“මේ රටේ වගේ අට ගුණයක විශාල මුහුදක් අපට තිබෙනවා. මේ මුහුදේ මත්ස්‍ය සම්පත බහුලයි. විදේශ විනිමය ඇතුළු අපට මෙයින් විශාල ආදායමක් ලැබිය හැකියි. දෙලක්ෂයක ධීවර ජනතාවක් ජීවත්වන්නේ ධීවර කර්මාන්තයෙන්. මේ සියල්ල නියාමනය කළ යුත්තේ ධීවර සංස්ථාවයි. එහෙත් එය සිදු වූයේ නැහැ. ඒ නිසා අතීත පාඩම් ඉගෙන ගෙන ධීවර සංස්ථාව රැකගෙන ඉදිරියට යා යුතුයි” යැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසීය.
ධීවර අමාත්‍යාංශය, ධීවර සංස්ථාව ඇතුළු අනුබද්ධිත ආයතනවලට පසුගිය කාලය පුරාවටම අත්තනෝමතික ලෙස පත්වීම් සිදු කළ බවත් දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලාභ ලැබිය හැකි ව තිබූ ආයතනයක් පාඩු ලබා වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘අතීත පාඩම් ඉගෙනගෙන ධීවර සංස්ථාව රැකගත යුතුයි‘
ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 02 August 2016 04:19 AM
වටේම තියන මුහුදේ නිකම් අල්ලා ගන්න පුළුවන් මාලු ටික අල්ලාගෙන විකුණලා ලාබ ගන්න බැරි නම් වෙන මොනවද කරන්න පුළුවන් (බ)
ඇසළ Monday, 01 August 2016 04:25 PM
ධිවර අමාත්‍යංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දුන්නනම් වැඩේ ඉවරයි. රැක ගැනීම කෙසේ වෙතත්..(රේ)
එ්.සමන්ත Tuesday, 02 August 2016 10:37 AM
දැන් ඉන්දියන් ධීවරයින්ට ලංකාවේ මුහුදු තීරයේ නිදහසේ මාලු අල්ලන්ට ඉඩ දීලා තියෙනවා (හේ)
ජි නන්දන Tuesday, 02 August 2016 05:52 AM
අට ගුණයක විශාල මුහුදක් තිබෙන අපි තායිලන්තෙන් මාලු ගෙනත් මීගමුව හලාවත මාර්කට් එකේ විකුනනවා (බ)
වසන්ජය Monday, 01 August 2016 09:30 PM
නැහැ ඉන්දියාවට ළඟදීම ඒක බාර දේවි (අ)
දුෂාරා Tuesday, 02 August 2016 07:07 AM
හැම එකම ඔහොම තමයි. දේසපාලුවෝ රට කනවා 1960 ඉදලම (බ)