IMG-LOGO

අලස්ගේ නඩුවේ අර්ථනිරූපනයක් ඉල්ලයි

යළි ඉදි කිරීම් හා සංවර්ධන ඒඩන්සියේ (රාඩා) සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ටිරාන් අලස්, එල්ටීටීඊ  මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානී   එමිල් කාන්තන් ඇතුළු පිරිසට අධිචෝනා බාර දෙනවාද නැද්ද යන්න   ඔක්තෝබර හය වැනිදා  තීරණය කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රකාශ කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට තමා අත්අඩංගුවට නොගන්නා ලෙස අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවත්, නඩුව සම්බන්ධයෙන් පවතින තත්ත්වයෙන්ම කටයුතු කරන ලෙස 2015 සැප්තැම්බර දෙවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පනවා අති බවත්, ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම මෙන්ම අධිචෝදනා බාර දීමද නීත්‍යනුකූල නොවන බවත් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතාවක් ගෙන එමින් කීවේය.

‘පවතින තත්ත්වයෙන් කටයුතු කරන ලෙස‘ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයේ අර්ථ නිරූපනයක් ලබා ගන්නා ලෙස දෙපාර්ශ්වයට නියෝග කළ විනිසුරුවරිය  එම අර්ථනිරූපනයෙන් පසු අධිචෝදනා බාර දීම ගැන තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළාය.

 



අදහස් (0)

අලස්ගේ නඩුවේ අර්ථනිරූපනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site