IMG-LOGO

ආලියාගේ සහ සිද්ධාර්ත්ගේ වෙන්වීම නිසා 'ආෂික්යූ' චිත්‍රපටයේ වැඩ නතර වෙලා

පසුගිය වසරේ හා මේ වසර මුලදී බොලිවුඩයේ ජනප්‍රියතම පෙම් යුවළ බවට පත් වූ ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ වනවිට විරසක වී ඇති පුවතක් බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ. මොවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව දැනට නිශ්චිතව අනාවරණය නොවන අතර, 'ලයිෆ් ඔෆ් බොලිවුඩ්' අඩවිය සඳහන් කරන්නේ පෞද්ගලික හේතුවක් මත මොවුන් දෙදෙනා මෙසේ වෙන්වීමට හේතුවී ඇති බවය. මොවුන් දෙදෙනාගේ වෙන්වීම නිසාවෙන් ඉදිරියේදී රූපගත කිරීමට සැලසුම් කර තිබූ 'ආෂික්‍යු' තුන්වැනි චිත්‍රපටයේ නිෂ්පාදක භූෂන් කුමාර් දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙන බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ආලියා හා සිද්ධාර්ත් දෙදෙනාගේ විරසකවීම හරහා සිය චිත්‍රපටයේ වැඩ කටයුතු අතරමග ඇනහිටිදෝ සැකයකින් ඔහු සිටින බවත්, තවමත් සිද්ධාර්ත් මෙන්ම ආලියාද මෙම චිත්‍රපටය එක් නොවීමට තීරණයක් ගෙන නොමැති හෙයින් වෙනත් නළුනිළියක් මෙම චිත්‍රපටයට සම්බන්ධ කර ගැනීමට නොහැකිව ප්‍රශ්න රැසකටද මුහුණ දී සිටින බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, 'ආෂික්‍යූ' අලුත් චිත්‍රපටය සඳහා සිද්ධාර්ත් මෙන්ම ආලියාද ගිවිසුම් අත්සන් කර නොමැති බවටද ඉන්දීය සිනමා පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ. 



අදහස් (0)

ආලියාගේ සහ සිද්ධාර්ත්ගේ වෙන්වීම නිසා 'ආෂික්යූ' චිත්‍රපටයේ වැඩ නතර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site