IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඥානසාර හිමි බලහත්කාරයෙන් පැමිණ ප්‍රකාශයක් කර පිටවීම මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස තම සේවා කාලයේ තමා දුටු අධිකරණයට අපහාස කිරීමේ බරපතලම සිද්ධිය යැයි හෝමාගම හිටපු මහේස්ත‍්‍රාත් සහ වත්මන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (19) අභියාචනාධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.

‘‘ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධ නඩු විභාගය හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති දින බලහත්කාරයෙන් පැමිණ , බලහත්කාරයෙන් ප‍්‍රකාශයක් කර විත්තිකාර ඥානසාර හිමිනම පිටව ගියා.අධිකරණ ශාලාවට උන්වහන්සේට එන්න හෝ යන්න මා කීවේ නැහැ. එදින තිබූ කිසිදු නඩුවකට සම්බන්ධ නොවන පුද්ගලයකුට අධිකරණයේ පෙනී සිටීමට ඉල්ලා සිටියත් මා අවසර දෙන්නේ නැහැ. කිසිවකු ඔහුට ආරාධනා කළෙත් නැත්නම් ,ඔහු නඩුවක පාර්ශවකරුවෙකුත් නොවේ නම් කිසිදු පුද්ගලයෙකුට සිය මතය අධිකරණයට ඉදිරිපත් කරන්න බැහැ. එය නිසැකවම අධිකරණයට අපාහාස කිරීමක්‘‘ යැයිද මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් කීය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාගයේ දෙවැනි දිනයවූ අද විත්තියේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු සාක්කි දෙමින් මහේස්ත‍්‍රාත්වරයා මේ බව පැවසීය.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය  සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ සිදු කෙරිණි.

වැඩිදුර සාක්කි විභාගය හෙටට(20) කල් තැබිණි.



අදහස් (20)

‘මා දුටු බරපතලම අධිකරණ අපහාසය කළේ ඥානසාර හිමි‘ - මහේස්ත්‍රාත් රංග දිසානායක

nuwan Wednesday, 19 July 2017 03:16 PM

ඇයි අර මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගහල විනිසුරුතුමාට දුරකතනයෙන් තර්ජනය කළේ? මොනවා වුණත් සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඔය හිමි නම පමණයි !!!

:       10295       7658

OshanWednesday, 19 July 2017 04:43 PM

අපේ රටේ මහා පුදුම මිනිස්සු ඉන්නේ. හැම එකටම ජාතිවාදෙයි ආගම්වාදෙයි පටලව ගන්නවා. කවුරු වැරැද්ද කලත් නීතිය එකයි. වැරදි කරන හැමෝටම දඩුවම් කල යුතුයි.

:       1319       1236

samThursday, 20 July 2017 12:42 AM

ඒක තමයි කියල තියෙන්නේ ඇයි නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ කියල.

:       2       56

Kumara Wednesday, 19 July 2017 03:25 PM

එකකොට උසාවියට ගල් ගහපු අයට කීවෙනි තැනද?

:       328       2009

කපිල වසන්ත කුමාර Wednesday, 19 July 2017 03:40 PM

ඔව්,.. ඔව් අධිකරණයට ගල් ගහල හූ කියපුවා අමතකද?

:       199       1532

INDIKAThursday, 20 July 2017 04:42 AM

ඒ කාලේ පොඩි කොලුවනේ!!

:       0       107

narada Wednesday, 19 July 2017 03:52 PM

රංග දිසානායක මහතා ඉන්නේ මොන රටේද?...

:       280       1707

dewa Wednesday, 19 July 2017 04:13 PM

මේ ගැන අපේ කලබල විය යුතු නැත. ගරු අධිකරණය සාධාරන තීන්දුවක් ලබා දේවි

:       239       195

mewan Wednesday, 19 July 2017 06:44 PM

උසාවියට ගල් ගැහුව එකත් වැරදියි, ඒ ඒවගේම මේකත් ඉතාම වැරදියි, මෙතනදී හැමෝම එක පැත්තකට බරවීම වැරදීයි .

:       152       913

minipe Thursday, 20 July 2017 12:23 AM

මෙම හිමි නම, රටේ නිතියට අගෞරව කළාට, සඟ අදිකරණය ඉදිරියේ නිදහසට කරුණු ඉදිරිපත් කල යුතුය.

:       334       25

gayan Thursday, 20 July 2017 02:00 AM

සිංහල අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැනේ .

:       71       297

susantha Thursday, 20 July 2017 02:25 AM

නුවන් - මෙතන කතා කෙරෙන්නේ අධිකරණ අපහාසයක් මිස වෙන කෙහෙල් මලක් නොවේ.

:       54       127

Chandana Australia Thursday, 20 July 2017 02:26 AM

ඔෂාන් කියන දෙය හරියටම හරි. අපේ රටේ මිනිස්සු හැම දේටම ජාතිවාදෙයි ආගම්වාදෙයි පටලව ගන්නවා. මෙතන අදහස් පලකරන සමහර අය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතාත්, අධිකරණයේ දෙන සාක්කිත්, අධිකරණයත් අපහාසයට පත් කරනවා.

:       63       16

චන්දා Thursday, 20 July 2017 03:12 AM

සාමන්‍යයෙන් යම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් කලයුතු ගෙවීමක් වෙනුවෙන් ලදු පතක් මුදල් ලබන්නා දිය යුතු වුවත් යමෙකු වෙනුවෙන් යම් මුදලක් අය කර නඩුවකට කතා කරන නීතිඥයන් එහෙම රිසිට් එකක් දෙනවද ? මගේ අත්දැකීම් අනුව නම් අධිකරණ ක්‍රියාවලි හැම අංශයක්ම පිරිහුණු කුණු ගොඩක්...

:       83       51

lalith Thursday, 20 July 2017 03:30 AM

අධිකරණයකට කල හැකි බරපතලම අපහාසය වනුයේ එහි තීන්දු නොපිළිගැනීමයි නැතහොත් ක්‍රියාත්මක නොකිරීමයි

:       0       7

sarath Thursday, 20 July 2017 03:36 AM

උසාවිය නිහඬයි !

:       4       1

Ashoka Indika Thursday, 20 July 2017 04:54 AM

සුද්දෝ මේ රටට නීති හදුන්වලා දුන්නේ ඒ අයගේ පාලනයට විරුද්ද වෙන කොන්ද පණ තියෙන සිංහලයන්ව හංවඩු තියන්න මිසක් වෙන මගුලකට නෙවෙයි.. එහෙව් නිතිය අකුරටම පිළිපදින කලුසුද්දන්ගෙන් මිටවඩා දෙයක් බලාපොරුත්තු වෙන්න බැ..

:       147       418

KaruThursday, 20 July 2017 06:54 AM

ඔබ කියන්නේ එතකොට සුද්දගේ නීතියට කලින් තිබුන රාජ නිතිය ගෙන්න කියලද? රොබට් නොක්ස්ගේ පොත කියවන්න , නැවත ගල් යුගයට යන්න කැමති කෙනෙක්

:       238       84

සෙනෙවි Thursday, 20 July 2017 06:53 AM

සුද්දන්ගෙ පාලන කාලෙත් නඩුකාරයො රට ජාතිය සහ බුද්ධාගම රැක ගන්න ඉදිරිපත්වූ හාමුදුරුවන්ට අරියාදු කලා

:       104       550

minipe Thursday, 20 July 2017 03:42 PM

පවතින නීතියක් නිවැරදී කිරීම රටේ රජ සබාවට අයිති රාජකාරියක්. ඒක තනි පුද්ගලයෙකුට චන්ඩිකමෙන් වෙනස් කරන්න බැ. කෙනෙකු පුජනිය ස්ථානයකට අයිති පොල් ගසක හොරෙන් පොල් කැඩුවොත්, දඩුවම් දෙන්නේද නීතයක් රටේ තිබෙන නිසයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 3 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1284 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1162 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 659 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1699 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 87 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site