IMG-LOGO

අඩි 25ක් උස තාප්පය පෙදරේරුවන් දෙකක් බිලිගනියි

(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය නගර ආසන්නයේ කොන්ක්‍රීට් තනමින් සිටී පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟට අඩි 25ක් උස තාප්පයක් අද (16) සවස කඩා වැටී පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.

නුවරඑළිය නගර ආසන්නයේ වැඩබන් පාර පරණ කච්චේරිය අසල නිවසක 9 දෙනෙකුගෙන් යුතු පෙදරේරු වෘත්තිකයින් කණ්ඩායමක් තාප්පයක් හදමින් සිටියදී එහි යාබදව කොන්ක්‍රීට් අනමින් සිටි පෙදරේරුවන් දෙදෙනා මතට තාප්පය කඩාවැටී ඇති අතර අනතුර සිදු වූ ස්ථානයේම එම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල ඇල්පිටිය වැලිහේන මත්තක ප්‍රදේශයේ පදිංචි පී.එම්.සී රුක්ෂාන් (23) සහ කේ.නිලන්ත (43) යන අය වෙති.

මෙම අනතුර පස්වරු 04.00 ට පමණ සිදුවී ඇති අතර එම ස්ථානයෙන් සේවය කරමින් සිටි අනෙකුත් පෙදරේරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ  සහය ඇතිව කඩා වැටුණු තාපපයේ කොටස් සිරුරු මතින් ඉවත් කර පස්වරු 5.00ට පමණ වන මියගිය පුද්ගලයන්  දෙදෙනාගේ සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නුවරඑළිය පොලිසිය කටයුතු කර ඇත.

හෙට දින අධිකරණ වෛද්‍යවරයා වෙත දේහයන් ඉදිරිපත් කර  පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට සිරුරු රැගෙන යාමට නියමිත බව නුවරඑළිය පොලීසිය වැඩිදුරටත් පවසයි .



අදහස් (0)

අඩි 25ක් උස තාප්පය පෙදරේරුවන් දෙකක් බිලිගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site