හොරොයින් වැනි තහනම් දෑ වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය කරන මෙහෙවර ඇතැම් මාධ්‍ය හා සහෝදරයන් සේ සිටින ඇතැමුන් හැල්ලුවට පත්කරන බවත් ඊට හේතුව ලෙස පෙනෙනුයේ මාධ්‍යකරුවන් අල්ලසට යට වීම බවත් පෙනේ යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය තම විනය ඉහළින්ම රකින්නේ යැයි ද කිසිවිටෙකක් කිර්තිය හා ප්‍රසිද්ධිය හඹා නොයන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය.
පසුගිය 18 වැනි දා පොලිස් කාර්ය සේවා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දි ඔහු පැවසුයේ සත්‍යයේ පිහිටා ක්‍රියා කරන ලෙස මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටි බවයි.
lankadeepa.lk සංස්කාරක මෙසේ කියයි
නියෝජ්‍ය පොලිස්පති හා අණදෙන නිලධාරී රංජිත් පෙරේරා මහතා කළ යුත්තේ ඔහු ළඟ ඇති තොරතුරු අනූව අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් කවුදැයි නම් ගම් සහිතව සුදුසු ආයතනයකට පැමිණීලි කිරීමයි. එසේ නොමැතිව පොදුවේ චෝදනා කිරීම අල්ලසට යට නොවූ මාධ්‍යවේදීනට බලවත් අසාධාරණයක් හා නිග්‍රහයක් බව කිව යුතුය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'ඇතැම් මාධ්‍යවේදීන් පගාවට යටවෙලා'
වසන්ජය Thursday, 23 June 2016 06:27 AM
මගේ අදහස නම් මෙවැනි කටයුතු කළයුත්තේ රහසිගතවමය. ජාවාරම්කරුවන් එම නිලධාරීන් පසුපස හඹාගොස් බලපෑම් කර මත්ද්‍රව්‍ය මැඩලීමට ගෙනයන වැඩපිළිවෙල අඩාල කළහැකිය (නි)
යසන්ත Monday, 20 June 2016 06:58 PM
මාධ්‍යවේදීන් නැත්නම් මේ රටේ වෙන දේවල් අපිට දැනගන්න වෙන්නේ නැහැ (නි)
දිනේෂ් Monday, 20 June 2016 08:03 PM
අල්ලන කුඩු වලට මොනවද වෙන්නේ? ඒවා ප්‍රසිද්ධියේ විනාශ කරන්න. අාපිට පේන්නෙත් ඒවා අායෙත් හොරාට විකුණනවා වගේ. අපේ රටේ නීතිය! (නි)
ආනන්ද Monday, 20 June 2016 10:46 PM
අපේ ප්‍රණාමය සැමවිටකම රට කුඩුකාරයින්ගෙන් බේරාගන්නට කැපවෙන පොලිසියට හිමිවෙනවා. පගාවට වැඩකරන අය ගැනත් අපි දන්නවා (නි)
විජේ Monday, 20 June 2016 11:11 PM
කතාව වෙන අතකට හරවන්නේ නැතුව කොකේන් වල නියම හිමිකරුවා උසාවියට ඉදිරිපත් කරන්න. සීනි මිලදීගත් සමාගමේ නම හෙළිකරන්න බැරි ඇයි? (නි)
චමිල් රුපසිංහ Monday, 20 June 2016 09:56 AM
මමත් සමාජයට යමක් කරන මාධ්‍ය වේදීයෙක්.ඔය කියන ගනයට අයත් වෙන මාධ්‍ය වේදියෙක් නොවේ. නමුත් ඔය කියන ගනයේ මාධ්‍ය වේදීන්ට තමා හැම තැනින්නම සැලකුම්.එහෙම අල්ලස් නොගන්න ගන්න අය මාධ්‍ය වේදීන් අතර කොන් වෙනව. මාධ්‍යෙවේදීන් ගැන ලියන්න තවත් කොටසක් හැදෙන්න ඕන.(අ)
ටෙෂාන් Monday, 20 June 2016 11:44 PM
ලංකාදීප සංස්කාරකතුමා කියන දේ ඇත්ත (නි)
විරාජ් ඒකනායක Monday, 20 June 2016 10:10 AM
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී මාධ්‍යහමු පවත්වනවානම් පොලිස් මාධ්‍ය ඒකකයක් අහවල් දේකටද (අ)
උපාලි Monday, 20 June 2016 10:38 AM
බරපතල චෝදනාවක් එල්ල කරන නිසා කරුණු ඇතුවම කිව්වා නම් තමයි හොඳ. (ර)
රසික Monday, 20 June 2016 11:01 AM
හැමතැනම පගාවට යට වෙලා තියෙන්නේ... (ර)
ජයම්පති Monday, 20 June 2016 11:17 AM
මම නම් හිතන්නේ මේ වෙලාවේ කට වහගෙන ඉන්න එක තමයි හොඳ, (හේ)