
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක් අද(6) සම්මත කර ගත්තේය. විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ වල එකමුතුවෙන් විපක්ෂ නායකවරයා රැස්වීමක් කැඳවීම සම්බන්ධයෙන් මෙම යෝජනාව සම්මත කර ගැනුණි.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණු අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.
"විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් කොළඹ ශ්‍රීමන් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ජුලි මස 23 වැනි දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ගත් පියවර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ කෘන්යාධිකාරී මණ්ඩලය ප්‍රශංසාව පළ කර සිටී. ඉහත පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙළ ගැසෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉල්ලා සිටිනු ලැබේ"යනුවෙන් එම යෝජනාවේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න එකතුවෙන කට්ටිය මරේ මරු. හිරේ ඉන්න ඕන අය මෙහෙම එකතුවෙන එක ඉතාමත්ම අගය කලයුතුයි.
එක්සත් ජාතික පක්ෂය අනුභව කරන උදවිය එක්සත්ව එක තැනක.
ඩීල් නැහැ, නෝ ඩීල්. ඒවා එහෙමයි මේවා මෙහෙමයි...!!!!
හහ් හහ් හා. කපන්න බැරි අත ඉඹිනවද? හොරු ටික ඔක්කොම එකතුවෙන්නේ, දැන් බඩගින්නේද?