරගාවලිය මෙම මස 25 වැනිදා සිට 5 වැනිදා දක්වා ඔටර්ස් ක‍්‍රීඩා සමාජයීය ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලියට විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගළ හා මිශ‍්‍ර යුගළ ඉසව් ද, වයස 7 න් පහළ, 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කේවළ ඉසව් ඇතුළත්වේ. 14 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ දෙකෙන් පමණක් යුගළ ඉසව්ව පැවැත්වේ. වයස 45 ට වැඩි ප‍්‍රවීණයන්ගේ යුගළ ඉසව්වක් ද තරගාවලියට ඇතුළත්ය. තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර සෙසු ඉසව් සඳහා කුසලාන හා සහතිකපත් පිරිනැමේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම්පත් නො: 380/1, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජයෙන් හා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථානයෙන් ලබා ගත හැකිය.



අදහස් (0)

‘ඔටර්ස්’ විවෘත ටෙනිස් තරගාවලියට අයැදුම්පත් කැඳවීම අනිද්දා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site