IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ආසාත්මිකතා ඇති අයට කොරෝනා එන්නත ලබා නොගන්නැයි බ්‍රිතාන්‍ය කියයි

ඖෂධ, ආහාර හෝ එන්නත් වලට ආසාත්මිකතා දක්වන පුද්ගලයින් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබා නොගත යුතු බව එහි නිශ්පාදකයෝ පවසති.

එන්නත ලබාගත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනකුට ආසාත්මිකතාව ඇතිවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර තිබේ.

නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාර වලින් පසු මේවනවිට සුවයෙන් පසුවන බව බලධාරීහු පවසති.

මොවුන් දෙදෙනාටම ආසාත්මිකතාව සම්බන්ද බරපතල ඉතිහාසයක් ඇති බව ද පැවසේ.

ආසාත්මිකතාව ඇති අයට එන්නත ගැනීමෙන් පසු, රුධිර පීඩනය පහත වැටීම, හුස්ම හිරවීම හෝ සමේ බිබිලි මතුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කළහැකි නමුත් ඒවා මාරාන්තික නොවන බව ඖෂධ නියාමන ඒජන්සිය පවසයි.

ඖෂධ නියාමන ඒජන්සියේ ප්‍රධානී ආචාර්ය ජූන් රේන් පවසන්නේ, නව එන්නක් ලබාදෙන අවස්ථාවක මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි. මෙවැනි ප්‍රතික්‍රියා ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ෆයිසර්/බයෝන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යය පුරා රෝහල් සායන වලදී ලබාදීම ඊයේ ආරම්භ කළ අතර දහස් ගනනකට එන්නත ලබාදුන් බව වාර්තා වේ.

(බීබීසි ඇසුරිණි)

085



අදහස් (3)

ආසාත්මිකතා ඇති අයට කොරෝනා එන්නත ලබා නොගන්නැයි බ්‍රිතාන්‍ය කියයි

බද්රානි Wednesday, 09 December 2020 07:47 PM

කොවිඩ් බෙහෙත එහෙම ඒ අයට අසාත්මික වුණාට, ලංකාවේ කිතුල් පැණිය ගැහුවාම, කොරෝනාවට නෙමේ, මොන යකාටවත් බය නොහිතෙන ගතියක් ඇඟට දැනෙනවා කියලා තමයි ටිකිරි පැණිය බීපු ඇත්තෝ කියන්නේ, කාටද ආඩම්බර...?

:       5       12

senaThursday, 10 December 2020 08:05 AM

කිතුල් පැණිය නොවෙ ... මෙසන් පැණීය.... කොවිඩ් වලින් කොහොමත් මැරෙන්නේ 1% - 3% අතර ගාණක්... ඉතින් මොකා දුන්නත් මොකද? කොමිස් එක සාක්කුවට වැටෙනවා නම්...

:       3       4

Rasika Thursday, 10 December 2020 09:02 AM

ලෙඩා කැමැති නම් මෙ ඛෙහෙත් බොන්න, ප්‍රශ්නයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site