IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘වී රාජ්‍ය දේපළක් ලෙස සළකා අතවශ්‍ය සේවාවක් බවට පත් කරන්න’

(විනීතා එම් ගමගේ )

 ‘‘වී’’ රාජ්‍ය දේපලක් සේ සළකා අත්‍යවශය සේවාවක් බවට පත් කරන ලෙසත් ආණ්ඩුව නියම කරන මිල ගණන්වලට හා නීතිවලට අනුගත නොවන මෝල් රජයට පවරා ගැනීමටත් කටයුතු කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට යෝජනා කරයි.

වී මිලට දුන් සහතික මිලට ගැලපෙන සහතික සහල් මිලක් ආණ්ඩුවම තීරණය කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.

රජයට අයත් වසා දමන ලද වී මෝල් හා සතොසට අයත් වී මෝල් වහා විවෘත කිරීමටත් සහන දෙමින් කුඩා මෝල් හිමියන්ට ණය ඇතුළු සහන සැළසීමට කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් ස`දහන් කළේය.

මෙම පියවර ගැනීමෙන් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අධිකාරිය බිද හරින්නට හැකි වනු ඇතැයි ද කී කරුණාරත්න මහතා සහල් අලෙවියට පවා රජය මැදිහත් වියයුතු යැයි කියා සිටියේය. 

රට තුළ සහල් හිගයක් නැතැයි ද හිඟයක් මවා පාන්නේ මහාපරිමාණ මෝල් හිමියන් බව වගකීමෙන් යුතුව කියා සිටින බව ද පැවසූ කරුණාරත්න මහතා මෙරට පරිභෝජනය ස`දහා වසරකට අවශ්‍ය සහල් මෙට‍්‍රික් ටොන් 24 ක් වන නමුත් වසරක දී මෙරට වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 50කට ආසන්න ප‍්‍රමාණයක් නිපදවන බව ද පෙන්වා දුන්නේය.

කීරි සම්බා කිලෝවකින් රුපියල් 50 කට  ආසන්න ශුද්ධ ලාභයක් මෝල් හිමියන් ලබන බව පෙන්වා දුන් ඔහු වී මිලට ගැනීමේ දී නාඩුමිලට වඩා කීරි මිල අඩුව පවතිද්දීත් කීරි මිල මේ තරම් ඉහළ යෑම සහල් මාෆියාවේ කොටසක් යැයි ද පැවැසීය.
 

 



අදහස් (10)

‘වී රාජ්‍ය දේපළක් ලෙස සළකා අතවශ්‍ය සේවාවක් බවට පත් කරන්න’

de silva Monday, 25 May 2020 11:21 AM

වී කියන්නේ අහාර ද්‍රව්‍යයක් මිසක් දේපලක් නොවේ. ගොවියෙක් තම කුඹුරේ දහදිය මහන්සියෙන් වගකරගන්න වී ටික රජයේ දේපලක් වෙන්නේ කොහොමද?

:       156       174

de silva Monday, 25 May 2020 11:32 AM

වී නොවේ, පුලුවන් නම් පොළොන්නරුවේ හබරලිය මුදලාලිගේ සහල් මෝල රජයට පවරාගන්න...

:       6       55

Prabha Monday, 25 May 2020 12:19 PM

මේවා සංදර්ශන... අපි මේ දකින්නේ එකම කාසියක දෙපැත්ත...

:       77       19

ගමරාල Monday, 25 May 2020 12:48 PM

රජයට හා සතොසට අයත් වීමොල් වැසී ගියේ වෙනත් හේතුවක් නිසා නොවේ.. දේශපාළුවන් රැකියා සැපයීමේ මධ්‍යස්ථාන ලෙසට ඒවා පාවිච්චිකල නිසාය... නැතහොත් ඒවාටත් වෘත්තීය සමිති රිංගාගත් නිසායි.. නැවතත් ඒවා ආරම්භ කිරීමත් සුදුසුයි.. ඒ හැර.. ජනාධිපතිවරණ වේලාවේ සාමාන්‍ය පෙළ අසමත් අයටත් රැකියාදීමේ වැඩසටහනක් දක්වා තිබුණා.. එම පත්වීම් දීමේදී වගා නොකල කුඹුරු වගාකිරීමටත් රජයේ ගොවිපලවල් ඇතිකිරීමටත් ඒ අය පත්කර රට සශ්‍රීක කිරීමටත් රැකියා දීමටත් එම කණ්ඩායම් පත්කරන්න. රටේ සමහර පෙදෙස්වල ගොවීන් ඉන්නවා තමාගේ කුඹුරුවලට සේවයට පිරිස් නොමැතිව. එ් වෙනුවෙන්ද අපේක්ෂිත පිරිස්වලට ගොවිජන සේවා කාර්යාලවලට පත්වීම් ලබාදී කෘෂි උපකරණ ක්‍රියාකරවීම වැනි තනතුරු ලබාදී ගොවීන්ගෙන් යම් මුදලක් අයකර සේවා සැපයීම් ක්‍රමයක් ඇතිකරන්න...

:       0       125

vidya Monday, 25 May 2020 05:28 PM

මෙතන කරුණක් තියෙනවා. මෝල් හිමියන් කලින් වී ගත් මුදල වැඩිනම් අඩු මුදලකට කොහොමද හාල් දෙන්නේ...? එසේ නම් නිලධාරින් මෝල් හිමියන්ගේ පොත්පත් පරීක්ෂා කරලා තීරණයක් ගන්න ඕනේ... එක පාරට ගහෙන් ගෙඩිඑනවා වගේ සැමන්, පරිප්පු අඩුකළා. දැන් අායේ වැඩි කරලා... තේරුමක් ඇති වැඩක් කරන්න ඕනේ... විශාල පිරිසක් මෝලක් ඇතුළට ගිහාම මොලේ වැඩකරන මිනිසුන්ට ඇතිවන පීඩනය කොපමණද? එමනිසා අත්‍යවශ්‍ය කීප දෙනෙක් ගිහින් මෙවැනි සාකච්ඡා කරන්න ඕනේ....

:       0       1

lalithm Monday, 25 May 2020 07:28 PM

පොළොන්නරුවේ හබරලියගේ නොවෙයි, ලංකාවේ කිසිම දෙයක් රජයට ගන්න ඕනේ නැහැ. කව්රුහරි මහන්සිවෙලා උපයාගත්ත දෙයක් පවරගන්නවා කියන්නේ හෙනගහන අපරාධයක්. ඔය පවරාගන්න ඉල්ලන කෙනාට මෝලක් නොවෙයි, මීහරකෙක්වත්, කුඹුරක්වත් තියෙන්න බැහැ.. තියෙන ඉරිසියාවේ හැටියට...

:       0       1

de silva Monday, 25 May 2020 07:48 PM

පොළොන්නරුවේ හබරලිය සහල් මුදලාලි ගාල්ලේ උණවටුනේ තරු 5 හෝටලයක් හදනවා... එ්කේ මම හිතන විදිහට කාමර 500ක් විතර තිබෙනවා. එ්ක කොළඹ හිල්ටන් එකටත් වැඩිය විශාල බව පෙනේ.. ඔහු ලංකාව වටේ තව මෙවැනි හෝටල් 5ක් පමණ හදන බව ආරංචියි. ඔහුට මෙපමණ ධනයක් ලැබුනේ කොහොමද කියලා හොයලා බලන්න.. කරුණාකර සොයලා බලන්න.

:       0       1

Nuwan Monday, 25 May 2020 09:01 PM

එංගලන්තයේ ප්‍රවාහන සේවා රජයට පවරාගන්නා ලෙස වී මෝල් රජයට පවරාගන්න.

:       0       1

දුටුගැමුණු Monday, 25 May 2020 11:25 PM

වී මෝල් හිමයන් සියලු දෙනාට සහල් වෙළඳාම කරනවිට වෙනත් කිසිදු බිස්නස්, වෙළඳාමක් කිරීම තහනම් කළ යුතුයි. හේතුව ඔවුන් බැංකුවලින් විශාල ණයගෙන හෝටල් ඉදිකර දැන් සුද්දන් නොමැති නිසා ඒ ගත් ණය ගෙවන්න ඔවුන්ට නොහැකි නිසා ඒ බර හාල්මත පටවා ජනතාව පීඩනයට පත්කරන නිසායි...

:       0       0

denin Tuesday, 26 May 2020 02:37 AM

මේ සමස්ත ලංකා ගොවිජන සංවිධානයත් සහල් නිෂ්පාදනය වහාම පටන්ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 37 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 315 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 366 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1111 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 408 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 386 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site