( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව ගියේය
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා , විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ පළාත් පාලන අමාත්‍ය.ෆයිසර් මුස්තාෆා ඇතුළු කණ්ඩායමක් ජිනීවා බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මණ්ඩලයක්ද සහභාගී වුහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර එය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.
ඒ අනුව එළඹෙන 21 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඔහුගේ වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වාර්තාවට ප්‍රථම වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසාරිස්වරයා පවසා සිටියේ මෙරට වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමක් කළ යුතු බවයි.
කෙසේවෙතත් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් දැක්වීමට නියමිතව තිබේ.
මේ අතර මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව අද දිනයේ සම්මත කර ගැනිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
සෑම වසර 05කට වරක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193හිම මානව හිමිකම් තත්ත්වය කාලාන්තර වශයෙන් සාමාලෝචනය කරන ක්‍රියාවලිය විශ්ව කාලාන්තර සාමාලෝචනය ලෙස හදුන්වනු ලබයි.
2007 වසරේදී මෙම විශ්ව කාලාන්තර සාමාලෝචනය හදුන්වාදී ඇති අතර මේ දක්වා පූර්ණ සාමාලෝචන වට දෙකක් පවත්වා තිබේ.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලක් දූත පිරිස 37 වැනි මානව හිමිකම් සැසියට පිටත් වෙති
chanduli lehansha Monday, 19 March 2018 11:27 AM
ආණ්ඩුවට බිල් දාලා විතරක් එන්න එපා. රට වෙනුවෙනුත් යමක් කරලා එන්න. සුබ ගමන් !!!.
uddika Monday, 19 March 2018 11:31 AM
වැඩක් නැහැ. අපේ සල්ලි වලින් ගිහින් රවුම් ගහලා එයි. එච්චරයි වෙන්නේ. අඩු ගානේ අහන දෙයකටවත් කොන්ද පණ ඇතුව උත්තර දෙන එකක්යැ..
සනත් ඉතාලිය Monday, 19 March 2018 12:07 PM
මේ අය එනකොට පෙරහැර ගිහින්... යුරෝපයේ සිටින ශ්‍රී ලාංකික අපි නම් ඊයේ අපේ විරෝධතාවය දක්වලා අපිට ලබාදුන්න පැය තුනක කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...