වර්තමාන දේශපාලන තත්වය යහපත් අයුරින් සිදුවන බවත් තව අවුරුදු හතරක් මෙම ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවත් වරාය නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම බද්දේගම අධිකරණ භූමියේ දී අද (20) කීවේය.
ඔහු මේ බව පැවසූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ වඳුරඹ මැතිවරණ වේදිකාවකට ගිනී තැබීයැයි කියන සිදුවීමට අදාලව වඳුරඹ පොලිසිය විසින් ගොනු කර ඇති නඩුවට සහභාගී වූ අවස්ථාවේය.
එම නඩුවට නීතිපති උපදෙස් ලැබී නොමැති නිසා ජූලි 18 වැනිදාට කල් තබන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
"අවුරුදු හතරකට ආණ්ඩුව හොල්ලන්න බෑ"
සුමිත්‍රා බස්නායක Monday, 20 June 2016 02:39 PM
එහෙමනම් තව හතරක් යනකම් බේරිලා ඉන්න පුළුවන් නේද............වාසි පැත්තට හෝය්යා කියන්නේ ඕකට තමයි. (බ)
අයිරා Monday, 20 June 2016 03:02 PM
මෙයාල කතා කරන්නේ කටින්ද මන්ද .මේයාල වගේ අයට ඡන්දෙ දෙන අපිට ගහන්න ඕන . අනික ඉතින් අපේ රටේ පාලකයො වැඩි දෙනෙක්ම ඉන්නේ මේ වගේ අයනෙ. (බ)
දුෂාරා Monday, 20 June 2016 04:05 PM
මේ බයට කියන කතා. කොහොම හරි එල්ලිලා ඉන්න ඕනේ (බ)
උපාලි Monday, 20 June 2016 10:38 AM
උසාවියේ ඉඳන් සාමහරු කියනවා ආණ්ඩුව හරි ශක්තිමත් කියල. පන්සල්වල ඉඳන් සමහරු කියනවා ආණ්ඩුව වැඩි දුර දුවන්නේ නෑ කියල. හරි අපුරු තැන් නොවැ අනාවැකි කියන්න මේ ගොල්ල තෝර ගන්නේ. (ර)
සමන් Monday, 20 June 2016 10:59 AM
එදා වැරදි නොකලානම් අද ඔය කරදර නෑ. අපේ රටේ මිනිස්සුන්ටයි වැරදුනේ. (ර)
ඩිල්ෂාන් Tuesday, 21 June 2016 12:35 PM
හිතාගෙන ඉන්නේ තව අවුරුදු 4ක් ඉන්න. ඉන්නකෝ හීන බලමින්... (නි)
සිසිර Monday, 20 June 2016 11:05 AM
අනේ මන්දා මේවට මොනා කියන්නද කියලා. (ර)
ප්‍රනාන්දු Tuesday, 21 June 2016 07:00 PM
60% ශ්‍රී ලාංකික මෝඩ ජනතාවක් සිටිනතුරු දේශපාලුවන්ට ගෙම්බන් මෙන් එහාට මෙහාට පැන පැන සිටිය හැක. නමුත් එම ක්‍රියාවට වැඩි ආයුෂ නොමැත (නි)
රත්න Monday, 20 June 2016 01:05 PM
අවරුදු හතරක් යන එකක් නෑ, ඔයා කලින් ආණ්ඩුවේ උන්න විදියට හසුරුනොත් ඊට කලින් සිරිසේන මහත්තයටත් යන්න වෙයි (බ)