IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දීය පුහුණුකරු දිනේෂ් ශර්මා මෙහෙයවන චෙස් කඳවුර 15දා සිට

ජාත්‍යන්තර සම්මාන දිනූ ඉන්දීය ජාතික චෙස් පුහුණුකරු දිනේෂ් ෂර්මා මහතා මෙහෙයවන  චෙස් පුහුණු කඳවුරක් මේ මස 15 දා සිට 28 වැනිදා දක්වා කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘත්තිකයන් ගේ සංගම් ශාලාවේදී පැවැත්වේ. ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගවලින් ශූරතාවන් රැසක් දිනා ඇති දිනේෂ් ෂර්මා මහතා චෙස් පුහුණුකරුවකු ලෙසද ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇත්තෙකි. මෙම චෙස් කඳවුර සඳහා සහන ගාස්තුවක් අය කරන නමුදු ආබාධිත හෝ  මුල්‍ය දුෂ්කරතා ඇති දක්‍ෂතා හෙබි පාසල් දරුවන්ට ඒ සඳහා නොමිලේ සහභාගි වියහැකි බව සංවිධායකයෝ පවසති. ඒ  සඳහා පාසල් ප‍්‍රධානීන්ගේ නිර්දේශ අත්‍යවශ්‍ය වේ. වැඩි විස්තර 0727397939 හා 0714397939 යන දුරකථන අංකවලින්  හෝ www.dksharma.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.



අදහස් (0)

ඉන්දීය පුහුණුකරු දිනේෂ් ශර්මා මෙහෙයවන චෙස් කඳවුර 15දා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 741 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site