IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීන පොහොර සමාගමෙන් සැර ලිපියක්

(ඩයනා උදයංගනී)

චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් කර එම තොගය ආනයනයට පියවරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම කාබනික පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැණුම්කරු කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු තමන්ට පවතින බවද එම සමාගම පවසයි.

එසේම පොහොර තොගයේ බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත් පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එම නිවේදනයේ දැක්වේ.

මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම්, එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බව ද ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම සිය නිවේදනයේ දක්වා ඇත.

එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධ අවදානමක් ගෙන දිය හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

 



අදහස් (34)

චීන පොහොර සමාගමෙන් සැර ලිපියක්

ජගත් ලියනගේ Tuesday, 26 October 2021 08:39 PM

දැන් ඉතිං ඕක රටට බාගන්නයි වෙන්නේ.

:       36       41

Ratne Tuesday, 26 October 2021 08:52 PM

කෝ මේ අසමත් ගෝඨා සහ අපත රැල.

:       53       98

රටවැසියා Tuesday, 26 October 2021 08:57 PM

කොහොමද චිනාගේ වැඩ?

:       58       58

අසංකWednesday, 27 October 2021 08:32 AM

චීනාගේ වැඩ නෙමෙයි. මේ රටේ පාලකයන්ගේ වැඩ.

:       0       13

ගැඩවිලා Tuesday, 26 October 2021 09:06 PM

හරි දැන් අපේ ආචාරියෝ මහාචාරියෝ ඔක්කොම ගිරව් වගේ කියයි. ලෝකෙ හොදම පෝර ටික අපේ නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසා තව ඩිංගෙන් හරවලා යවනවා. සිදුවූ අත්වැරැද්දට චීනයෙන් සමාව ඉල්ලනවා.

:       60       75

සිරිබිරිස් Tuesday, 26 October 2021 09:51 PM

ඔය ගොල්ලන්ට දැන් සැපද ?

:       51       67

පුරවැසියා Tuesday, 26 October 2021 10:10 PM

දැන් බලමුකො හෙට අනිද්දා වෙනකොට ඔය නැවෙන් චීන ලෙඩ පෝර ටික ගොඩ බාලා ගොයමට දාලා අපිටම කවන හැටි

:       39       62

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 October 2021 10:16 PM

කොහොමද චීනාගේ තරවටුව? දැනට මෙහෙම නම්, තව තව කල්යාමේදී කොහොම වෙයිද කියා හිතන්න පුළුවන්

:       52       77

gamage Tuesday, 26 October 2021 10:34 PM

දැන් බලාගන්න පුළුවන් පත් කරගත්තේ සිංහයෙක්ද හිවලෙක්ද කියලා

:       30       92

Hafeel Wednesday, 27 October 2021 09:17 AM

මමත් එකඟයි ඔබගේ මතයට. චන්ද කාලේ සමහර මාධ්‍ය වර්ණනා කළා නේද කෙලින් වැඩ කරන, ජාත්‍යන්තරයට බය නැතුව තීන්දු තීරණ ගන්නා නායකයා කියමින්. කෝ දැන් පුස් වෙඩිල්ලක් වෙලා.

:       0       24

මෝThursday, 28 October 2021 12:28 AM

කොහොමද වැඩ බැරි ජනපති ලක්ෂ 69ක් අන්දපු ඇන්දිල්ල.

:       0       3

Ramendra Tuesday, 26 October 2021 11:02 PM

කෝ අර රවීන්ද්‍ර මේකේ කොටන හාදයා, තවම නිදි.

:       36       40

හිටං හුටං Tuesday, 26 October 2021 11:11 PM

පඹයා කිව්වේ මටනේ දැන් බලන්න කවුද පඹයා කියලා.

:       35       61

sampath Tuesday, 26 October 2021 11:34 PM

අපේ පරීක්ෂණ වලින් අසමත් ඒ නිසා ඕක අරගෙන යන්න කියලා කියන්න පුළුවන් වියතෙක් නැති හැටි.

:       30       54

sampath Tuesday, 26 October 2021 11:36 PM

චිනගේ බඩු නොගෙන ඉමු. ඔහොම බලෙන් අපේ ඇඟේ කුණු ගොඩවල් ගහන්නේ අපේ කොන්ඩේ බඳින චීන්නු ඉන්න නිසයි.

:       32       51

චන්දිම ෆොන්සේකා Tuesday, 26 October 2021 11:59 PM

ඉස්සෙල්ලාම කියන්න කවුද මේ විදියට මේ අවදානමක් සහිත පොහොර ගෙන්නන්න ඇනවුම් කරගෙන හිතුමතයට හොයන්නේ බලන්නේ නැතුව තීන්දුව දුන්නේ අණ දුන්නේ කියලා. මොකද මේ වගේ දෙයක් උනොත් කාට කියන්නද කියලා හිතන්න තරම් වත් අබ මල් රේණුවක වත් මොළ කළදක් ඒ මිනිහගේ නම් හිස් කබල ඇතුලේ තියෙනවා කියල් නම් හිතන්න බැහැ. ඔහුට ටොකු සියක් ඇන්නත් මදි.

:       32       62

Lalith M Wednesday, 27 October 2021 06:56 AM

සියල්ලටම වඩා බලවත් කොමිස්. ජීවනෝපාය විදියට දේශපාලන කටයුතුවල විතරක්ම යෙදෙන නාස්තිකාර ජීවිත ගෙවන පාලකයන්ට වෙනත් ආදායම් නැතිකල මෙවැනි දේ වැලැක්වීම අතිශය දුෂ්කරයි.

:       0       6

Don perera Wednesday, 27 October 2021 04:32 AM

කෝ අපේ වී 8 සාදුලා ටික ?

:       0       4

Perera Wednesday, 27 October 2021 04:53 AM

වසර 2500 ක විභූතිය .සිංහල බෞද්ධ සංස්කෘතිය ,අන්තිමේට චීන්නුන්ගේ අසූචි බංගලිදේශයටත් ණය වෙලා ගෙන්න ගෙන .අපේ අභීත නායක සෙට් එක

:       0       5

සෑම් Wednesday, 27 October 2021 05:28 AM

ගව මොළයකින් රටකට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. ගවයා රට ඇතුලත් චෝර කර ඇත. රට ජාත්‍යන්තරයේත් සාර්ථකව චෝර කරමින් ඇත.

:       0       5

Saman Wednesday, 27 October 2021 05:44 AM

පොහොර සමාගම් වලින් සල්ලි අරන් වැරදි පරීක්ෂණ ප්‍රතිපල නිකුත් කර තිබීමට ඉඩ ඇති නිසා තව අවස්ථාවක් දෙන එක හොඳයි

:       7       1

Senaka Wednesday, 27 October 2021 06:05 AM

මේ අපේ රටට, අපේ මාද්‍ය වලට තර්ජනය කරන්නේ චීනයේ සමාගමක් අපි බලමු අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ වලට විරුද්ධව ජීවිතය පරදුවට තියල රට බේරගගන්න කෑගහන අය මේ සමාගමක් රටට කරන තර්ජන වලදී හැසිරෙන හැටි.

:       0       6

සෑම් Wednesday, 27 October 2021 06:15 AM

දැන්වත් තේරනවද යුධ ජයග්‍රහණයට නායකත්වය දීලා තියෙන්නේ නන්දසේන නෙමෙයි වෙන පුද්ගලයෝ කියලා

:       1       9

සුරලොව ඇල්මන් Wednesday, 27 October 2021 06:42 AM

කැලේ සහ කාන්තාරයේ සිටි උග්‍ර විෂ සහිත නයි පොළොංගු ඇතුළු සියලු සර්පයන් රෙද්ද අස්සෙ දාගෙන වෙච්ච වින්නැහිය කියලා නිමකරන්න බැහැ. මගට බැස්ස වියතුන් සැලසුම් කිරීම සංවිධානය මෙහෙයවීම හා පාලනය යන කරුණු නොදැන සියල්ල දන්නෙ අපි පමණයි මතයේ සිට ගත් තීරණ නිසා රට විනාශ වෙමින් පවතී. අහෝ ලංකා මාතාවනි මෙහෙව් පාලකයින් පත්කර ගත් මෝඩයින්ට අනුකම්පා කරන්න

:       0       8

siri Wednesday, 27 October 2021 08:45 AM

අහක ඉන්න නයි ගෙට දාගෙන රටටම අද නිවට වෙලා

:       0       8

dann Wednesday, 27 October 2021 08:48 AM

දැන් මුන්ගේ ඕනෙම ජහ ජරාවක් භාර ගන්න වෙලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මේවා මතුරපු අය අද කතා නෑ .රට වැටිලා තියන අගාධයක් මේකද ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කිව්වේ

:       0       10

L.G.P.Jathunarachchi. Wednesday, 27 October 2021 09:03 AM

ඔව්. අපේ සුපිරි දේශපාලනඥයන්ට ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ චීන සමාගමට පෙම් හසුන් පිරිනැමිය හැකියි.

:       0       8

gagana Wednesday, 27 October 2021 10:26 AM

අපේ උන් හිතන් ඉන්නේ චීනේ ඉන්නේ ගොන්නු කියල. වයර් මාරුකරගෙන. අපේ ගොන්නුන්ට ජීවිතාන්තය දක්වා ඉගෙන ගන්න දේවල් චීන තාක්ෂණයේ තියෙනවා බොලව්. පල දැන් ඔප්පුකරල පෙන්නුවේ බැක්ටීරියා ටිකක් ඉහලා හරි.

:       0       8

Nuwan Wednesday, 27 October 2021 11:35 AM

මොන අමන මනුස්සයද මේ පොහොර ඇනවුම් කලේ ?

:       0       6

fairoos Wednesday, 27 October 2021 12:50 PM

අරාබි කාරයන්ට වඩා චීනෙන් හොඳයි .දැන් කාපල්ලා ගූ

:       0       7

siri Wednesday, 27 October 2021 01:47 PM

කෝ සිංහයෝ වගේ කතා කරපු අය ආයෝජකයෝ කියලා මොකුන්ද මේ ගෙන්න ගෙන තියෙන්නේ

:       0       1

Bishan Wednesday, 27 October 2021 03:57 PM

ප්‍රභාකරන් හිටියා නම් නන්දසේනට ගහන්නේ කනට... ඒ වගේ කෙනෙක් පුම්බපු බැලුමක් විතරයි.

:       0       3

සුවාරිස් Wednesday, 27 October 2021 05:39 PM

කෝ අනේ රවීන්ද්‍රරයි, ගල් බමුණයි? මොකෑ කරන්නේ..? සද්දයක්ම නැහැ නොවැ...

:       0       3

මෝ Wednesday, 27 October 2021 11:00 PM

චීනට නැවෙන්න වෙනවා අනිවා. බලෙන් හරි ඕක මෙහේ බානවා. ඊටපස්සෙ මහ එක්කෙනාටයි ඇමතියටයි ඕක ගෙන්නපු අයටයි පරපුරේ අයටයි ඕකෙන් අග්ගලා හදං කන්න කියන්න. රටකාල ඉවරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 85 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 53 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 138 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1818 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 521 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 628 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site