IMG-LOGO

ඇඳිරිනීතියේදී ජල-විදුලි පාරිභෝගිකයින්ගේ ගැටලු විසඳීමට කඩිනම් සේවයක්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

ඇඳිරිනීතිය කාලයේදී විදුලි හා ජල පාරිභෝගිකයනගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා විශේෂ සේවාවක් හෙට (04) සිට ක්‍රියාවට නැංවෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
 
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකාබද්ධ මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.
 
ආරම්භයේදී, දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලබන අතර අවශ්‍යතාව මත අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද මෙය ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
 
ඒ අනුව, අභ්‍යන්තර දෝෂ නඩත්තුව සඳහා  ප්‍රදේශයේ විදුලි කාර්මිකයකුගේ හෝ ජල නල කාර්මිකයකුගේ සහාය ලබාගැනීමට අදාළ පාරිභෝගිකයාට මෙම සේවාවෙන් පහසුකම සැලසේ.
 
ලංකා විදුලි සේවා බිඳවැටුම් හා ජල සේවා බිඳවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව දැනටමත් ක්‍රියාත්මක බැවින්, ඒ හරහා පාරිභෝගික පරිශ්‍ර තුළ පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල දෝෂ අලුත්වැඩියා කරගැනීම සඳහා පාරි‍භෝගිකයන්ට ගැටලු ඉදිරිපත්කිරීමට මේ යටතේ පහසුකම් සලසා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
ඒ අනුව,

ජලනල කාර්මිකයකුගේ සේවය ලබාගැනීම සඳහා - 1939

ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයකුගේ අභ්‍යන්තර විදුලි පද්ධතියෙහි දෝෂයකට  උපදෙස් ලැබීම සඳහා - 1987

ලංකා විදුලි පාරිභෝගිකයකුගේ අභ්‍යන්තර විදුලි පරිපථයෙහි දෝෂයක් වූ විට - 1910

වැඩිදුර තොරතුරු සඳහා (ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව)- 0764271030 යන අංක ඇමතිය හැකිය.
 



අදහස් (1)

ඇඳිරිනීතියේදී ජල-විදුලි පාරිභෝගිකයින්ගේ ගැටලු විසඳීමට කඩිනම් සේවයක්

ගමරාල Sunday, 05 April 2020 01:46 AM

බාහිර විදුලි බිඳවැටීම් කිවයුත්තේ කාටද කියා දක්වා නැහැ. අංක දෙකම අභ්‍යන්තර බිසවැටීම් වෙනුවෙනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site