ඔස්ලෝහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව අද (5) නිවේදනය කළේය.
කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඉරාකයේ ලිංගික වහල් වෙළෙඳාමට සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීම යන කරුණු මුල් කරගනිමින් ඩෙනිස් මුක්වේගේ සහ නාඩියා මුරාද් එලෙස නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතය.
ඩෙනිස් මුක්වේගේ කොංගෝ ජනරජයේ නාරිවේදය පිළිබඳ විශේෂ වෛද්‍යවරයෙකි. නාඩියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානයේ ලිංගික වහල් සේවයට ගොදුරුව ඉන් දිවි ගලවාගත් තැනැත්තියකි. ඇය ඉරාකයේ යසීදි ප්‍රජාව නියෝජනය කරන්නියකි.
“ලිංගික ප්රචණ්ඩත්වය යුද්ධයේ අවියක් කරගැනීම වැළැක්වීම වෙනුවෙන් සටන් වැදීම” යන පාඨය යටතේ ඔවුන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව සඳහන් කළේය.
මුක්වේගේ කොංගෝ ජනරජයේ නැගෙනහිර පිහිටි නගරයක් වන බුකාවු පන්සි රෝහලේ සේවයේ යෙදෙමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකි.
ඔහු 1999 වසරේදී සායනයක් ආරම්භ කර ඇති අතර සෑම වසරකදීම මුක්වේගේ සායනයට කාන්තාවන් දහස් ගණනින් පැමිණ ඇත. ඔවුන්ගේ බොහෝ දෙනා ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවෝ වන අතර ඔවුන්ගෙන් ද බොහෝ දෙනා ශල්‍යකර්මවලට භාජනය කළ යුතව තිබී ඇත.
මුරාද් ඉරාකයේ යසිදි සුළුතර ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනි සිටින්නියකි. ඇය සරණාගත සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කැප කළ අතර 2014 වසරේදී අයි.එස් ත්රස්තයන්ගේ ගොදුරක් බවට පත්විය. අයි.එස් ත්රස්තයන් මොසුල් නුවරදී ඇය අතවරයට ලක් කළ බව ද පැවසේ.
සෑම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක ත්‍යාග මුදලක් ප්රදානය කෙරේ. සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා එම ත්‍යාග මුදල පදක්කම පිරිනමයි. නොබෙල් ත්‍යාග ලබාදීම ආරම්භ කළ ඇල්ෆ්රඞ් නොබෙල්ගේ අභාවප්‍රාප්ත වූයේ 1896 දෙසැම්බර් 10 වැනිදාය.
එම දිනය සිහිකරනු වස් සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී නොබෙල් ත්‍යාගලාභීන් කවුරුන් ද යන වග නිවේදනය කරන අතර පදක්කම් සහ ත්‍යාග මුදල් පිරිනැමෙන්නේ දෙසැම්බර් 10 වැනිදාය. නොබෙල් ත්‍යාගය ප්රදානය කිරීම ආරම්භ කරන්නේ 1895 වසරේදීය.
055
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට