IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කළු ජූලියේ වින්දිතයන්ට කැනේඩියා අගමැතිගේ කනස්සල්ල

කළු ජූලියෙන් ජීවිත අහිමි වූ හා ඉන් පීඩාවට පත්වූ දෙමළ ජාතිකයන්ගේ පවුල් හා ඔවුන්ගේ මිතුරන් හා එක්වෙමින් ශෝකය බෙදා ගන්නා බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත.
 
1983 ශ්‍රී ලංකාවේ සිදු වූ ‘කළු ජූලියට’ වසර 35ක් පිරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජස්ටින් ටෲඩෝ ඒ බව සඳහන් කර ඇත.
කළු ජූලිය නිසා ජීවිත අහිමි වූ සහ ඉන් පීඩාවට පත්වූ කැනේඩියානු දෙමළ වැසියන් මෙන්ම ලොව පුරා සිටින දෙමළ ප්‍රජාවේ පිරිස් සමඟ ඔවුන්ගේ ශෝඛය බෙදා ගැනීමට තමන් ද එක්වන ඔහු තම නිවේදනය මගින් පවසා ඇත.
 
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා තම නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත.
 
“වසර 1983 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ දෙමළ විරෝධී ක්‍රියාකාරකම් නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වුණා. දහස් ගණනකට ජීවිත අහිමි වුණා. තවත් දහස් ගණනක් අවතැන් වුණා. ශ්‍රී ලංකාවේ ගැටුම නිසා ජීවිත රැසක් අහිමි වුණා. අද කැනේඩියානු දෙමළ ජාතිකයන් මෙන්ම ලොව පුරා සිටින දෙමළ ප්‍රජාවේ සාමාජිකයන් එය සිහිපත් කරමින් ශෝක වෙනවා. අප ද ඔවුන් හා එක්වෙනවා.
 
සතියක් මුළුල්ලේ සිදු වූ ප්‍රචණ්ඩකාරි, විනාශකාරී සහ බිහිසුණු සිදුවීම් නිසා දශක ගණනක ගැටුමක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයක් ඇතිවුණා. මෙම යුද්ධයෙන් දස දහස් ගණනක් පීඩාවට පත්වුණා. තවත් දහස් ගණනකට ජීවිත අහිමි වුණා.
වසර 1983 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා කැනඩාව විශේෂ පියවර ගත්තා. ඒ අනුව දෙමළ ජාතිකයන් 1,800කට නිදහසේ කැනඩාවට පැමිණීමට හැකියාව ලැබුණා. අද කැනඩාව තිබෙන තත්ත්වයට ගෙනඒමට ඔවුන් ද දායක වුණා. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.
වසර 2009 දී සිවිල් යුද්ධය අවසන් වුණා. මේ වනවිට සංහිඳියා ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා දීර්ඝකාලීන සාමයක් උදා කරලීමටත් සංහිඳියාව ඇති කිරීමටත් මෙන්ම අර්ථාන්විත වගවීම් ක්‍රියාවලියක් සඳහා කැනඩාව ශ්‍රී ලංකා රජය සහ සිවිල් සමාජය සමඟ සමීපව කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලංකා රජය සහ සිවිල් සමාජය දිරි ගන්වනවා.
 
කැනඩා රජය වෙනුවෙන් කළු ජූලිය නිසා ජීවිත අහිමි වූ සහ එම නිසා පීඩාවට පත්වූ පිරිස්වලට මම ශෝකය පළ කරනවා. ඒ වගේම වගවීම, අර්ථාන්විත සංහිඳියාව සහිත දීර්ඝකාලීන සාමයක් සහ සෞභාගයමත් අනාගතයක් වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව වැඩ කරමු”.

055



අදහස් (17)

කළු ජූලියේ වින්දිතයන්ට කැනේඩියා අගමැතිගේ කනස්සල්ල

Gajaba Tuesday, 24 July 2018 08:00 PM

පේනවා නේද ලෝකයේ සිංහල අපිට විරුද්ධව බොරු කියන හැටි... මේවට උරදෙන්න තරම් පාලකයෝ අපිට නැහැ. අනේ අපෝ.. මේ කෙනා දෙමළ ඡන්දවලට යටවෙලා කියන කථා.

:       4       42

පිටිගල මිලානෝ Tuesday, 24 July 2018 08:08 PM

බොහෝ පින් ඇති අය විතරක් ඉපිදෙන මේ පින් බිම ගැන මොනාද කතා කරන්නේ?

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 24 July 2018 08:08 PM

බොහෝ පින් ඇති අය විතරක් ඉපිදෙන මේ පින් බිම ගැන මහතා මොනාද කතා කරන්නේ? (මගේ පිනට මම නම් ඉතාලියේ)

:       29       7

abaran Tuesday, 24 July 2018 11:03 PM

එතකොට ගරු ප්‍රභාකරන් මැතිතුමා විසින් ඝාතනය කරන්නට යෙදුණු සිංහල දෙමල සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකුත් කරන්නේ නැද්ද? ජාතිවාදයට උඩ ගෙඩි දෙන මේ වාගේ උන්ට බයවෙලා තමයි හැමදාම ඉන්ට වෙලා තියෙන්නේ....

:       52       154

Dimuthu Wednesday, 25 July 2018 12:14 AM

ලිබරල් මැට්ටෝ යුද්දේ කියල කොටි ටික ඔක්කොටම එන්න දුන්න. ඉන්පස්සේ උන් සල්ලි එකතු කරලා ආයුද එවන්න ගත්ත ලංකාවට. මුන් කරන්නෙම ඔහොම වැඩ. දැන් එනවා කිඹුල් කඳුළු හෙලන්න. මුස්ලිම් එවුන්ට එන්න දුන්න හතර දිග්බාගෙන් ඉවක් බවක් නැතුව. ඊයේ පෙරේද මුස්ලිම් එකෙක් හතර අතේ වෙඩි තියල 13 කට තුවාල කරලා දෙන්නෙක් මලා. මෙයා යන්නේ කවදද කියල කැනඩාවේ අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

:       354       405

Senarath Wednesday, 25 July 2018 03:36 AM

ඒ දවසෙම එල් ටි ටි එකෙන් ඝාතනය උණු හමුදා සෙබළුන්ගේ පවුල් දුක්වෙන එක මෙයාට පෙනෙන්නේ නැහැ. ඒ සිදුවීම තමා , අවස්ථාවාදීන් යොදාගත්තේ අහිංසක දෙමල වැසියන්ගේ දේපල කොල්ල කන්න. මේ සිදුවීම එල් ටි ටි එක හිතාමතා සැලසුම්කරල කරපු දෙයක්. ඔවුන් තවත් ඒ වගේ සිදුවීම් කරන්න කිහිපවරක් උත්සාහ කල. ශ්‍රීමහ බෝධිය ළඟ කල ඝාතන, දළදා මාලිගාවට බෝම්බ ගැසීම වැනි දේ . ඒ වගේම එල් ටි ටි එකට රජයේ උපදෙස් මත යටත් උණු පොලිස් නිලධාරීන් 650 ඝාතනය් කිරීම සහ ඔවුන්ගේ පවුල් ගැනමෙයාට කිසිම දුකක් කනගාටුවක් නැහැ. මේවා එදත් එහෙමයි, අදත් එහෙමයි .

:       0       64

ලුම්බිණි Wednesday, 25 July 2018 03:44 AM

කැනේඩියානු අගමැති තුමා ඊට කලින් ශෝඛය බෙදා ගත යුත්තේ සහ සමාව ගත යුත්තේ කැනේඩියානු ආදිවාසින් ගෙන් නොවේද? 18 සහ 19 ශත වර්ෂ වල ඔබතුමන්ලා නැත්තටම නැති කල ආදිවාසින්ගේ සමාජය අමතක වගෙයි.

:       0       107

kalani Wednesday, 25 July 2018 04:00 AM

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති සේවා සඳහා බුද්ධිමත් කාර්යශුර නිලධාරින් වෙනුවට දේශපාලන අනාථයින් යැවීම නිසා විදේශ රාජ්‍ය මෙවැනි බරපතල ප්‍රකාශ නිකුත් කිරීම සාමාන්‍ය දෙයක්.

:       0       103

HafeelWednesday, 25 July 2018 07:43 AM

ඔබ සමග මමත් එකඟයි. අපේ තානපතිලාට වඩා දෙමල ඩයස්පෝරාව ශක්තිමත්. හැම තානාපතිලාම නොවේ, නමුත් බහුතර තානාපතිලා මේ තනතුරු මාර්ගයෙන් කරන්නේ තමන්ගේ දරුවන්ව පිට රටවල්ව උගන්නනවා. රට ගැන හිතන්නවත් නැහෙ. ක්‍රිස් නෝනිස්, දයාන් ජයතිලකලා වගේ රට ගැන හිතල අවංකව වැඩ කල හොඳ තානාපතිලාටත් අවසානයේ ගුටි කාල රටට ආපහු එන්න සිදුවුණා. සමහර තානාපතිලා කලේ කොටි හිතවාදීන්ට තානාපති කාර්යාලය අලුත් වැඩියා කොන්ත්‍රාතුව දුන්නා. තවත් විදේශ කටයුතු නිරීක්ෂණ මන්ත්‍රී කෙනක් ජනීවා සමුළුවට ගිහින් ෆිල්ම් බලනවා. තානාපතිවරුන්ට ගැහුවා.

:       0       44

කිං දාවිත් Wednesday, 25 July 2018 04:22 AM

බටහිර රටවල් අවුරුදු 500ක් අපිව කොල්ලකාපු එක අපේ මිනිස්සු මරපු එක ගැන දුක් වෙන්න කවුරුවත් නෑහැ....

:       0       74

Asiri Wednesday, 25 July 2018 05:56 AM

ගරු අගමැති තුමනි 1983 කළු ජූලියෙන් අසරණ වුනේ දමිල සහෝදර පවුල් විතරද ? සිංහල අපගේ සහෝදර පවුල් ගැන නැතිවූ හමුදා සහෝරදර වරු ගැන සිංහල අයගෙත් දේපල, ජීවිත ගැන ඔබ තුමා දැනුවත් ද ? කෙසේ නමුත් මුව වෙස් පෙරලගෙන ඔබ රටට රිංගා ඇති දැන් එහි ඔබවත් ගොනාට අන්දගෙන ඉන්නාවූ ම්ලේච්ඡ කොටි සංවිධාන කැනඩාව තුළත් ඉතා නුදුරේ ඊළාම් රාජ්‍යයක් පිහිටවන බව අවුරුදු 30ක් යුද්ද කල අපට ඉවෙන් මෙන් දැනේ .

:       0       30

Asiri Wednesday, 25 July 2018 05:56 AM

ගරු අගමැති තුමනි 1983 කළු ජූලියෙන් අසරණ වුනේ දමිල සහෝදර පවුල් විතරද ? සිංහල අපගේ සහෝදර පවුල් ගැන නැතිවූ හමුදා සහෝරදරවරු ගැන සිංහල අයගෙත් දේපල, ජීවිත ගැන ඔබ තුමා දැනුවත් ද ? කෙසේ නමුත් මුව වෙස් පෙරලගෙන ඔබ රටට රිංගා ඇති දැන් එහි ඔබවත් ගොනාට අන්දගෙන ඉන්නාවූ ම්ලේච්ච කොටි සංවිධාන කැනඩාව තුලත් ඉතා නුදුරේ ඊළාම් රාජ්ජයක් පිහිටවන බව අවුරුදු 30ක් යුද්ද කල අපට ඉවෙන් මෙන් දැනේ .

:       0       21

Indhika Wednesday, 25 July 2018 06:12 AM

කැනඩාවේ දෙමල අය ගොඩක් ඉන්න පාටයි. එයාලගේ ඡන්දෙ වෙනුවෙන් තම මෙයා මේ කතා කරන්නේ.

:       6       39

Raawana Wednesday, 25 July 2018 06:16 AM

උඹලගේ පාරවල් අතු ගාන්න තවත් උවමනා නම්, ලක්ෂ 5 විතර එවන්න පුළුවන්.

:       43       175

සතයපාල Wednesday, 25 July 2018 07:33 AM

ඉතිහාසයේ කුණු ගොඩවල් අවුස්සලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනන්වා ගන්න නිහින උත්සාහයකයි මෙයා නිරතවෙලා ඉන්නේ. කණගාටුව ප්‍රකාශ කරනවා නම් ලෝක ඉතිහාසයේ මොන තරම් කරුණු කාරණා තියනවාද ? ඒවා හැමදාම සිහිපත් කරනවා නම් මේයාට වෙන වැඩක් කරන්න කාළයක් ඉතිරි වෙන්නේ නැහැ.

:       0       20

Sarasi Wednesday, 25 July 2018 09:58 AM

ඔබතුමාගේ පියාට නම් ඔයිට වැඩිය දූරදර්ශි නුවණක් තිබුණා කියලා අපි අසා තිබෙනවා. තේරේවි වඳින්න ගිය දේවාලේ ඔලුවට කඩා වැටුණු දවසට...

:       0       10

dickie bird Wednesday, 25 July 2018 10:48 AM

මෙයා එක්සත් ජාතික පක්ෂයට සහ රාණිට ස්තුති කළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 63 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 89 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 96 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 177 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 352 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1089 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site