IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහ ඇමතිවරුන්ට සහ පිරිවරට රුපි: 30,000 ක තෑගි පාර්සලයක්

අනුරාධපුර දයාරත්න ඇඹෝගම

ලබන මස 06 වැනි දින හබරණ තරු හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන මහ ඇමතිවරුන් 08 දෙනා ඇතුලූ අනෙකුත් නිලධාරින් සදහා තැගි දිමට එක් තැගි පාර්සලයකට රුපියල් 30,000 වැය කර තිබේ. එවැනි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කර ඇත. මී පැණි බෝතලයක්, එළඟි තෙල් බෝතලයක් එකක් අත් යන්ත්‍ර සරම් එකක් අත් යන්ත්‍ර සාරියක් දේශිය සහල් වර්ග කිහිපයක්ද මෙම තැගි පාර්සලයට ඇතුළත්ව තිබේ.

දිවයිනේ සිටින මහ ඇමතිවරු පිරිස අට දෙනෙකි. එසේ වුවද තැගි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කොට තිබේ. කාන්තා මහ ඇමතිවරියන් නොසිටියද මෙම තැගි පාර්සලයට සාරියක්ද ඇතුළත් කර තිබේ.

උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ වි වගාවන් ඇතුලූ භෝග කන්න දෙකක් විනාශවි තිබේ. වගා හානි සදහා මාසිකව රුපියල් 10,000 ක් දෙන බවට රජය පොරොන්දු වුවද ගොවින් බොහෝ පිරිසකට එම මුදල් මෙතෙක් ලැබි නොමැති බව ගොවිහු පවසති.
උතුරු මැද පළාතේ ගොවි ජනතාව ඇතුලූ බොහෝ දෙනා මෙවර  අවුරුදු සැමරුවේ මහත් අසිරුවෙන් සොයාගත් සොච්චම් මුදලකිනි. එසේ තිබියදි උතුරු මැද පළාත් සභාව මෙම උත්සව දෙක සදහා රුපියල් ලක්ෂ 150 ක් වැය කිරිම ජාතික අපරාධයක් බව පළාත් සභාවේ උසස් නිලධාරිහු පවසති.

මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ගෙන් කළ විමසුමේදි ඔහු මෙසේ පැවසිය.
“රුපියල් ලක්ෂ ගානක් වියදම් කරනවා කියලා බොරුවටයි ප්‍රචාරය කරන්නේ. අපි ඉතින් සිංහල මිනිස්සුනේ. අපි ගාවට එන අමුත්තෙකුට සැලකිම චාරිත්‍රයක් නේ“

“තැගි පාර්සලේ මුතු මැණික් නෑ. අපේ පළාතේ මී පැනි බෝතලයක් වස විෂ නැති හාල් ටිකක්නේ දෙන්නේ. ලංකාවේ හැම පළාතකම තියෙන මහ ඇමති රුස්විම් වලත් ඔය විදියටම තමයි කටයුතු කරන්නේ“ යැයි ප්‍රධාන ලේකම්වරයා පැවසිය.



අදහස් (14)

මහ ඇමතිවරුන්ට සහ පිරිවරට රුපි: 30,000 ක තෑගි පාර්සලයක්

පිටිගල මිලානෝ Thursday, 20 April 2017 07:04 PM

ඔය පාර්සල් ටික මීතොටමුල්ලේ අසරණයන්ට බෙදලා දෙන්න.

:       0       0

siri Thursday, 20 April 2017 08:59 PM

මෙයාලට කන්න ඕනේ වෙනකොට "කබරගොයත් තලගොයා කරගන්නවා"

:       0       0

Lanka Perera Thursday, 20 April 2017 09:52 PM

ඔය ටිකට තිස්දාහක් ....මේ නිලධාරින් හොදට සල්ලි ගහනවා වගේ.

:       0       0

Susil Thursday, 20 April 2017 09:58 PM

දේශපාලුවනේ බැහැපල්ලා පොලොවට, තවත් කුණු නොවී පොලොවේ ඇවිදපල්ලා, ඔය සල්ලි අර අහිංසක මිනිස්සුන්ට දීපල්ලා....

:       0       0

sanju Friday, 21 April 2017 02:36 AM

අපේ රටේ මිනිස්සු කවද මේක තේරුම් ගනීවිද මන්ද. අපේ දේශපාලකයෝ හොරු. ඒගොල්ල මිනිස්සුන්ව මරල හරි සල්ලි ගන්න පුළුවන් සෙට් එකක්. එහෙම නැති කෙනෙකුට ඔතනට යන්න බැහැ මොකද මේ හොරු හොඳ කෙනෙකුට උඩට එන්න දෙන්නේ නැහැ. බැරිම නම් මරල හරි දානවා.

:       0       0

Pradeep Liyanage Friday, 21 April 2017 02:43 AM

දිකිරට බළල්ලුත් සාක්කි කිව්වලු. අමුත්තන්ට සැලකීම ඉතාම හොද දෙයක් තමයි ලේකම් තුමෝ. ඒත් පළාතේ තමන්ගේම ජනතාව කුසගින්නේ ඉන්නකොට කොහොමද අමුත්තන්ට ඇත දිගහැරලා තෑගිදෙන්න හිතෙන්නේ? අනික 8ක් වන මහා ඇමති ගණනට පාර්සල් 50ක් මොකටද. ඒ අතරේ තමන්ට සහ තම තමන්ගේ හෙන්චයියලාටත් බෙදාගන්නද කල්පනාව.

:       0       0

priyan Friday, 21 April 2017 02:44 AM

කියන්න නැ වචන නැහැ.. සේරම කරන්නේ මහජන මුදල් නාස්තිකිරීමයි. කොටසක් වාහන ගන්නවා. සමහරු බෙදාගන්නවා..මහ ජනතාව ගැන හොයන්න එකෙක් නැ..මහ මොළ කාරයොත් කියාගෙන අවේ ඕකටද? අපි බදු ගෙවනවා උන් සැප විදිනවා..කගේ කාගේත් අම්මල හොදින් ඉන්නවා ඇතිනේ..

:       0       0

himal Friday, 21 April 2017 03:18 AM

තෑග්ගට දෙන හාල් ටික, මී පැණි ටික ඒ පැත්තේ ගොවීන්ගෙන් ගන්නවා නම් , අත් යන්ත්‍ර රෙදිත් ඒ පැත්තෙම රෙදි වියන සුළු පරිමාණ කර්මාන්තකරුවෙක්ගෙන් ගන්නවා නම් ගැටළුවක් නෑ.

:       0       0

kalpa Friday, 21 April 2017 03:22 AM

අපායට යන්න ඕනෑනම් නුඹට කරපන් මහ ඇමතිකම එක දවසකට කියල පරණ කියමනක් මම අහල තියෙනවා

:       0       0

aruna Friday, 21 April 2017 04:29 AM

අනේ දෙන්න. අපේ සරල ජනදිපතිතුමාටත් දෙන්න! සුබ අලුත් අවුරුද්දක් වේවා! අපි බදු බර උහුලගන්නම්!

:       0       0

yamuna Friday, 21 April 2017 04:31 AM

එහෙනම් රත්නපුරේ තියෙන සමුළුවේදී මැණික් පාර්සලයක් ලැබෙයි.

:       0       0

arunalu Friday, 21 April 2017 04:54 AM

මේ ගොල්ලෝ කරන වැඩවල මෙලෝ රහක් නැහැ... හරි නම් දෙන්න ඕනේ පුන්නක්කු පාර්සල්...

:       0       40

chami Friday, 21 April 2017 07:24 AM

කුණු පාර්සලයක් දෙන්න ඕනේ කන්න...

:       14       16

mahee Friday, 21 April 2017 07:56 AM

ඇත්තනේ. කෝටි හතරක, පහක වාහනයක් දීල තියෙන කෙනෙකුට ලැජ්ජා නැතුව පොඩි තෑග්ගක් දෙන්නද කියන්නේ? හොඳයි කියමු බලන්න, වස විස නැති හාල් කිලෝ එකක් රුපියල් දාහක් දෙදාහක් නෙමෙයිද? ප්‍රධාන ලේකම් කියන්නේ ඇත්ත....

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 34 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 322 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 404 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 70 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 536 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1522 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site