
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (06) කොළඹ අගරදගුරු මැදුරේදී මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරු තුමන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත විය.
මේ වන විට රටේ පුළුල් සමාජ අවධානයට හා කතිකාවට ලක්ව ඇති අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්රයේ වත්මන් කටයුතු සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව
අගරදගුරු තුමන් දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ විය.
මෙහිදි මෙම ක්ෂේත්රයන්හි පවතින වත්මන් අභියෝගවලට විසඳුම් ලබාදීම, අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජනතාවට ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටු කිරීම අරමුණු කරගෙන රජය මේ වන විට ගෙන ඇති සාධනීය පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපල දීර්ඝ විස්තරයක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් පාස්කු ප්‍රහාරය අවුරුදු හතක් තිස්සේ කිසිම ලැජ්ජාවක් නැතුව විකුණාගෙන කන මේ නාකි උන්දැගෙන් අහලා ඔය වැඩ ටික කරන්න ඕන.. පල්ලියේ ආණ්ඩුවනේ... මරු රටක් ඕයි මේක
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරයා සහ නීති කෙටුම්පත් සම්පාදකයා අගරදගුරුතුමන් බව අපි සිතුවෙමු. එබැවින්, ජනතාව රවටන්නේ කෙසේද යන්න පිළිබඳව රජයට උපදෙස් දීමට එතුමන්ට හැකි විය යුතුය.