IMG-LOGO

ඊළඟට එන අරගලකරුවන් කවුදැයි විමල් කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත්  එවැනි විනාශ හරහා රටේ   අඳුරු තත්වයක්  ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවත්  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

මීට පෙර ඉදිරියට පැමිණියේ ඉන්ධන ප්‍රශ්නය විසින්  මෙහෙයවනු ලැබූ මිනිසුන් බවද ඔහු කීවේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ ජාතික සභාව යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ජනතාවගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නය විසඳීමට විධිමත් විද්‍යාත්මක සැලැස්මක් තිබිය යුතු බවත්  බඩගින්න නිවන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන  දැනගැනීමට  ජනතාවට අයිතියක් ඇති බවත්  විමල් වීරවංශ මහතා පැවසීය.

එදා වේල ටුවර්ස් වැඩසටහන් වලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවද  හෙතෙම පැවසුවේය.

පාලකයන්ගේ විදේශ ගමන් සඳහාඕනෑ තරම් ඩොලර් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා මහ රැජිනගේ අවමගුල වෙනුවෙන් ඉන්දියාව පිටත්කර  යැව්වේ  නියෝජිතයකු බවද ප්‍රකාශ කළේය.

දේශීය කර්මාන්තකරුවාගේ ජීවන තත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කළ යුතු බව වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

ඊළඟට එන අරගලකරුවන් කවුදැයි විමල් කියයි

විපරමා Tuesday, 20 September 2022 03:34 PM

තමුන් ඇමතිකම් දරපු කාලේ කියපු,කරපු දේවල් මතක නැතුව ඇති. දැන් නම් සුද්දවන්තයා වගේ ? මේ රටේ විනාසෙට තමුනුත් හවුල් කාරයෙක් තමා?

:       3       2

ANURA KALU KUMARA DISHTIYA. Tuesday, 20 September 2022 04:46 PM

"බලල්ලු ලවා කොස් ඇට බෑවීමෙි නියමු මෙහෙවරක් ????"

:       2       0

fairoos Tuesday, 20 September 2022 05:21 PM

අනේ මෙතුමාගේ වාචාල කට විතරයි. රට අද මේ තත්ත්වෙට වැටුන එකට ඔබතුමත් වග කියන්න ඕනි.

:       3       2

ruwan Tuesday, 20 September 2022 05:50 PM

ඔයා ආසාවෙන් නදේ බලන් ඉන්නේ එයාලා එනකම්? හොර ගෙඩිය. අපි නොදන්න ඔයාගෙ කැරැට්ටුව.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site