(මුදිතා දයානන්ද)
අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ගණන් පහත වැටී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
පිටකොටුවේ දේශිය ආනයනික අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 180 දක්වා ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා ද පහළ බැස ඇති බව දැකගත හැකි විය.
දේශීය අර්තාපල් මිලද රුපියල් 380 දක්වා පහත බැස ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේද ආනයනික අර්තාපල් කිලෝවක මිල මේ වන විට රුපියල් 220 දක්වා අඩුවි ඇත. ආනයනික අර්තාපල් මිල මීට සති දෙකකට පමණ පෙර පැවතියේ රුපියල් 230- 240 අතර සීමාවේය.
ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා පහත වැටි ඇති අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එය රුපියල් 170ක් ලෙස පැවතිණ.
ලංකා සතොස වෙළඳසැල්වලද ලූණු කිලෝව 165ක් ලෙස ලෙස අලෙවි වනු දැකිය හැකි විය. ලොකු ලූණු මිල මිට පෙර පැවතියේ කිලෝව රුපියල් 220- 240ත් අතරය. බොහොමයක් සුපිරි වෙළඳසැල්වල ආනයනික අල දැකිය නොහැකි අතර ඒවායේ පවතින්නේ දේශීය අර්තාපල් පමණ. එහි කිලෝවක මිල රුපියල් 560ක් ලෙස ප්‍රදර්ශනය කර තිබිණ.
පරිප්පු මිල ගණන්ද සැළකිය යුතු මට්ටමකින් පහත වැටි ඇත. මේ වන විට පරිප්පු කිලෝව රුපියල් 460ත් 480ත් අතර පවතී. ලංකා සතොසේ එය රුපියල් 485ක් ලෙස දැකගත හැකි විය.
වියළි මිරිස් කිලෝවව රුපියල් 1600ක් ලෙස පිටකොටුවේ අලෙවි වු අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානයේදී එය රුපියල් 1640ක් විය.
පිටකොටුව හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල සුදු සීනි කිලොම්ක මිල රුපියල් 300ත් 305ත් අතර පැවතිණ. ලංකා සතොසේ සුදු සීනි කිලෝව රුපියල් 298කට මිලදී ගත හැකිය. එහෙත් සුපිරි වෙළඳසැල්වල තවමත් සීනි මිල ගණන් පවතින්නේ කිලෝව රුපියල් 356ත් 359ත් අතරය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අර්තාපල්,ලොකුලූණ සහ පරිප්පු මිල යළි පහතට