IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බත් නැතිව මුරුංගා කොළ තම්බා කෑමේ පුවත අසත්‍යයක්

“වේල් ගණනක් බත් නැතිව අඹුසැමි යුවළක් මුරුංගා කොළ තම්බා කාලා” යන සිරස්තලය යටතේ පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ලංකාදීප පත්‍රයේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත කඩිනම් ස්ථානීය පරීක්‍ෂණයක් පවත්වනු ලැබූ බවත් එම වාර්තාව සත්‍ය තත්ත්වය හිතාමතාම විකෘති කර, තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව, කවර හෝ පර්ශවයක යම් අරමුණක් වෙනුවෙන් පළකර ඇති මුළුමනින්ම අසත්‍ය වාර්තාවක් බව තහවුරු වී ඇති බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ලංකාදීපයට එවා ඇති ලිපියක සඳහන් වේ. එම ලිපියේ මෙසේද සඳහන් වේ.

වේල්ගණනක් බත් නැතිව අඹුසැමි යුවළක් මුරුංගා කොළ තම්බා කාලා යන මාතෘකාව යටතේ 2018-09-20 දිනැති “ලංකාදීප” දිනපතා පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලය සහිතව හයවැනි පිටුවේ රඹෑව වාර්තාකරු මනුල වික්‍රම නමින් පළකර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ විශේෂ නියෝගයක් මත කඩිනම් ස්ථානීය පරීක්‍ෂණයක් පවත්වන ලද අතර, එහිදී ඔබ පුවත්පත පළ කර තිබූ වාර්තාව සත්‍ය තත්ත්වය හිතාමතාම විකෘති කර, එම තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කරගැනීමකින් තොරව කවර හෝ පාර්ශ්වයක යම් අරමුණක් වෙනුවෙන් පළකර ඇති මුළුමනින්ම අසත්‍ය වාර්තාවක් බව තහවුරු වී ඇත.

ඔබ පුවත්පතේ විශේෂයෙන් ඉස්මතු කිරීමට උත්සාහ ගෙන තිබූ “කන්න හයක් වගාව පාළුයි” හා “බත් නොමැතිව වේල් ගණනක් මුරුංගා කොළ තම්බා කාලා” යන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවත්, එය චේතනාන්විතව රජය අපහසුතාවට පත් කිරීමේ පටු අරමුණක් වෙනුවෙන් ප්‍රචාරය කර ඇති බව තහවුරු කරගත් සාධක කිහිපයක් පහත සඳහන් කරමි.

1. නියං සහනාධාර දෙන බව ප්‍රකාශ කරමින් කහටගස්දිගිලිය කේ.බී. අමරකෝන් නමැත්තකු ඉහත ප්‍රවෘත්තියට අදාළ වෙලන්වැව පදිංචි තිලකාවතී මහත්මියගේ නිවෙසට පැමිණි අවස්ථාවකදී ඇය දිවා ආහාර ගනිමින් සිට ඇති අතර, ඇය ගනිමින් සිටි ආහාර පිළිබඳ විමසීමේදී තමා තෙම්පරාදු කරන ලද මුරුංගා කොළ ව්‍යාංජනයක් සමඟ බත් අනුභව කරන බව ඔහුට ප්‍රකාශ කර ඇතත්, බත් අනුභව කරන බව වසන් කර මුරුංගා කොළ පමණක් තම්බා ආහාරයට ගන්නා බව තමා පුවත්පත්වලට වාර්තා කරන බව ප්‍රකාශ කර ඇති අතර, ඊට පසු දිනම ලංකාදීප වාර්තාකරුවකු එම නිවෙසට කැඳවා ගෙන ගොස් ඇත.

ඒ අනුව, ඉහත ප්‍රවෘත්තිය ඔබ වාර්තාකරු ස්වේච්ඡාවෙන්ම හෝ ස්වාධීනව සොයාගත් එකක් නොව ඉහත සඳහන් කේ.බී. අමරකෝන් නමැත්තාගේ දැන්වීම හා ඉල්ලීම මත කර ඇති බවද, අමරකෝන් නමැත්තාට අවශ්‍ය ආකාරයට ප්‍රවෘත්තිය ගොනු කිරීමට හැකි වන අයුරු අදාළ කාන්තාවගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ඔබ වාර්තාකරුද උත්සාහ දරා ඇති බවට තොරතුරු හෙළිදරව් විය. ප්‍රවෘත්තිය පළවීමෙන් පසුවද ඉහත අමරකෝන් නමැත්තා මෙම කාන්තාව මුණගැසී තමා පොරොන්දු වූ පරිදි එම ප්‍රවෘත්තිය පත්තරේ පළකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේ කවුරු ඇහුවත් තමා කෑවේ බත් නැතිව තැම්බූ මුරුංගා කොළ පමණක් බව ප්‍රකාශ කරන ලෙස බලකරන ලද බව එම කාන්තාවගේ සැමියා ඇතුළු දූ දරුවන් සියලු දෙනා සනාථ කරන ලදී. ඒ අනුව මෙම ප්‍රවෘත්ති වාර්තාකරණය හුදෙක් මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ගැනීමේ අභිප්‍රාය අබිබවා ගොස් කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමකගේ අවශ්‍යතා මුදුන්පත් කරගැනීමේ අරමුණෙන් සිදුකර ඇති ක්‍රියාවක් බව තහවුරු වේ.

2. තම බිරිඳ නිර්මාංශික බවත්, සාමාන්‍යයෙන් සෑම ආහාර වේලකටම කොළ මැල්ලුමක් එක්කර ගැනීමේ පුරුද්දක් තිබූ බවත් එදිනද මුරුංගා කොළ ආහාරයට ගෙන ඇත්තේ තෙම්පරාදු කරන ලද ව්‍යාංජනයක් වශයෙන් බවත් ඇය හෝ තමා කිසි දිනෙක මුරුංගා කොළ පමණක් තම්බා ආහාරයට ගෙන නොමැති බවත් තිලකාවතී මහත්මියගේ ස්වාමිපුරුෂයා විසින් තහවුරු කර ඇත. මුරුංගා කොළ ඉතා පෝෂ්‍යදායී ආහාරයක් ලෙස ප්‍රදේශවාසී ජනතාව අතර ඉහළ පිළිගැනීමක් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

3. මෙම නිවසේ ගෘහ මූලික පියසේන මහතාට අයත් පදිංචි ගොඩ ඉඩම් අක්කර 2ක් පමණද, මහදිවුල් වැව මධ්‍ය වාරික්‍රමයට අයත් වගා ඉඩම අක්කර 2 1/2 හා වෙලන්වැව සුළු වාරික්‍රමය යටතේ වගා බිම් අක්කර 2 1/2ද වශයෙන් අක්කර හතක පමණ ඉඩම් අයිතියක් ඇති අතර ඒවා තම දරුවන් හතර දෙනා අතර සාධාරණ ලෙස බෙදා දී ඇත.

4. එම ගොඩ ඉඩම් වගා කිරීම සඳහා සිය වැඩිමහල් පුත්‍රයා වගාකරු ලෙස පත්කර එම ඉඩම් වගාකරමින් තිබුණි. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම්, අනුරාධපුර රත්මල්ගහවැව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර, ග්‍රාම නිලධාරි හා සමෘද්ධි නිලධාරි සහ ගොවි සංවිධාන ලේකම් යන නිලධාරීන් විසින් තහවුරුකරන ලද පරිදි ඉකුත් මහ කන්න 3ක් හා යල කන්න 2ක් මහදිවුල්වැව මධ්‍ය වාරික්‍රමය යටතේ වගා කටයුතු සාර්ථක වූ අතර වෙලන්වැව සුළු වාරි ක්‍රමය යටතේ හානි වූ වගා බිම් වෙනුවෙන් කෘෂි රක්‍ෂණ යෝජනා ක්‍රමය මගින් වන්දි ගෙවා ඇත.

5. ඒ අනුව ඉහත කාලසීමාව තුළ පියසේන හා තිලකාවතී යුවලගේ වැඩිමහල් පුතා තම පියාට අයත් ඉඩම් වෙනුවෙන් පොහොර සහනාධාර, බීජ ආධාර, කෘෂිකර්ම යන්ත්‍ර හා උපකරණ ආධාරවලට අමතරව වගා හානි රක්‍ෂණ වන්දි වශයෙන් එකතුව රු. 90,000.00ක පමණ (රුපියල් අනූදාහක) මූල්‍ය ආධාර රජය වෙතින් ලබාගෙන ඇත. පියා සහ පවුලේ සෙසු සාමාජිකයක්ගේ එකඟත්වය මත මෙම වගා බිම් සියල්ල වගා කිරීමේ බලය පවුලේ වැඩිමහල් පුතා වෙත පියා විසින් පවරා ඇති අතර, ඔහුගේ නමින් ඒ සඳහා ලැබෙන සියලු ප්‍රතිලාභ සෙසු පවුලේ සාමාජිකයන්ගේ ඉඩම් අයිතියට සරිලන පරිදි බෙදා හදාගෙන ඇති බව ඔවුහු සියලු දෙනා සනාථ කළහ. එසේම ලැබෙන අස්වැන්න හා ප්‍රතිලාභවලින් කොටසක් තම මවුපියන් වෙතද දෙන බව වැඩිමහල් පුත්‍රයා තහවුරු කළේය.

පොදු ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය, මාධ්‍ය නිදහස හා භාවිතය මෙන්ම මාධ්‍ය සදාචාරය ශිෂ්ට සම්පන්න සමාජය තුළ උත්තරීතර වටිනාකමක් ඇති අයිතීන් වේ. මෙහිදී විශේෂයෙන් පොදු මහජනතාවටත්, ප්‍රවෘත්ති වාර්තාකරණයටත් මෙන්ම රටේ පාලන තන්ත්‍රය මෙහෙයවන රජයටත් සර්වසාධාරණය හා කිසිවකුටත් අගතියක් නොවන අයුරින් එම අයිතීන් බුක්ති විඳීමට මෙම සියලු පාර්ශ්වයන් බැඳී සිටී. වාර්තා කර ඇති නියඟය සැබෑ බව මෙම විමර්ශනයට සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන් පිළිගත් අතර, එමඟින් ඇති වූ දුෂ්කරතාවන් වළක්වා ගැනීමට රජය පාර්ශ්වයෙන් ගත හැකි උපරිම උත්සාහය දරා ඇති බවත්, ඒ අනුව රජයේ ප්‍රතිපත්තිවලට අනුව සමෘද්ධි සහනාධාර, වකුගඩු සහනාධාර, නියං වියළි ආහාර සලාක, පානීය ජලය සැපයීම, කෘෂි වගා ආධාර හා නියං රක්‍ෂණ වන්දි වැනි සමාජ සුබසාධනයන් සියල්ල මෙම ගම් ප්‍රදේශය තුළ ද ක්‍රියාත්මක වී ඇත. මෙම විමර්ශනයේදී අනාවරණය වූ වැදගත්ම කරුණ වූයේ පුවත්පතේ වාර්තා වූ අයුරු මෙම පවුලේ සාමාජිකයන් හට බත් නොමැතිව මුරුංගා කොළ පමණක් තම්බා කෑමට තරම් අහේනියක් නොවූ බව එම පවුලේ සියලුම සාමාජිකයන් මෙන්ම, ප්‍රදේශවාසීන්, සියලු රාජ්‍ය නිලධාරීන් එක හෙලාම පිළිගැනීමයි. ඔවුන් සියලු දෙනාම දරන මතය වූයේ ඉහත ප්‍රවෘත්තිය කිසියම් පිරිසක් විසින් පටු අරමුණකින් යුතුව කර ඇති අතර, එය මෙම පවුල ඇතුළු ප්‍රදේශවාසීන්ටත් මේ වෙනුවෙන් ඇපකැප වීමෙන් කටයුතු කර ඇති රජයේ නිලධාරීන්ටත් කර ඇති විශාල අවමානයක් බවයි.

ඉහත ප්‍රවෘත්තිය මගින් මේ වන විට රට පුරා ඉතා බැරූරුම් තත්ත්වයක් හා ගැටලුකාරී තත්ත්වයක් මෙන්ම බොහෝ පාර්ශ්වයන්ගේ සිත්තැවුලට හේතුවක් වී ඇති බැවින්, මෙම අසත්‍ය වාර්තාව අප්‍රමාදව නිවැරැදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අප වෙත උපදෙස් දුන් අතර ඒ අනුව ඉහත අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. එසේම ඉහත ප්‍රවෘත්තිය සඳහා ඔබ දුන් ප්‍රචාරයම මෙම නිවැරැදි කිරීම සඳහා ද දෙන මෙන් වැඩිදුරටත් ඉල්ලමි. 

 



අදහස් (8)

බත් නැතිව මුරුංගා කොළ තම්බා කෑමේ පුවත අසත්‍යයක්

ලුම්බිණි Thursday, 04 October 2018 05:11 AM

ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂක තුමා කලබල වෙලා තිබෙන්නේ පළවූ පුවතේ අඩුපාඩු නිසාද නැත්නම් රජය අපහසු තත්වයට පත්වෙලා තිබෙන එකටද?

:       216       109

raviThursday, 04 October 2018 06:20 AM

මේ..මුරුංගා කතාව වත්මන් රජයට මඩ..ගැසීමක් !

:       58       189

BamunuarachchiThursday, 04 October 2018 09:36 AM

අර 2500 න් මාසේ කන්න පලුවන් කීව ප්‍රචාරයත් ඔයවගේ, මහින්ද මහතා ගැන කියන කතාත් ඔය වගේ. ලම්බෝගිනි කතාව ඔයිට දෙවැනිනැහැ. කාටද ප්‍රචාරවල ක්‍රෙඩිට් එක යන්නේ?

:       35       0

BamunuarachchiThursday, 04 October 2018 10:53 PM

වත්මන් රජයට නම් මඩ හොඳ වැඩී.

:       0       0

siripala Thursday, 04 October 2018 05:54 AM

බත් සමඟ මුරුංගා කොළ කෑවත් මුරුංගා කොළ පමණක් කෑවත් ආර්ථික අපහසු කමක් මිස එතරම් වෙනසක් නොපෙනේ. අද රටේ එක වේලකින් පමණක් ජීවත්වෙන පවුල් කීයක් සිටිනවාද ? ඔවුන් ගන්න එක වේල සමහරවිට බත් සමග පරිසරයන් නිකම් කඩා ගන්නා අලකොල හෝ එවැනි හොද්දක්. පොල් නැතුව වතුරෙන් පමණක් පිසගන්නවා. පන රැකගන්න ඕන නිසා කෙසේහෝ හාල් ටිකක් කාගෙන් හරි ඉල්ලා ගන්නවා. පොල් මිරිස් තුනපහ ගන්න කෝ සල්ලි. මෙහෙම පිරිස් කීයක් ජීවත්වෙනවද මේ රටේ? නිකම් හොයා බලන්න දුර පලාත්වල ගම් වල විපරම් කරලා.

:       61       230

laksman Thursday, 04 October 2018 06:22 AM

ලුම්බිණි සිටින්නේ දේශපාලන කඩතුරාවෙන් වැහිලා. මෙම වාර්ථාවෙන් සිදුවුණේ රටට අපහාසයක්. ජනාධිපති තුමා පමණක් නොවෙයි රටගැන කැක්කුමක් තිබෙන සැමටම මෙම වාර්ථාවෙන් වේදනාවක් ඇතිවෙනවා.

:       9       52

kithsiri Thursday, 04 October 2018 06:52 AM

මුරුංග කොළ විතරක් කන එකට අවුල්, බතුත් එක්ක කන එක අවුලක් නැහැ. අනේ මේ වගේ...

:       46       141

Faiq Thursday, 04 October 2018 07:55 AM

මුරුංගා කොලය ගිය දුරක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 119 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 70 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 156 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1903 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 538 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site