(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එම තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු පත් කර තිබේ.
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් ඩබ්ලිව් ඒ ආර් විමලසිරි මහතා විසින් එන්සීපී/පීඑස්සී/8/11/09 දරණ පත්වීම් ලිපිය මගින් පළාත් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුරේ වැඩ බැලීමට මෙලෙස පත් කර ඇත්තේ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු වන එච් .අබයකෝන් මහතාය.
මෙවැනි තනතුරකට හෝ එවැනි තනතුරක වැඩ බැලීමට යම් නිළධාරියෙකු පත් කිරීමේදී මොනයම් හෝ හේතුවක් නිසාවත් පුර්ව දිනයක් නොයෙදිය යුතු බව 2009 පෙවරවාරි මස 20 වන දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ කාර්ය පටිපාටි රීති 1 වන ඛාණ්ඩයේ 3 පරිච්චේදයේ සඳහන්වේ.
එහෙත් එච්. අබයකෝන් මහතා උතුරු මැද පළාත් නියෝජ්‍ය ආදායම් කෙමසාරිස් තනතුරේ වැඩ බැලීමට පත් කර ඇත්තේ 2013 වසරේ ඔක්තෝබර් මස 29 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදිය .මෙම පත් කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව් ඒ ආර් විමලසිරි මහතාගෙන් දුරකථනයෙන් විමසූ විට ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේය.
ප‍්‍ර: ලේකම් තුමා උතුරු මැද නියෝජ්‍ය පළාත් ආදායම් කෙමසාරිස් තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු අබයකෝන් මහතා පත් කරලා තිබෙනවද?
උත්තර: ඔව් පත් කළා
ප‍්‍රශ්නය: නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවකුත් තිබෙනවා ඒ අනුව මෙම පත් කිරීම නිත්‍යනූකුලද?
උත්තරය:: ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලැබිලා තිබෙනවා ඒ අනුව පත් කළා. ඒක නිත්‍යනුකූලයි ඇයි මොකක්ද ප‍්‍රශ්නය?
ප‍්‍රශ්නය: ලේකම් තුමා මෙවැනි පත් කිරීමකදි කිසිදු හේතුවක් නිසාවත් පුර්ව දිනයක් නියම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා. එහෙත් ඔබ තුමා මෙම පත් කිරීම කරලා තිබෙන්නේ එම නියමයට පටහැනිව 2013 10 29 වන දින සිට බල පැවැත්වෙන පරිදි හිග දීමනාද සහිතව එවැනි තත්වයක් තුල මෙම පත් කිරීම නිත්‍යනුකුලද?
උත්තරය: ඒ ගැන හොයලා බලන්න ඔන එහෙම දෙයක් කවුරුවත් පෙන්නලා දීලා නැහැ අපට
ප්‍රශ්නය: ඒ කියන්නේ ගැසට් නිවේදනයේ එවැනි කොන්දේසියක් තිබෙනවා කියලා නොදැනද ඔබ මෙම පත්වීම කළේ?
උත්තරය: ඒ ගැන හොයලා බලන්න ඕන
උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයෙකු හෝ වැඩ බලන නියෝජ්‍ය අදායම් කොමසාරිස්වරයෙකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු වන ඩි. ටී. ජී .ඩී ඒ කවිකුමාර මහතා ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා මගින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ ලබන ජූනි මස 26 වැනි දිනටය
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැඩ බැලීමට කළ පත්කිරීම අර්බුදයකට යන හැඩ