IMG-LOGO

එජාප 76 වන සංවත්සරයට ආශීර්වාද බෝධි පූජාවක්

(ඩයනා උදයංගනී)

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය හෙටට (5) යෙදී ඇති අතර ඒ  නිමිත්තෙන් සංවිධානය කළ ආශීර්වාද බෝධි පූජාවක් එම පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (4) පැවැත්විණි.

පක්‍ෂයේ නිර්මාතෘවරුන් ඇතුළු මියගිය නායකයින්ට හා සාමාජිකයන්ට පිං පැමිණවීම ද මෙහිදී සිදුකෙරිණි.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, සමන් රත්නප්‍රිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ 



අදහස් (2)

එජාප 76 වන සංවත්සරයට ආශීර්වාද බෝධි පූජාවක්

AB Sunday, 04 September 2022 09:55 PM

සියලු ජාතින් සමග එක්ව ඩී.එස්. සේනානායක මැතිතුමා බිහිකළ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර නව මුහුණුවරක් ලබාදීම සියලු දෙනාගේම වගකීමක් සහ යුතුකමකි.

:       1       0

nanda Monday, 05 September 2022 11:37 AM

රටට සේවයක් කරපු නායකයො අතිතයේ හිටිය. පසුව අාව නයකයො රට විනාසයට පත්කරා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site