IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 12කින් තිරසාර රටක්

 

විනීතා එම් ගමගේ

 

         

තිරසාර සංවර්ධනය සඳහා වූ තිරසාර වැඩපිළිවෙළ සහිත ‘‘තිරසර දැක්ම කෙටුම්පත ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (7) පස්වරු 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.

 

ශ්‍රී ලංකාව 2030 වසර වනවිට තිරසාර සංවර්ධනය ළඟාකර ගත් රටක් බවට පත්වීමට අවශ්‍ය මුලික පියවර මෙම කෙටුම්පත යැයි ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.

 

මෙම කෙටුම්පත පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ අදහස් පළ කළේය.

         

ආර්ථිකය, පරිසරය, සමාජය යන අංශ තුන යටතේ මෙහි කරුණු අඩංගු වන අතර ඒ සඳහා යෝජනා අදහස් ඉදිරිපත් කරන ලෙස සමාජයේ සියලූ පාර්ශව වලට ආරාධනා කරන බව ද ලේකම්වරයා කීය.

         

අදහස් සියල්ල ලබා ගැනීමෙන්  පසු පනත සකස් කරන අතර පසුව ජාතික තිරසර  ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන බවත් කවර ආණ්ඩුව පැමිණියත් ඉදිරියට ක‍්‍රියාත්මක කරන අන්දමින් මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

 

මෙම වැඩපිළිවෙළ ආරම්භ වීමට මූලිකත්වය දරන්නේ 2015 දී එක්සත් ජාතින්ගේ සම්මේලනය අමතමින් ජාතික තිරසාර ප‍්‍රතිඥාව ලබාදීමෙන් යැයි කී සෙනෙවිරත්න මහතා එම සම්මේලනයේ දී ලෝකයම තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ප‍්‍රතිඥා දුන් බව ද පැවැසීය.

 

එහි පළමු  පියවර ලෙස තිරසාර සංවර්ධන අමාත්‍යංශය ආරම්භ වූ බවත් පසුව ක‍්‍රමානුකූලව ඉදිරියට ආ මෙම වැඩපිළිවෙළ අනුව මේ වනවිට පනත සඳහා කෙටුම්පතක් සැකසුණු බවත් හෙතෙම සඳහන් කළේය.

 

මෙම පනත සඳහා වූ කෙටුම්පත විද්වතුන් 43 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් සකස් කළ එකක් වන අතර එය අද සියලූ පාර්ශව ඉදිරියේ ඉදිරිපත් කරන බවත් ජනාධිපති ලේකම්වරයා කීය.

 

ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ දී අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මන්ත‍්‍රී කණ්ඩායමක් ද  පත්කරනු ලැබ ඇත.

 

මෙම තිරසාර දැක්ම සඳහා වූ වැඩපිළිවෙළ අධික්ෂණය සඳහා පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව වේ.

         

ජාතික තිරසර කතිකාව පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා අද සිට කටයුතු කරන බවවත් සෑම පළාතකම අයෙකුගේම අදහස් දැන ගැනීමට විදවත් කමිටුව බලාපොරොත්තු වන බවත් වෙබ් අඩවිය, ෆේස් බුක් ට්විටර් ගිණුම හා ඍජු  තැපැල් හා දුරකථන අංක ඔස්සේ අදහස් යෝජනා ලබාදිය හැකි බවත් ජාතික තිරසර කතිකාව සකසන විද්වත් කමිටුව කියයි.

           

 



අදහස් (15)

වසර 12කින් තිරසාර රටක්

saman Sunday, 05 August 2018 10:28 AM

අනේ හා .. ඔයාලා කියන කියන ඒවා පිළිගන්න අපි හරක්, දින සියයෙන් නේද අලුත් රටක් හදන්න ආවේ? අනේ මගේ කට...

:       633       651

Senarath Sunday, 05 August 2018 10:30 AM

මේ වසර තුන හමාරට රටට කරපු විනාසේ හොඳටම ඇති. ඩොලරය රුපියල් 133 සිට 163ට ගිහිල්ලා, සංවර්ධන වේගය 7% සිට 3.6% ට අඩුවෙලා, හාල් පොල් රටින් ගේන්න වෙලා. 2015දී පිටරට රැකියා කරන ඉංජිනේරුවන්, ඇතුළු උගතුන්ට අපේ රටට එන්න කියලා ආරාධනා කළා. ඇවිල්ලා මොනවා කරන්නද? කව්ද ආවේ? දැන් තමා මෙයාලට අදහස් ලබාගන්න මතක් වෙලා තියෙන්නේ. තව අවුරුදු 12ක් ඉන්නද කල්පනාව... හරි නායකයෙක් බලයට එන්න කලින් තමන්ගේ සැලසුම් හදාගෙන ඒවා උගතුන් සමග සාකච්ඡා කරලා, ඒ මත තමන්ගේ වැඩපිළිවෙල රටේ ජනතාවට ප්‍රකාශයට පත්කරලා ඡන්දෙ ලබාගන්නේ... මෙයා අනුන්ගේ පොතක් බලාගෙන කියවලා දැන් කියනවා එක මගේ නෙමෙයි කියලා.. කව්ද එ්ක හැදුවේ කියලා තමන් දන්නේ නැහැ කියලා. මෙහෙම විහිළු කාරයින්ට මිනිස්සු ආයෙත් ඡන්දෙ දේවිද?

:       166       1036

himalMonday, 06 August 2018 05:06 AM

රටක ණය සේවාකරණ අනුපාතය රටේ රාජ්‍ය ආදායම ඉක්මවද්දී රටේ විනිමය අනුපාතය ක්ෂය වෙන එක පුදුමයක් නොවේ. ඔබ ඔය කියන ඩොලරය අඩු මට්ටමක තියන්න නම් මහ බැංකුව තමන්ගේ විදේශ සංචිත නිකුත් කරන්න ඕනෑ. ඒකෙන් වෙන්නේ රටට හදිසි ආනයනයන් වෙන ඖෂධ, ඛනිජ තෙල් වැනි දේ ආනයනයට බාධා වෙන එක. අනෙක් අතට දරුණු ගෙවුම් ශේෂ ගැටළු එන්න හැකියි. සංවර්ධන වේගයක් කියා දෙයක් නෑ. ඔබ එය ගණනය කරපු ආකාරය හා මූලාශ්‍රය පෙන්වන්න. ඔබ තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියාවත් නොදැන තවමත් අවසන් නොකළ පණතක් විවේචනය කරන්නේ කොහොමද?

:       0       0

sirimal Sunday, 05 August 2018 10:38 AM

වසර දොළහ කොහොම වුණත් ඉදිරි වසර දෙක හමාර අහවරක් වෙනකල් පන ගැටගහගෙන ඉන්න ලැබුණොත් ලොකු දෙයක්. අපි නෙවෙයි කියන්නේ. "කොන්ද පණ නැති ආණ්ඩුවක්" කියලා කියන්නේ මංගල සමරවීර. "පතෝල බණ්ඩක්කා" කියලා කියන්නේ පූජ්‍ය අමිල හිමියන්. ඉතින් අර ගේට්ටු වහලා බැරි වුනොත් අවීචි මහා නරකාදියට ගිහිල්ලා හරි දුෂිතයන්ට දඬුවම් දෙනවා කියපු කතා දැන් වමාරන්න වෙන තත්වයක් ඇතිවෙලා කියලා ඔය වටේට ඉඳගෙන ආණ්ඩුවේ සල්ලි ගිලින උපදේශක බක පණ්ඩිතයෝ කියල දෙන්නේ නැද්ද? ඒකාබද්ධයේ රාජපක්ෂ සහෝදර සමාගම සහ ගෝලබාලයන් අතර ගැටුම දැන් කරමුලටම පැමිණ තිබෙන එකේ ඒ ජනබලය පරදවන්න මොකක් හෝ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු යැයි පෙනෙන්නේ නැද්ද? යහපාලන ආණ්ඩුව හතර දෙසින් ආරම්භකළ සංවර්ධන වැඩසටහන් හමුවේ තිගැස්සී සිටින එ්කාබද්ධය කෝකටත් තෛලය ලෙස භාවිතා කරන "ජාතික සම්පත් විකිණීම, රණවිරු දඩයම, ආර්ථික පසුබෑම, අධ්‍යාපන කප්පාදුව බදු" වැනි සටන් පාඨ මුල් කරගනිමින් මහජන සිත් එක්තැන් කර ගැනීමට සමත්ව ඉන්නා බවක් පෙනෙන්නට තිබියදී ආණ්ඩුවේ කිසි වැඩපිළිවෙලක් ජනතාව අතරට ගෙන යන්නට ඇති ඉඩ අහුරමින් බේගල් පතුරුවන මාධ්‍ය මේච්චල් නොකලොත් වෙන්නේ " සොරිම සොරි ඩොට් කොම්" තමයි ඉතින්.

:       1171       1162

tommy Sunday, 05 August 2018 10:46 AM

මට නිකම් රැකියා දශලක්ෂය මතක් වුණා.

:       106       228

සේනක Sunday, 05 August 2018 10:46 AM

ජනාධිපතිතුමනි, වසර දොළහක ස්ථිරසාර සංවර්ධනය කරන්න කලින් මේ අවුරුද්ද ඇතුළත කරන්න පුළුවන් දෙවල් ටිකක් කරලා පෙන්නන්න. ඔබතුමාලාට තවත් රට විනාශ කරන්න බලයක් දෙන්න තරම් රටේ ජනතාව මොඩයෝ නෙමෙයි. මේ කාලය ඇතුළත රටට කරපු වින්නැහිය හොඳටම ඇති. දැන්වත් ඉන්න ටික කාලයට රටේ යහපතට කරන්න පුලුවන් වැඩක් කරලා ජනතාවට පව් නොදී ගියොත් හොඳ නැද්ද? ජනාධිපතිතුමනි, දැන්නම් පෙරහැර ගිහිල්ලා ඉවරයි. දැන්වත් කියවිල්ල නවත්තලා වැඩක්වත් කරමු.

:       1       559

de silva Sunday, 05 August 2018 01:08 PM

මේ බක පණ්ඩිතයෝ ටික ඔක්කොම එකතුවෙලා වාර්තාවක් හදාවි... එ්ක හදන්න කෝටි කිහිපයක් වියදම් කරාවි. එ්ක සුබ මොහොතින් ජනාධිපතිතුමාට දේවි. ඊට පස්සේ එ්ක ටික දවසක් එතුමාගේ මේසයේ තිබිලා කුණුකුඩයට යාවි... ඊට පස්සේ පිටකොටුවේ වෙළෙන්දෝ එ්කෙන් ගොටු හදලා කඩලා විකුණාවි...

:       73       237

Amila K. Atukorala Sunday, 05 August 2018 10:23 PM

මෙය ඉතා හොද වැඩක්! අදහස් කියවූ විට ලංකාවේ සාමාන්‍ය බුද්ධි මට්ටම ගැන හිතා ගැනීමට පුළුවන. කිසිවකු මෙහි වැදගත්කම අවබෝධ කර ගෙන නැත. පුදුම නොවෙමි.

:       42       27

SenarathMonday, 06 August 2018 03:49 AM

මේකට හේතුව රටේ ජනතාවගේ බුද්ධි මට්ටම නෙමෙයි, ජනපතිගේ නොහැකියාව සහ සැමදා බොරුවෙන් ගතකරන්න මානබැලිම. 2015දි මොනවද කිව්වේ " මට වැඩකරන්න දුන්නේ නැහැ " එත් එයාම කිව්වා වෙන්කළ මුදලින් මිලියන 800 ක් ඉතිරිවෙලා බාරදීපු එකම ඇමති තමන් කියලා.

:       0       6

Perakum Monday, 06 August 2018 02:32 AM

ජනාධිපති වෙතටයි. මේ තමා අද රටේ පවතින සැබෑ ජනමතය. හොඳින් අවබෝධ කරගෙන රට වෙනුවෙන් යමක් කරන්න බලන්න.

:       189       120

samankMonday, 06 August 2018 04:38 AM

අවුරුදු තුනක් තිස්සේ ඔය කියන ජනාධිපති කොහෙද හිටියේ දන්නේ නැහැ නේද?

:       0       65

nimal Monday, 06 August 2018 03:37 AM

තවත් මාධ්‍ය සංදර්ශනයක්.

:       0       1

Vineetha Monday, 06 August 2018 04:37 AM

මාසෙන් මාසෙට තිරසාර සංවර්ධන වැඩපිළිවෙල්. අවුරුදු 50ක් ගියත් කියයි තව අවුරුදු 50කින් නව තිරසාර වැඩපිළිවෙල් කියලා.

:       0       3

Sunil Monday, 06 August 2018 05:25 AM

පහුගිය අවුරුදු තුනට ඒ තිරසාර සංවර්ධනයේ එක අංශු මාත්‍රයක්වත් දකින්න නැති කොට මේ හදන්නේ අපිට දවල් හීන පෙන්නන්න වෙන්න ඇති. දැන් ඉතින් අපි රැවටුණු කාලේ ඉවරයි.

:       0       4

Ananda Monday, 06 August 2018 06:26 AM

වසර 12ක් ඉන්න ඕන නැහැ. දැනටම රට අපායක්.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 124 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 335 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 832 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1122 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 389 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 184 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site