IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලබන සතියේ රට වැසෙයි?

(අජන්ත කුමාර අගලකඩ)

රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්,ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද දැනගන්නට ඇත.

පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව,සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ වන විට උග්‍ර වී තිබේ.

එපමණක් නොව,රෝහල්වල ගිලන් රථ සේවා,වෛද්‍ය සැපයුම් සේවා සඳහාද ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතව ඇත. අත්‍යවශ්‍ය සේවාවලට රජය විසින් ඉකුත් සතියේ සීමා සහිත ලෙස ඉන්ධන සපයනු ලැබුවද අත්‍යවශ්‍ය සේවා රැසක් ඉකුත් සතියේදී ද අඩාළ වී තිබිණි

මේ තත්වය තුළ ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇතැයි දැනගන්නට ඇත.

ඩීසල් නැවක් ලබන සතියේ ද ,පෙට්‍රල් නැවක් ලබන විසි දෙවැනි දා ද මෙරටට පැමිණෙන බව රජය ඉකුත් ප්‍රකාශ කළේය .

 



අදහස් (30)

ලබන සතියේ රට වැසෙයි?

nandana Sunday, 03 July 2022 10:06 AM

රට කරගෙන යන්න බැරි බව දැන්වත් තේරුම් අරන් තවත් රට ප්‍රපාතයට නායකයෝ ඉවත්වෙලා රට කරන්න පුළුවන් කණ්ඩායමකට බාරදෙන්න තෙල් නැවක් ගෙන්න ගන්න සල්ලි නැති රටක් ලෝකයේ කොහේද තියෙන්නේ? නායකයෝ කියලා ඔය පුටුවල ඉන්න ලැජ්ජාවක් තවම නැතිද?

:       45       141

srinandaSunday, 03 July 2022 05:03 PM

තවම වහල්ලු ඉන්න හැටි. රට විනාශ කරත්, දරුවන්ට අනාගතයක් නැතත්?

:       21       59

සලීම් Sunday, 03 July 2022 08:40 PM

රටේ අතිබහුතර ජනතාව ලෙස අපි කියනවා ජනපති සහ අගමැති වහාම ඉවත්ව යායුතුයි. ඔබගේ පරපුරම දේශපාලනයෙන්ම ඉවත් විය යුතුයි. මේ රට අද තුන්වේල කන්න නැති, ලෙඩකට බෙහෙතක් නැති, බඩුමිල අහස උසට ගිය, තෙල්, ගෑස් නැති රටක් කළේ ඔබ සහ ඔබේ පරපුරයි. ණය උගුලක රට හිරකළේ කවුද? දෙයියන්ගේ නාමෙන් යන දේවාලෙක යන්න මේ රට තවත් විනාශ නොකර... රටේම මිනිස්සු දැන් අපා දුක් විඳිනවා...!

:       4       59

donSunday, 03 July 2022 09:11 PM

කවුරු පිළිගත්තත්, නොගත්තත් සත්‍ය නම් දෙවියන් වහන්සේගේ සාප මේ පෙන්නුම් කරන්නේ. අපිට මෙහෙම මානසික ප්‍රශ්න නම් අදාළ අයගේ පපු කොහොම ගිනි ගන්නවා ඇතිද? මොන විදිහට අපායට අපායට යන්න වෙයිද දන්නේ දෙවියන් තමයි.

:       1       7

sharm warnMonday, 04 July 2022 09:42 AM

කුලියට ඩිස්ලයික් දාන්න ඉන්න අයට මේ දවස්වල හරියට වැඩ ඉතින්... ඒ අයට ආත්මයක් නැහැ..

:       1       17

සාලිය Sunday, 03 July 2022 11:28 AM

භූමිතෙල් නැවක් එන්නේ නැද්ද? බොරතෙල් ගේන්නේ නැතුව ඇයි පෙට්‍රල්, ඩීසල් පිරිසිදු කරපුවාම ගෙන්නන්නේ..? මේ ගැන පැහැදිලි විස්තරයක් දාන්න පුළුවන්ද?

:       6       76

Gunasinghe Sunday, 03 July 2022 01:17 PM

ඡන්දයකට යන්න... වෙන කිසිම විසඳුමක් නැහැ...

:       9       79

siriSunday, 03 July 2022 05:05 PM

ඡන්දයක් කියනකොටත් බය වෙන අය තවම ඉන්නවා.

:       4       35

fairoos Sunday, 03 July 2022 02:31 PM

ඉන්න හිටින්න රටක් කියලා වැඩක් නැහැ. මේ අපරාධය කරපු අයට නම් හෙණම වදින්න ඕනේ...

:       6       82

ranjithSunday, 03 July 2022 05:06 PM

රටට විනාශ කරපු අයව රැකගන්න තවම නිවට වහල්ලු ඉන්නවා වගේ...

:       4       48

චමින්ද Monday, 04 July 2022 06:25 AM

ඔවුන්ට හෙන වදින්නේ නැහැ. මොකද ලක්ෂ හැටනවයක් මනාප දීලා පත්කළ නිසා. දැන් බලන්න උන්දැලා රජසැප විඳිනවා ඡන්දය දුන් නුදුන් ඔක්කෝමලා අනන්ත දුක් විඳිනවා. එහෙම තියෙද්දී දැනුත් සමහරක් ගෑනු කියනවා මහින්ද මහත්තයා හිටියා නම් ඔහොම වෙන්නේ නැහැ කියලා. දැන් කාලෙක ඉඳලා දරුවන්ට අධ්‍යාපනය නැහැ. විශ්ව විද්‍යාල හරියට ක්‍රියාත්මක නැහැ. එයිනුත් පොහොට්ටුවන්ට වාසිවෙනවා මොකද නූගතුන් වැඩිවෙන නිසා. සමහර විට ඔටුන්න හිමියා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවිට නූගතුන් ලක්ෂ සියයක් පමණ වෙලා උන්දැ දිනවාවි... ඒ තරම් මෝඩයින් ලංකාවේ ඉන්නේ...

:       0       8

Nadeeka Sunday, 03 July 2022 03:37 PM

කුරුණෑගල පන්නල පොලිසියේ අහිංසක පොලිස් නිලධාරින් ස්ථානාධිපති ප්‍රමුඛ තමන්ගේ බිරින්දෑවරුන්ගේ රථවලටත් ඉන්ධන ලබාගන්න ගිහින් ඊයේ 2 හූ හඬ මධ්‍යයේ පුරවපු බූලි කෑන් ආපහු පන්නලා අයිඕසි ඉන්ධන හලටම දෙන ආකාරය සීසීටීවි කැමරාවල ලස්සනට තියෙනවා..

:       20       50

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 July 2022 03:56 PM

ජාති, ආගම් භේදය අවුස්සා, නොයෙකුත් රැවිටිලි හා ඉච්චා බස් දොඩමින්, දුසිල්වත් අයගේ උපදෙස් ලබමින් ගෙනා සෞභාග්‍යයේ අසිරිය බලනු මැන මිනිසුනේ...! 

:       45       49

Rohana Sunday, 03 July 2022 04:16 PM

ඉන්ධන නැව් එනහැටි බලබලා මෙහෙම ඉන්න පුළුවන්ද? කරන්න බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර නොවෙයි අමෙරිකාවටම යන්න...!

:       25       49

Hafeel Sunday, 03 July 2022 04:42 PM

වත්මන් අසාර්ථක ජනාධිපති සාර්ථක වනතුරු බලයේ හිටියොත් මිනිස්සු බඩගින්නෙන් මැරෙනවා. කවදාවත් අවුරුදු සීයක් බලයේ හිටියත් පවා මේ ජනාධිපති සාර්ථක වෙන්නේම නැහැ. ඉතිහාසයේ කිසිම ජනාධිපති කෙනෙක්ට නොලැබූ ජනවරම, තුනෙන් දෙක සහිත පාර්ලිමේන්තු බලය, 20 වැනි ව්‍යවස්ථා හරහා අසීමිත බලතල, සහෝදර අගමැති, සහෝදර මුදල් ඇමති මේවා සේරම තමන් සතුව තියාගෙන කරන්න බැරිනම්, තවදුරටත් බලයේ හිටියට වැඩක් වෙන්නේ නැහැ.

:       53       75

nandana Sunday, 03 July 2022 06:12 PM

උද්දච්ඡ පවුලකට වහල්වීම නිසා සහ රට නොමග යැවීම නිසා ජනතාව පාරට වැටුණා..

:       10       52

Appuhami Sunday, 03 July 2022 05:00 PM

රට ලේ විලක් නොකර නම්බු පිටින් ජනාධිපති ඇමැති, මන්ත්‍රී ඔක්කොමලා අස්වෙලා ගෙදර යන්න.

:       15       57

Willow Drive Sunday, 03 July 2022 05:00 PM

වහන්න දෙයක් නෑ... තව, එකම විකල්පය සේරම ගෙදර යන්න...

:       10       48

Kumara Sunday, 03 July 2022 06:38 PM

මයිනා පරපුරටම ජයෙන් ජයම වේවා...!

:       9       23

pathmasiri Monday, 04 July 2022 06:55 AM

රට වහලා අලි-පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගියානම් රටට යහපතක් වේවි.

:       0       4

Prasheen Monday, 04 July 2022 07:23 AM

ඇයි කාටවත්ම මෙයාලා හොරකම් කරපු සල්ලි ආයෙ පවර ගන්න උවමනාවක් නැත්තේ? එහෙම කලොත් ඊලගට රට බාරගන්න අයවත් හොරකමේ ආනිසංස දැනගනීවි

:       1       6

Demuni Uduwara Monday, 04 July 2022 09:57 AM

මාස හයකට වැඩි කාලයක් අපි විදේශ අරමුදල්වලින් ආරක්ෂා වූ අතර අපි හිඟන්නන් බවට පත් විය. අපට තවදුරටත් එය කළ හැකිද?

:       0       6

Bunny Preena Monday, 04 July 2022 10:26 AM

225 ඇතුළු මහ දූෂිත නිලධාරි නඩයේ සියලු දෙනාම හැඳිගැවිලා යන්න ඕනේ...!

:       0       6

de silva Monday, 04 July 2022 11:31 AM

අස්වෙලා ගෙදර යන්න.

:       0       6

gampila Monday, 04 July 2022 11:51 AM

තවත් මොනවද වැහෙන්න තියෙන්නේ.?

:       0       3

Liya Monday, 04 July 2022 12:24 PM

මේ අයව දැන්වත් එලවලා දැම්මේ නැත්නම් තවතවත් මේ රට කාල විකුණලා තමයි යන්නේ .

:       0       2

Maha zen Monday, 04 July 2022 12:33 PM

I O C තෙල් නැත්තම් රජයට ගන්න.

:       0       1

pandikorala Tuesday, 05 July 2022 11:10 AM

දැනටමත් රට වැසී ඇත. තවත් මොනවද කියවන්නේ..?

:       0       0

Lalith Thursday, 07 July 2022 10:41 PM

රට විනාස කරන අයව අල්ලන්න ආවෙ නියම මිනිහෙක් කියලා හිතූවට අනේ මන්දා අපිට වහ කන්න වෙවිද

:       0       0

Tharu Thursday, 07 July 2022 10:46 PM

මහ විනාශයක් අපේ ශ්‍රී ලංකාවට මොකද මෙ සිද්ධ වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 612 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 842 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 865 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1240 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site