(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර)
කොටි සංවිධානයේ ප්‍රධාන අවි ආයුධ සැපයුම්කරු සහ ජාත්‍යන්තර අංශයේ නායකයා වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීමට නියම කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය අද(4) නිශ්ප්‍රභ කළේය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සඳහන් කරමින් අභියාචනාධිකරණය අදාළ පෙත්සම නිශ්ප්‍රභ කළේය.
කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නමැත්තාට රටින් පිටවීම වළකාලමින් අභියාචනාධිකරණය මීට පෙර අවස්ථාවක අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි.
මෙම පෙත්සම ඇල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා, පොලිස්පතිවරයා සහ ආගමන විගමන පාලකවරයා නම් කොට ඇත.
කේ.පී. නමැත්තා මේ වන විට කිලිනොච්චිය ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන බවද ඔහු අත්අඩංගුවට ගෙන අදාළ අපරාධයන් සඳහා නඩු පවරන ලෙස මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර විජිත හේරත් මහතා කේ.පී. රටින් පිටවී පළායෑමට ඉඩ ඇති බැවින් ඔහුට රටින් පිටවීම වළකාළමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කේ.පීට එරෙහි පෙත්සම විසිවෙයි
darshana Monday, 04 December 2017 12:38 PM
රන්ජන් රාමනායක ඔබ කොහිද?
Hafeel Monday, 04 December 2017 01:20 PM
මරුනේ..., කේ.පී. ටත් යහපාලනේ වැඩකරනවා වගේ..