චීනයේ මැකාවෝ නුවර පෙබරවාරි මස 23 සිට මාර්තු මස 1 දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු මේස පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි.
ජාතික ශූර රොහාන් සිරිසේන, නිර්මල ජයසිංහ සහ දිනේෂ් දේශපි‍්‍රය පිරිමි ඉසව් සඳහා සහභාගි වෙති.
පසුගියදා මෙම ආසියානු තරග සංචාරය ඉලක්ක කරමින් ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්ත මේස පන්දු පිලට එරෙහිව ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තරගාවලි දෙකකට සහභාගි වූහ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා මේස පන්දු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ඉෂාරා මධුරංගි, උමායා තාරකි සහ එරන්දි වරුෂවිතාන තෝරා ගනු ලැබ ඇත.
මේ වසරේ ජාතික මේස පන්දු ශූරිය වන ඉෂාරා මධුරංගි අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන්නීය.
අනෙක් කී‍්‍රඩිකාවෝ දෙදෙනාම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියෝ දෙදෙනෙකි.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආසියානු මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල හෙට චීනයට යයි