IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 23කට පසු මරණ දඬුවම ප්‍රකාශයට

 
(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක අජන්ත ලියනගේ මහතාගේ පියා සිය නිවසේ නිදා සිටියදී ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් වසර විසිදෙකකට පසු යළි ලංකාවට පැමිණ සිටියදී අල්ලා ගනු ලැබු විත්තිකරුට නියම කොට තිබු මරණ දඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප‍්‍රකාශයට පත් කළේය.

විත්තිකරුට මීට වසර 23කට ඉහතදී මරණ දඩුවම නියම කොට තිබුණත් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවී සැඟව සිටීම නිසා එම මරණ දඬුවම ප‍්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොතිබිණි.

මෙලෙස මරණ දඬුවම නියම  කෙරුණේ වෑකඩ විතානච්චිගේ පේ‍්‍රමසිරි නැමැති අයට වේ.

එවකට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරු චෝදනාවන්ට වරදකරු කර මරණ දඬුවම නියම කොට ඇත්තේ 1994 මාර්තු මස 15 වැනි දා බව දැනුම් දුන්නාය.



අදහස් (6)

වසර 23කට පසු මරණ දඬුවම ප්‍රකාශයට

mahee Friday, 03 November 2017 07:59 AM

නීතියේ හස්තය හරි දිගයි සමහර වෙලාවට, අපට ඒකට නම් සතුටුයි.

:       0       24

rohana kumara mendis Friday, 03 November 2017 10:15 AM

වැඩක් නැහැ. රටට සාමය උදා වෙන්නේ මිනීමරුවෝ නැති වෙන්න නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනෑ. නමට එල්ලුම් ගස් යවලා වැඩක් නැහැ. ඔය සේරම ටික දවසකින් එළියේ. අද බලන්න පත්තර එහෙම. හැමදාම මිනී මැරුම්. ගෙවල් වලට ගිහින් මරනවා බය නැතිව රටට ගිය කලක්...

:       0       54

paliFriday, 03 November 2017 12:41 PM

ගිරුවායේ දේශපාලනය දාමරික කම්වලින් පිරිලයි තිබුණේ... විශේෂයෙන්ම මෑත යුගයේ අයගේ හැසිරීම පහත් කොට නොසළකා ඉවසීමත් තංගල්ල විදේශිකයාගේ මිනීමැරීම මෙන්ම, ඔහු ගේ අතීත දේශපාළන ඉතිහාසයමත් මැරකම්, මැරයින් එකතු කරගැනීම ඔවුන් ඉවත් කර දැමීම මේවා සාමාන්‍ය දේවල් වුණා. අනිත් පැත්තෙත් දේශපාලන මැරයින්ගෙන් අඩුවක් වුණේ නැහැ. ඔවුන් එල්ලුම් ගසට එරෙහි වුණේ තමන් වෙනුවෙන් අපරාධ කලවුන්ට දඬුවම් ලැබීමට ඇති ඉඩ වසා ගන්නයි. දැන් සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නැවත එල්ලුම් ගස නීතිගතකර අපරාධ අඩුකිරීමට අවකාශ තියෙනවා.

:       0       4

පිටිගල මිලානෝ Friday, 03 November 2017 11:27 AM

මේ මෝඩයා මොකටද ඉතාලියේ ඉඳලා ලංකාවට දැන දැනම ගියේ?

:       340       7

අසෝක ජයතිලක මිලානෝ Friday, 03 November 2017 01:50 PM

පිටිගල අයියේ මෙයා ලංකාවට ගියේ ඉඩමක් මිලදී ගන්න. මෙයාව ආශ්‍රය කල අපිවත් දන්නේ නැහැ මෙයා මෙසේ මිනීමැරුම් චෝදනාවකට ලක්වෙලා කියලා. දවස් දෙකෙන් ආපහු එන්න ගියේ නමුත් කවුරු හරි ඔත්තුවක් දීලා. ගම්පලාතකට නොගිහින් කොළඹලු හිටියේ. මම හිතන්නේ ඔත්තුව මෙහෙන් ගිය එකක්. පොලිස් ඇසට වැලි ගහලා බේරෙන්න අමාරුයි.

:       0       6

Ranasiri Saturday, 04 November 2017 03:02 AM

මොන මෝඩයෙක්ද? මෙපනකල් ඉතාලියේ හොදින් හිටියනම් ඉතිරි කාලයත් ඉතාලියේම ඉන්න පුලුවන්නම් මොකටද ලංකාවේ ඉඩම්?

:       0       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 121 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 117 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 540 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 439 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 160 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1596 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site