(ඩයනා උදයංගනී)
බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එමෙන්ම මෙම බීර මිල අඩුකිරීම දරුවන් හා කාන්තාවන් මත්පැන්වලට යොමුකිරීමේ පියවරක් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉලෙක්ට්‍රික් බස්රථ පොදු ප්‍රවාහන සේවයට හඳුන්වාදීම ද ප්‍රායෝගික පියවරක් නොවන බව ඇමතිවරයා කීවේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය
maatharayaa Saturday, 11 November 2017 06:26 AM
රජයේ ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍ය නම් නීති විරෝධී කරුණු මත දඩ 100% කින් සහ මත කුඩුද 200% කින් වැඩි කරන්න. බීර මිල අඩුකලොත් හොඳයි. මංගල ඇමති තුමාට මොලේ තියෙනවා.
ලුම්බිණි Saturday, 11 November 2017 06:47 AM
බීර මිල අඩු කලාම සැර මත්පැන් පානය අඩු වෙන බව අවබෝධ නැති බවකුයි පෙනෙන්නේ. පොඩ්ඩක් මේ ගැන පල කරපු පර්යේෂණ කියවලා බැලුවා නම් හොඳයි.
bamunuarachchiSaturday, 11 November 2017 07:38 AM
මෙතන අදහස් දමන්නේ මාසයකට සැරයක්වත් අඩියක් ගහන අය බවට පෙනෙන්නේ නැත. මම දිනපතාම බ්‍රැන්ඩි ෂොට් එකක් ගනිමි. එය මගේ සරීර සෞඛ්‍යයට හොඳ පැත්තට බලපාන දෙයකි. බ්‍රැන්ඩි හෝ විස්කි ෂොට් එකකින් ලබන ඒ ආස්වාදය බීර වලින් ලබන්න බැරිය. දාඩිය දාන වෙලාවක තිබහට බීර බෝතලයක් බීවාට බීර හොඳ කාලය කා දමන්ටය. කොහොම වුණත් ලංකාවේ බ්‍රැන්ඩි කියා හෝ විස්කි කියා හෝ බොන්නේ පිටරටින් ගෙනත් දෙන එතනෝල්ම තමා. මේ කාලකන්නි මතට තිත කියා හම්බකරන්නේ අපි බොන සැර බීම ටිකෙනි.
bamunuarachchiSaturday, 11 November 2017 07:50 AM
දන්න දෙයක් කතා කරන්න. " බීර මිල අඩු කලාම සැර මත්වතුර පානය අඩු වෙනවා" මෙයා බීර බීලත් නැහැ.. සැර මත්පැන් බීලත් නැහැ.
aseSaturday, 11 November 2017 09:21 AM
මොන ඩිස්ලයික් දැම්මත් මා ඔබත් සමගයි !!
sathyapalaSaturday, 11 November 2017 09:16 AM
අනේ ලුම්බිණි නොදුටු මොක්පුර. සැර වැඩි එකෙයි සැර අඩු එකෙයි දෙකේම තියෙන්නේ වැඩි සහ අඩු ප්‍රතිශත වලින් ඇල්කොහොල්. ඉස්සර වැඩ ඇරිලා ගෙදර යන ගමන් හිටගෙන අරක්කු කාලක් ගහල දරුවන්ට කන්ට හාල් පොල් ටික අරන් ගෙදරට යන මේසන් බාස් දැන් ඒ අරක්කු කාලේ තිබෙන ඇල්කොහොල් ටික ඇඟට ගන්න පැය 5-6 තිස්සේ බියර් බෝතල් 7-8 බීලා අරක්කු කාල වගේ දෙගුණයකුත් ගෙවලා රෑ දොළහට ගෙදර යනකොට දරුවොයි බිරියයි හාමතේ බුදි.
daham Saturday, 11 November 2017 06:50 AM
මේ බයිලා කිව්වට අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න කොන්දක් නැහැනේ. ඔහෙටත් ඕනේ වරප්‍රසාද සහ ලාබ රැකගෙන ඊළඟ ඡන්දෙ වෙනකම් යන්න. ඊළඟ ඡන්දෙදි නම් කපෝතියි.
nishanath Saturday, 11 November 2017 07:15 AM
කටේ නරි වදන් රෙදි පල්ලෙන් බේරෙන්නේ වලිගෙ පාගගෙන නිතරම දඟලන්නේ කොන්ද කෙලින් නැත බොරුවට පුප්පන්නේ මරිසි එපා ඔබ කව්දැයි අපි දන්නේ
MuhanSaturday, 11 November 2017 07:51 AM
මෙම ආණ්ඩුවේ ඇමතිවරු තරගෙට ආණ්ඩුවේ වැඩවලට විරුද්ධ වෙනවා. මම සුදනා කියලා පෙන්නන්න.
ramani Saturday, 11 November 2017 06:55 AM
බීර මිල අඩුකරන ගමන් පන්සිල් පද පහත් හතරට අඩු කරනවාද? පස්වැනි සිල් පදය අයින් කරලා. අනේ මන්දා මේවා කරලා කොහොමද තමන් බෞද්ධයෝ කියලා කියාගන්නේ?
ase Saturday, 11 November 2017 06:56 AM
ඇමතිතුමෝ අපේ විශාලම වායු දූෂණ එන්නේ ඉන්දියාවේ බස් වලින් නේද? ඉතින් ඒවා වෙනුවට වෙන විකල්ප වලට යාමේ නුසුදුසුකම මොකක්ද? මහනුවර තත්වය ගැනේ ඔබ නොදන්නවා විය නොහැකියි.
SeneviratneSaturday, 11 November 2017 01:04 PM
ඇත්ත, මහනුවර වායු දූෂණය ඉතාම අධිකයි. මාලිගාව ලඟින් පාර අරින්න සූදානමක් තාම නැද්ද?
ජනක Sunday, 12 November 2017 02:45 AM
විදුලි මෝටර් රථ වල මිල අඩු කරනව කිව්වට බ්‍රෑන්ඩ් නිව් ඒවායේ විතරයි අඩු කරලා තියෙන්නේ . ඒනිසා බ්‍රෑන්ඩ් නිව් විදුලි මෝටර් රථයක් ගන්න ලේසි වෙන එකක් නෑ . මේ බජට් එක බොරු ඇස් බැන්දුමක් විතරයි . හරියට විදුලි මෝටර් රථ ලංකාවේ ජනප්‍රිය කරනවානම් අවුරුදු 1 ක් වත් පරණ විදුලි මෝටර් රථ ගෙන්වීමට අවසර දී ඒවාට බදු සහන දී ඒවායේ බැටරි ආරෝපණ මධ්‍යස්ථාන පුළුල් කල යුතුයි . අලුත් නිසාන් ලීෆ් විදුලි මෝටර් රථයක් බදු මොකුත් නැතුවත් රුපියල් ලක්ෂ පනහක් විතර වෙයි .
prakaash Saturday, 11 November 2017 07:20 AM
මෙයත් ඉන්නේ මංගලගේ ඔඩොක්කුවෙනේ. බොරු කතා වැඩක් නැහැ. ඇත්තටම බීරවලින් රටේ ජනතාවට අගතියක් මිස වැඩක් නැත. මේවා ජඩ පාලකයින්ගේ ජඩ වැඩ.
saman T Saturday, 11 November 2017 07:26 AM
පාඨලී, වෙනත් ශ්‍රමිකයන් හොයන අයට බදු ගැහුවොත් රජයේ ආදායම වැඩි වෙයි නේද? දන්නැති කමට අහන්නේ!!!
savanth Saturday, 11 November 2017 07:29 AM
මේ ගැන බෞද්ධ පමණක් නොවෙයි අනික් ආගමික නායකයනුත් මොකද කියන්නේ? සියලුම ආගම්වල මත්වතුර ගැන විරෝධයක් තිබෙනවා නේද? ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රජය මාරාන්තික ලෙඩින් පෙලෙන අයට සෞඛ්‍ය හේතු මත සිය දිවිය නිම කරගැනීමට අවසර දෙන පනත ගෙනාවම සියලුම ආගමික නායකයන් එකතුවෙලා ඊට සිය ආගම්වලින් විරුද්ධ වෙන හේතු පෙන්නුවා.
darshana Saturday, 11 November 2017 07:38 AM
මේක මේ ගමේ ගොඩේ කට්ටියගෙන් ජනප්‍රියත්වයක් බලාගෙන කරන හිස් ප්‍රකාශ... අපට නම් බියර් වල හරි ගාණ ටිකක් අඩුවෙනවා නම් හොඳයි.
bamunuarachchi Saturday, 11 November 2017 07:45 AM
මතට තිත තියන්න ඔච්චර අමාරුවක් තිබෙනවා නම් බොන අයට වයස සීමාවකදී බලපත්‍රයකට මත්වතුර නිකුත් කරන්නකෝ... එතකොට හැම කෙනාම බොන්නේ නම් නැත. මේ අයට එහෙම කරන්නත් බැරිය... එතකොට ආදායම නැතිවෙනවා නේ. අපේ ආසාවෙන්, පුරුද්දෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
bamunuarachchi Saturday, 11 November 2017 07:46 AM
වයින් ගෙදර සාදා ගන්න හැටි අන්තර්ජාලයෙන් බලා ගන්න.
bamunuarachchi Saturday, 11 November 2017 07:47 AM
"බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය" ඒ වුනාට ඉතින් අපි කොහොමද දන්නේ තව වෙන මොනවා බොනවද කියලා....
gobbaya Saturday, 11 November 2017 08:18 AM
ගාන අඩු වුණාම වැඩිපුර බොනවා. එතකොට රාජ්‍ය ආදායම වැඩි වෙනවා. ටිකිරි මොලේට තේරෙන්නේ නැහැනේ.
Roshan Saturday, 11 November 2017 08:19 AM
මෙයා කියන ඒවා ප්‍රායෝගික අවබෝධයක් නැතුව කියන ඒවා බව පැහැදිලියි. බීර මිල අඩු කිරීමයි, නීති විරෝධි මත්වතුර පාලනය කරන්න බැරි වෙන්නයිකොහොමද බලපාන්නේ... ඉලෙක්ට්‍රික් බස් ගැන ඒක කොච්චර හොඳද?
mallawaarachchi Saturday, 11 November 2017 08:27 AM
ගරු චම්පික ඇමතිතුමනි, ඔබ වැදගත් මහත්මයෙක් බව අපි දන්නවා. සාධාරණව හිතන්න එතනෝල් අරක්කු බොනවාට වඩා බීර බෝතලයක් ලාබෙට බොන්න තියෙන අයිතියට බාධා කරන්න එපා. පුලුවන් නම් රට බීම මිල 70%කින් අඩුකරන්න. අනෙත් කාරණය ඉක්මණින්ම පොදු ප්‍රවාහන සේවය වැඩිකරන්න. ඔබ තුමාට අයිති රාජකාරිය හරියට කළොත් අපේ රට ගොඩ ගත හැක. අපේ බලාපොරොත්තුව ඔබ මී ළඟ අගමැති වනවා දැකීමයි. ඉන්දියානු පරිසර අගතිගාමී බස් රථ සඳහා විකල්පයක් දාන්න.
hduias Saturday, 11 November 2017 08:34 AM
බමුනුආරචිචි මහතා කියන දේ හරි. බීර පමණක් නොව විස්කි, බ්‍රැන්ඩි, ජින් ඇතුළු රටබීම වල මිල අඩුකොට කුඩු ආශ්රිත වැරදි වල දඩය 500% කින් වැඩි කරන්න. මමත් බෞද්ධයෙක්. බොරු එපා... අපි මිනී මරන්නේ නැහැ. වෙනත් වැරදි වැඩ කරන්නෙත් නැහැ. පොඩි අඩියක් ගහනවා. ජරා එතනෝල් මිල තවත් වැඩි කළාට කමක් නැහැ.
BamunuarachchiSunday, 12 November 2017 01:59 AM
මට කටාර් රජයේ සිටින කාලයේ මත්පැන් පර්මිට් එක තිබුනා. ඉතා හොඳ නැපෝලිය බැරැන්ඩි ලීටරයේ බෝතලයක් ලංකා මුදලින් රපියල් 1200. මාසයකට ලීටර් 4 හොඳම ප්‍රමාණවත්.
nalaka uthuru kolanba Saturday, 11 November 2017 08:40 AM
කවුරු වුණත් මංගල ඇමතිතුමාට පොදු ජනයා ගැන අදහසක් තියෙනවා. බීර මිල අඩුකළ එක රටට හොඳයි. චම්පික ඇමතිතුමා ගැලරියට ගහන්න.
Tissa Perera Saturday, 11 November 2017 08:40 AM
බීර මිල අඩු කලාම එයින් වෙන්නේ මිල අධික සැර මත්වතුර වෙනුවට නීති විරෝධී "කසිප්පු"වැනි දෑ භාවිතා කිරීම අඩුවීමයි. සෑම අය වැයෙන්ම මත්වතුර බදු වැඩි කරන්නේ රජයේ අදායම වැඩිකරගන්න මිස මත්පැන් භාවිතය අවම කිරීමට නොවෙයි. පසුගිය අය වැයෙන් සිදුකල බදු වැඩි කිරීම නිසා අනුමත මත්පැන් වෙළෙඳාම 20% අඩුවුණා. නමුත් නීති විරොධී මත්පැන් වෙළෙඳාම 60% කින් වැඩිවෙලා. එ් නිසා රජයට අහිමි වූ ආදායම බිලියන 150 කට වැඩියි. නමට හා ලෝකෙට බෞද්ධකම් පෙන්වන අපේ රටේ මහා බෞද්ධයෝ තමන්ගේ ලබන රජයේ පහසුකම් ලැබෙන්නේ මෙවැනි බදුවලින් කියන එක දන්නේ නැතුව ඇති. බොරුවට කරන අයට වඩා රට ගැන සිතන අයට අගය කලහැකි අය වැයක්...
Prase Saturday, 11 November 2017 08:56 AM
චම්පික මහත්තයෝ නෙගටිව් විදිහට හිතන්න එපා... මීට වඩා යමක් කරන්න බලන්න. කතාව හැරෙන්නට වෙන කිසිම සැලසුමක් නැති පාටයි.
bamunuarachchi Saturday, 11 November 2017 08:59 AM
"බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය." අපට කුරුඳු පොල්ලකින් ගහල හරි අපේ සල්ලි ටික කඩා ගන්න පුලුවන්නම් එ්කටත් ලැහැස්තියි වගේ.
සුරවීර Saturday, 11 November 2017 09:09 AM
මත්ද්‍රව්‍ය වුවදුරෙන් දරුවන් ගලවා ගැනීම අනිවාර්යෙන් කල යුතු ප්‍රබල සමාජ වගකීමකි. එය ඇමතිගෙන් නොව ගෙදරින් පටන් ගත යුතුය. බෝතලේ මිල අඩු කර ගන්න අඬා වැලපෙන අයගෙන්, පල් වතුර වල රස කියන අයගෙන් ඒක කරන්නේ කොහොමද? ඒ අය කොහොමද දරුවන්ට කියන්නේ උඹල බොන්න එපා කියලා. සමහර ගෙවල්වල මත් ද්‍රව්‍ය සාදන්නේ දරුවෝ උකුල උඩ තියාගෙනයි. ඒ දරුවො පව් ඉතින්. මත් ද්‍රව්‍ය වල මිල කිසිසේත් අඩු නොකල යුතුය. මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙන්නන් අඩු කල යුතුය.
BamunuarachchiSunday, 12 November 2017 06:40 AM
එ්කනේ මහත්මයෝ කියන්නේ මත්පැන් බොන අයට බලපත්‍රයක් දෙන්න කියලා. එ්ක නැති කරන්න බොහොම අමාරුයි. සෞදි ජාතිකයින්ට මත්වතුර තහනම්... එරට මත්පැන් නැත. නමුත් ඔවුන් බහරේන් වලට පැමිණ බොනවා. කටාර් රාජයේ කටාර් ජාතිකයින්ට මත්වතුර තහනම් නමුත් ලස්සන විශාල සුපර් මාර්කට් ප්‍රමාණයේ එකක මත්වතුර විකුණනවා. මගේ කටාර් මිත්‍රයෝ මෙගේ පර්මිට් එකට විස්කි කේස් එකක් ගන්නවා. ඉතින් ඕකයි මත්පැන් ලෝකයේ හැටි අපි දරුවන් ගලවා ගැනීම මෙහෙ වලිකනවා. බොන අයට බලපත්‍රයක් දීම තමයි හොඳම දේ....
amith Saturday, 11 November 2017 09:24 AM
"විරෝධය පාන්න දෙයක් නෑ". බය නැතිව රජයෙන් බැහැල යන්නකෝ කොන්ද කෙලින් තියාගෙන.
thilina Saturday, 11 November 2017 09:43 AM
මේ කුරුල්ලා දැන් ඉන්නේ කීවෙනි අත්තෙද? ඇමතිකම් කීයක් කලාද? කරපු වැඩ වලින් කොයි වැඩේද සම්පූර්ණ කළේ? අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද?
ajit Saturday, 11 November 2017 10:00 AM
මංගල ඇමතිතුමාට ජනයා ගැන කැක්කුමක් තියෙනවා. බීර මිල අඩුකළ එක හොඳයි. චම්පික ඇමතිතුමා නිකන් බයිලා කියන්න එපා... කෝ ඔබතුමා අල්ලපු හොරු?
dankotuve anura Saturday, 11 November 2017 10:23 AM
අපි කසිප්පු මිල වහාම අඩු කලා. ඒ වගේම නිෂ්පාදනය දෙගුණයක් කිරීමට පියවර ගත්තා. ජනතාව අප සමග ඉන්නේ මංගල උන්නැහේගේ බියර් බින්දුවට වට්ටනවා. ඕවා බොන්නේ කළු සුද්දෝ තමයි.
janatha anura Saturday, 11 November 2017 10:25 AM
බියර් බීලා වැස්සට නොතෙමෙන වාහනයක අපි යනවා ටොයියා වගේ...
Kamal Saturday, 11 November 2017 11:40 AM
පාඨලී නිකම් කයිවාරුකාරයෙක් විතරයි. එක ඇමැතිකමක්වත් හරියට කරල නෑ.
Uddika Saturday, 11 November 2017 01:16 PM
බොන කෙනා හැමදාම බොනවා. එත් අඩු වුනාම ගෙදරට ගෙනියන බඩු ටික හරි වැඩි වෙනවා.
gamini Saturday, 11 November 2017 01:26 PM
බීර් මිල අඩු කලාට ස්තුති. අවස්ථාවේ හැටියට අය වැය නරක නෑ කියලයි අපේ අදහස.
silva Saturday, 11 November 2017 01:30 PM
මංගලගේ අදහසට අපිත් කැමතියි.
mallawaarachchi Saturday, 11 November 2017 02:15 PM
බීර මිල වගේ වැඩකට නැති කතා කියන්නේ නැතිව උමං මාර්ග පද්ධතිය සකසා කොළඹ වාහන තදබදය අඩු කරන්න. කොළඹ තදබදය නැතිකිරීමට කටාන ප්‍රදේශයේ විකල්ප නගරයක් ගොඩ නගන්න. බීර මිල අඩු කිරීමත්, විදුලි වාහන අඩු කිරීමත් අගය කිරීමට හේතුවක් වෙනවා. ජනතාවට අවශ්‍ය වැඩ මිසක් බොරු විවේචන නොවේ.
bamunuarachchiSaturday, 11 November 2017 04:56 PM
මල්ලවාරච්චි මහත්මයාට ඔය අදහස් ආවේ ට්‍රැෆික් බ්ලොක් එකකට අසුවෙලා ඉන්න විට නේද? අපිත් ට්‍රැෆික් බ්ලොක් වලට අසු වුනාම ෆ්ලයි ඕවර් දාන්න කතා කරනවා. ඒකත් හරියට සිංහල උපහැරණයක් තිබෙන්නේ වැස්සට ගෙයකට ගොඩ වෙන එකා ඒ ගෙදර උළුවහු වෙනස් කරන්න කතා කොරනවයි කියලා. ඒ වගේ තමයි. නැතිනම් කියන්න වෙන්නේ වඳුරෝ ගෙවල් හදන්න කතා කොරනවා වගේ කියලා.
purawasiyaa Saturday, 11 November 2017 02:23 PM
බීර සහ විදුලි, කාර් මිල අඩුකලාට මෙරට මධ්‍යම පන්තිය කැමතියි. කොළඹ තදබදයට පිළියම් දීම ඔබතුමාගේත් යුතුකමක්. මධ්‍යම බස් නැවතුම්පොළ කැලණිය හ පෑලියගොඩ ප්‍රදේශයට ගෙනියන්න.
BamunuarachchiSunday, 12 November 2017 01:53 AM
මහතා රටේ මිනිස්සු වාහන අරගෙන යන්න පාරේ ඉඩ මදී උනා කියලා පාර ලොකුකොරන්න පාර අයිනේ තිබෙන මගේ පරච්ස් 20 ඉඩමෙන් කෑල්ලක් පාරට දෙන්න මම ලැහැස්ති නැත. එක හොඳට මතක තියා ගන්න.
chandadaayekayek kolomba Saturday, 11 November 2017 02:42 PM
බැසිල් මහතා මොනවා කිව්වත් කොච්චර වැඩ කළාද? දැන් ඔබේ වාරයයි. පුළුවන් නම් මහරගම සිට කොළඹට කුළුණු මතින් හෝ පොළව යටින් පාරක් හදලා පෙන්වන්න.. බොරු විවේචන එපා. සමස්තයක් හැටියට හොඳයි. බීර සහ විදුලි වාහන අඩු කල එක හොඳයි. හැම ඇමති කෙනෙක්ම තමාගේ වැඩ කොටස හොඳින් කලොත් රටට හොඳයි. චම්පික ඇමතිතුමාට ජයෙන් ජය පතමි. මොලේ පෑදේවා !!!
wasantha Saturday, 11 November 2017 03:16 PM
අපට පෙනෙන හැටියට වැඩක් කරනුයේ නිවාස,සෞඛ්‍ය, අධිකරණ හා විදේශ, මුදල් හා ක්‍රීඩා, විදුලිබල අමාත්‍යාංශ පමණයි. අනිත් ඒවා ගැන සෑහීමකට පත්විය නොහැකියි. විවේචන නවතා ප්‍රගතියක් පෙන්වන්න.
bamunuarachchi Saturday, 11 November 2017 05:05 PM
පෙරන හැටි උසස්පෙළ රසායන විද්‍යාව කරන ඕනෑම ළමයෙක් දන්නවා. අපි පොල්තෙල් මිලට ගන්නේ නැත. ඒවා කවලම් කර තිබෙන නිසා අපි වැඩි පොල් වේලා ලංඟම තිබෙන තෙල් හිඳින ස්ථානයෙන් පොල්තෙල් හිංදා ගන්නේය. දැන් ලැහැස්තිවන්නේ මට උවමනා කරන බීම ගෙදරදීම සදා ගන්නයි. පාඩම අන්තර් ජාලයෙන් ඉගෙන ගන්න පුළුවන.
ferna Saturday, 11 November 2017 08:40 PM
රටත්, ජාතියත් නැති වෙනකම් මේ අය බදු තණ්හාවෙන් ...
Don Saturday, 11 November 2017 10:46 PM
පාඨලි, බීර කසිප්පු වලට සංසන්දනය කිරීම ගැලපෙන්නේ නැහැ.. බීර බීමෙන් කිසිම පුද්ගලයෙක්ට කසිප්පු වලින් වගේ බයානක ලෙඩ රෝග වැළදෙන්නේ නැහැ.. බොන කෙනෙක්ට බොන්න පුළුවන් විදියට සාධාරණ මිලක් හැම බඩුවකටම තිබිය යුතුයි .. අනික තමයි මොහුගේ හිතේ ඇත්තේ රජයට ආදායමක් අහිමිවීම ගැන පමණක් බව .. ගොඩක් ධනවතුන් කැමතියි සාමාන්‍ය මිනිහෙක්ට පාවිච්චි කරන්න බැරි තරමට බඩු වල මිල ඉහල යනවට .. එවිටයි රටක පැහැදිලිව ධනවතුන් සහ දුප්පතුන් වෙන්වී පෙනෙන්නේ .. මේ රජය පැහැදිලිව වාහනවලට ගහන බද්දෙන් අරමුණු කරන්නේ එයයි ... නැතුව මුදල් සේවීම පමණක් නොවෙයි.. පිටරට වල බ්‍රෑන්ඩ් නිව් වාහන 2 ක් හෝ 3 ක් මිලදී ගතහැකි ප්‍රමාණයේ මුදලක් ලංකාවේදී පාවිච්චි කල වාහන ගෙන්වීමේදී ආණ්ඩුව සත පහක් වියදම් නොකර බද්දක් පමණක් වශයෙන් අයකිරීම ඉතාම අසාධාරණයි ..
wasantha Saturday, 11 November 2017 11:11 PM
ඔබ අප විවේචනය කරනවා නොවේ. අවශ්‍යතාවයන් තේරුම් ගන්න. මහින්ද මහතා බලයේ හිටියා නම් කොළඹ ඔය තදබදයට විසඳුම් දීලා ඉවරයි. මීගමු අධිවේගී මාර්ගය කොටුවට යා කරන ගමන් කටුනායක සිට හලාවත සිට පුත්තලම දක්වා දියත් කරන්න. අය වැය යෝජනා නරකම නෑ. ජනතාවට අඩු මිලට වාහනයක් ගන්න තියෙනවා නම් හොඳයි. ඉන්දියානු බස් වලින් විශාල පරිසර හානියක් සිදුවෙනවා.
rocky Saturday, 11 November 2017 11:39 PM
බදු ආදායම වැඩිකර ගන්න මෙන්න යෝජනා ---බල්ලන් ඇතිකරන්නන්ගෙන්, කේන්දර කාරයන්ගෙන්, යන්ත්‍ර මන්තර ගුරාලාගෙන්, පේන කියන හොරුන්ගෙන්,දේවාල අටවාගෙන මිනිසුන් රවටන ගුරාලගෙන්, වශී යන්තර කාරයන්ගෙන්, ටියුෂන් ගුරාලාගෙන් , බදු අයකරන්න. (2) ඇමතිවරුන්ගේ පඩිය වැඩි කරන්න.
Prase Sunday, 12 November 2017 01:30 AM
කවුරුත් අනුමත කරන්නේ නෑ......බහුතරය ඉන්නේ ඔබගේ මතයේ .....ස්තූතියි ඔබට....
ajith Sunday, 12 November 2017 05:05 AM
මේ මොන මගුලක් කතා කරනවද මන්දා? බීර බොන එවුවන්ට ඕව වැදගත් ඇති. මට තියෙන ප්‍රශ්නේ ඕක නොවෙයි. මේ වාහනවලට ගහන බද්ද ගැනයි. දැනට තියෙන දුම් පරීක්ෂණ බද්ද, ඊ ලඟට යෝජිත කාබන් බද්ද, වාහන එන්ජින් ධාරිතාවයට අනුව ගහන බද්ද? වැඩි කර ඇති සේවා ගාස්තුව එකතු උනාම අදායම් බලපත්‍රයේ ගාස්තු වැඩි වීම. මේවා ඔක්කොම එකතු කරලා දරුවන් පාසල් යවන වාහන කාරය මාසෙට අයකරන ගාස්තුව? බීර ගැහුවා වගේ නොවෙයි නේද?
bamunuarachchiSunday, 12 November 2017 06:48 AM
ඔව්, අජිත් මහත්තයෝ මේ අය අපිව කනවා. ඒ අයට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අයගේ ඔය සියල්ලම ගෙවන්නේ අපිනේ. පාර්ලිමේන්තුවට දාන්න ඕනේ පරමාණු බෝම්බයක්... මේ අයට ඡන්දේ දීපු 62 ම යන්න කියලා. ඒ මදිවට ජාතිය ගොඩනැගීමේ බද්ද. මේ අය සිටිනා තුරු මේ ජාතිය ගොඩ ගන්න බැරිය.
purawasiya Sunday, 12 November 2017 07:02 AM
අජිත් මහත්තයෝ වාහනවලට බදු නොගහ කලාකාරයින්ට බදු ගහන්නද?
BamunuarachchiSunday, 12 November 2017 09:32 AM
වාහනය අපට තිබෙන්නේ එදිනෙදා ගමන් බිමන් පහසුවට මිසක් හම්බ කිරීමට නොවෙයි. ඉන් හම්බ කරනවා නම් බදු ගහන්න. කලාකරුවා කලාවෙන් හම්බ කරනවා නම් බදු ගහන්න. මොකක්ද ඒකෙ තිබෙන වරද? ප්‍රශ්න තියලා හම්බකරපුවා අපි දන්නවා..