IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීන ජනපතිට හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව

බීජිංහිදීය (රොයිටර්)

ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය අද, ඉරිදා (11) අවස්ථාව සැකසීය.

මෙම ව්‍යවස්ථා වෙනසත් සමඟ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග්ට ඕනෑ තරම් කාලයක් ජනාධිපතිධුරය දැරීමට අවස්ථාව සැලසේ. මාවෝ සේතුංට පසු චීනයෙන් බිහි වූ වඩාත් බලවත්ම නායකයා බවට පත්වීමට ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

චීන කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයාගේ ධුර කාලය වෙනස් කිරීමේ ව්‍යවස්ථා වෙනස්කම සම්බන්ධ යෝජනාව නිවේදනය කරන ලද්දේ පසුගිය මාසයේදීය. ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අද (11) පැවැත්විණි. නියෝජිතයන්ගෙන් 3,000කට ආසන්න පිරිසකගෙන් යෝජනාවට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ. 

චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් සංශෝධන ද මෙහිදි ඉදිරිපත් වූ අතර එම සංශෝධන ද ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. එසේ චීන ජනාධිපතිවරයකුගේ දේශපාලන න්‍යායක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ අවස්ථා දෙකකදි පමණි. එසේ ඇතුළත් කර ඇත්තේ මාවෝ සේතුංගේ සහ ඩෙන් ෂාඕපින්ගේ දේශපාලන න්‍යාය. ඒ අතරින් මාවෝ සේතුං ජානධිපතිවරයා ජීවත්ව සිටියදීම ඔහුගේ දේශපාලන න්‍යාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. ඒ අනුව එසේ ජීවත්ව සිටියදී නායකයකුගේ දේශපාලන න්‍යායක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ වරම ලද දෙවැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි. 

චීනය දූෂණ විරෝධී දෙපාර්තමේන්තුවක් ද ස්ථාපිත කරන ලද අතර එය ක්‍රියාත්මක වන්නේ ද ජනාධිපති ෂී ජින්පින්ගේ සෘජු අධීක්ෂණය යටතේය. එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්ති ඇතුළත් කිරීම ද අද දින සිදුවිණි. 

 

 

055



අදහස් (20)

චීන ජනපතිට හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව

kumara Sunday, 11 March 2018 06:03 PM

එකට අපේ රටේ කට්ටිය බලෙන් ඉන්න දගලන්නේ.

:       1       82

රජින්ද Sunday, 11 March 2018 07:04 PM

රටක දීර්ඝකාලීන යහපත් පැවැත්මකට නිවැරදි දැක්මක් ඇති නායකයෙක් අවශ්‍යවන අතර එම නායකයාට කොන්දේසි විරහිතව ජනතා සහාය අවශ්‍ය වේ. ලංකාවේ දැනට එවැනි නායකත්වයට සුදුසු දේශපාලන දර්ශනයක් සහිත වියතෙක් බිහිවෙමින් පවතින අතර ඔහුගේ දේශපාලන අදහස් සහ ඔහු වටා ඉන්නා පිරිස ගැන අපි අවධියෙන් සිටිමු. එමෙන්ම 2020 ජනපතිවරණයට ඔහුගේ දැක්ම දෙස අපි බලා සිටිමු.

:       1121       1067

kumar (galf) Sunday, 11 March 2018 07:16 PM

අනේ අපේ මහරජාටත් මෙහෙම ඉන්න තිබුනානේ හොර මැර කම් නැතිව සාධාරණව රජකරානම්.

:       4       176

MMonday, 12 March 2018 06:11 AM

දැන් හොර මැර කම් නැතිව සාධාරණව කරනවද?

:       462       614

hewawitharana Sunday, 11 March 2018 08:04 PM

අපේ රටේ දේසපාලන ලොක්කන්ට ඉහේ මල් පිපිලා ඇති

:       0       118

බන්ඩා Sunday, 11 March 2018 09:04 PM

සිංගප්පූරැව සහ මැලේසියාව අද තිබෙන තත්වයට දියුණු උනේ ඒම රටවල් දෙකට හිතැති තම පන මෙන් අාදරය කරන කොන්ද පන තියන නායකයන් දෙදනෙක් වන ලී ක්වාන් යිව් සහ මහතීර් මොහමඩ් යන අය වසර 20 කට වඩා එම රටවල් පාලන කරන්න එම රට වල ජනතාව ඡන්දය දුන් නිසයි.

:       0       66

Ajith NissankaWednesday, 14 March 2018 05:22 PM

සිංගප්පූරැව සහ මැලේසියාව අද තිබෙන තත්වයට දියුණු උනේ එම නායකයින් දෙදෙනා සහ ඔවුන්ගේ පවුල් පිටින් හොරකම් නොකරපු නිසා! වංචා සහ දුෂණ වලට තිත තිබ්බ නිසා!

:       0       0

රොෂාන් Sunday, 11 March 2018 10:01 PM

අපේ රටෙත් එහෙම එක්කෙනෙක් එකෝමත් එක කාලෙක හිටියා. හැබැයි වැඩේ හරි ගියේ නෑ රටේ මිනිස්සුන්ගේ වාසනාවට

:       900       732

Nalaka Sunday, 11 March 2018 10:32 PM

අපේ පවට අපිට පහලවෙන්නේ තමුන්ටයි පවුලටයි කරගන්න රට කන දේශපාලුවෝ. මෙහෙම රට ජනතාව ගැන හිතල වැඩ කරන අය අපට කවදා ලැබෙයිද.

:       1       1054

Rohana Sunday, 11 March 2018 10:58 PM

මේක නම් මහින්ද හිටපු ජනදිපතිතුමාගෙන් ඉගෙනගත්ත පාඩමක්. ජයවේවා.

:       59       21

LANKA Monday, 12 March 2018 01:18 AM

ඉතින් ඊටපස්සේ උනේ මොනවද කිලයල දන්නවනේ. තව වසර දෙකක් තියෙද්දී ගෙදර

:       362       448

disa Monday, 12 March 2018 02:11 AM

මට අපේ හිටපු කෙනා මතක් වෙනවා ......

:       134       130

rocky Monday, 12 March 2018 02:45 AM

ෂා! අපේ කාට හරි මෙහෙම චාන්ස් එකක් වැදුනානම් ලංකාව ඉවරයි.

:       11       278

රෝහිත Monday, 12 March 2018 02:46 AM

අම්මෝ අරයට නම් මේ නිව්ස් එක පෙන්නන්න එපෝ!

:       32       197

kalani Monday, 12 March 2018 03:34 AM

" මිනිසා සුවඳයි මලසේ " දුෂණයෙන් තොර රටක්, හෙටක් වෙනුවෙන් කැප වූ මිනිසුන් නායකත්වයේ තබාගැනීමට පසුබට නොවෙති.

:       2       7

trump Monday, 12 March 2018 04:02 AM

මේ ක්‍රමය චීන කොමියුනිස්ට් සමාජවාදී ක්‍රමයට ගැළපේවි.බ්‍රිතාන්‍යයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙන,දවසින් දවස පක්ෂ පැටව් ගහන අපේ රටට නම් ගැලපෙන්නේ නෑ,නැත්නම් අපේ පිපෙන පක්ෂයේ කට්ටිය හිතයි අපේ කලින් නායකයා ජීවිතාන්තය දක්වා තියාගත්ත නම් කොච්චර ශෝක්ද කියලා,අපේ රටේ මිනිස්සු වැරදිලා හරි මේ වාතාවරණය තුළ එහෙම දෙයක් කරන්න හිතුවොත් ඒක තවත් සිවිල් යුද්ධයක් දක්වා ගමන් කරයි,කොහොමත් අපේ රටේ අය ජනතාවට වඩාත් හිතකර පාලන ක්‍රමය වන සමාජ වාදය ප්‍රතික්ෂේප කරපු අයනේ ඒකට හේතුව මේ රටට ගැලපෙන "සංශෝධිත සමාජවාදයේ මූලධර්ම"(හරියට මාඕ සේතුං, ලෙනින් ලා කළා වගේ තම තමන්ගේ රටට ගැලපෙනමූල ධර්ම )පිළිබඳ ජනතාවට අවබෝධයක් නැති කම සහ අපේ පාලකයන්ට ඒ මූලධර්ම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අපොහොසත්කම.අනික ඔලු ගෙඩියට වඩා බඩ ගෙඩිය ගැන හිතන, අල කිලෝ දෙක ගානෙ බෙදලා ඡන්ද ගන්න පුළුවන් වුනු,අපේ රටේ මිනිස්සුන්ට මේවා තේරුම් කරන්නත් අමාරුයි.

:       452       665

lalithsjm Monday, 12 March 2018 04:03 AM

අපේ කට්ටියත් ඕකම අකුරක් අඩු නැතිව කරගනී.

:       0       55

Tissa Monday, 12 March 2018 07:25 AM

මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා ජනතාව බදු බරින් මිරිකෙන නිසාත්, පාලකයන් දෙපැත්තේම සුරසැප විඳින නිසා ඊළඟ මැතිවරණයේදී මහින්දගේ පොහොට්ටුව අතිවිශාල ජයක් ලබනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කර අපේ මහින්ද ලොක්කාටත් හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව උදාවෙනවා. එතෙක් ඉවසන්න. ඒ කාර්යය සාර්ථක කරගන්න පූර්ණ සහය රනිල් දෙනවා. ජය වේවා!

:       3       4

Sunil Monday, 12 March 2018 08:10 AM

අපේ කට්ටියට දැන් පපුව ඩොග් ඩොග් ගානවා ඇති. ලඟදීම කියාවි, අපි අපේ මිතුරු චීනේ අනුගමනය කරන්න ඕනෑ කියලා...

:       0       0

Duminda Monday, 12 March 2018 08:16 AM

අපේ මහින්ද මහතාටත් ඊළඟ මැතිවරණයේදී හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව. ඔබලාට සතුටුද?

:       17       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1262 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 403 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 473 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 372 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 550 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4544 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site