IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රවී අත්අඩංගුවට ගන්න නීතිපති වරෙන්තු ලබාගෙන ඇත්තේ නීතියට පටහැනිව

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට පටහැනිව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අද (12) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා මේ බව කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින්  ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පස් දෙනෙක් ගොනු කළ රීට් පෙත්සම් පහ අද (12) දෙවැනි දිනයටත් අධිකරණය හමුවේ කැඳවිණි.

එහිදී පෙත්සම්කාර රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් මෙසේද කීය.

          ‘‘මගේ සේවාදායකයාට එරෙහිව ලබා ගෙන ඇති වරෙන්තුව නීතියට පටහැනිය.මෙහිදී බලධාරීන් කටයුතු කර ඇත්තේ ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනියි.මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ පක්ෂග්‍රාහීවයි.මගේ සේවාදායකයාට එරෙහිව ක්‍රියාකාර ඇත්තේ ද්වේෂ සහගතවය.

මෙම සිද්ධිය පිළිබඳ සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරිනියක් හැටියට කටයුතු කරන නිසා අගතියක් වන බවට කරුණු දැක්වීමට අවසර ඉල්ලුවත් ඊට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ නැහැ.

මෙම බී වාර්තාවේ සැකකරුවන් ගෙන් එක් අයෙකුට පමණක් වරෙන්තු නිකුත් කළේ නැහැ.ඒක අගතිගාමී වැඩක්.මෙහි මුල් නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙනවා.එහිම කොටසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීම වැරදියි.මෙය හිතාමතා කළ දෙයක්.බැදුම්කර වාර්තාවේ මෙම බැදුම්කර වෙන්දේසි දෙකම පිළිබඳව සඳහන් වෙනවා.ඒ අනුව ඒ දෙකම එකම කරුණක්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා -  

පළමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී පසුව මෙහාට කරුණු දැක්විය යුතුයි.

ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා -

එහෙම කළොත් අත්අඩංගුවට ගන්නවානේ බී වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (2) වගන්තිය අනුවයි.එහෙත් වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139 වගන්තිය යටතේයි.එය වැරදියි.අනික් අතට මගේ සේවාදායකයාට එරෙහිව කිසිඳු චෝදනාවක් බැදුම්කර වාර්තාවේ සඳහන් වී නැහැ.මෙම සිදුවීම මාලාව සිදුවන්නේ රටෙහි ජනාධිපතිවරයා තෝරා ගෙන පසුදින කිහිපයකදියි.

ඉන්පසු තුන්වැනි සහ හතරවැනි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා මෙසේද කීය.

‘‘නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා මාගේ සේවාදායකයින්ට අදාළ නැහැ.මගේ සේවාදායකයින්ට නගා ඇති චෝදනා වන්නේ ආධාර අනුබල දීමයි.මගේ සේවාදායක ඉන්දික සමන් කුමාර , වරලත් මූල්‍ය විශ්ලේෂකයෙක්.ඔහු අර්ථ සාධක අරමුදල සමඟ කටයුතු කරන්නේ ද්විතීයක වෙළඳපොල ගැණුම්කරුවෙකු හැටියටයි.

ඒ සෑම ගනුදෙනුවක්ම ඔහුගේ ප‍්‍රධානියා අනුමත කරනු ලබනවා.ඔහු ප‍්‍රාථමික වෙළඳ පොළ සම්බන්ධයෙන් කිසිඳු සම්බන්ධයක් නැහැ.ඒ අනුව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම වැරදියි.මගේ අනෙක් සේවාදායකයාට ඇත්තේ දුරකතන ඇමතුම් ලබා ගැනීම පමණයි.ඒ අනුව මගේ සේවාදායකයින් දෙදෙනාම නිර්දෝෂී යැයිද හෙතෙම කීය.

පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනටත් හෙට (13) පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් , බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර සහ චිත්ත රංජන් හුළුගල්ල නැමැත්තන් මෙම රීට් පෙත්සම් පහ ගොනු කළහ.

නීතිඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතිඥ සමාගම ගොනු කර ඇති මෙම රීට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක,  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැදුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 6 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.

මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමැති නීතිමය මූලධර්මයට පටහැනි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලිසිය ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙස පෙත්සම්කරුවෝ  අභියාචනාධිකරණයෙන් ඉල්ලා  සිටිති.

එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාෆා , නවීන් මාරපන , ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.

 



අදහස් (12)

රවී අත්අඩංගුවට ගන්න නීතිපති වරෙන්තු ලබාගෙන ඇත්තේ නීතියට පටහැනිව

de silva Thursday, 12 March 2020 02:13 PM

මේ මොන විකාරයක්ද ? එතකොට ලොකු කුඩා සියලු මුදල් වංචාකාරයෝ අත්අඩංගුවට ගන්න ඉස්සරවෙලා අධිකරණයේ අවසර ගන්න ඕනෙද ? මේවා ඔක්කොම බොරු රංගන , මේවා ඇහුවහම මට ගෝඨාභය මහත්මයා ගැනත් තිබුන විශ්වාසය බිඳ වැටුනා.

:       0       0

මහසෙන් Thursday, 12 March 2020 02:22 PM

රවී උච්චයි.. ආණ්ඩුව නීචයි.. ජනතාව කුජීතයි.

:       0       1

Ajantha Thursday, 12 March 2020 02:29 PM

රවී ඇතුළු චෝදනා එල්ල වී ඇති කවුරුත්ම වැරදි නැහැ. මේ රටේ දුප්පත් මිනිස්සු තමා වැරදි. අනේ ඔයාලගේ නීති, තර්ක.......ලැජ්ජයි හොරු වෙනුවෙන් පෙනී ඉන්න ඔයාලා ගැන. හොඳට මතක තියාගන්න ස්වභාව ධර්මයෙන් ඔය හැමෝටම කවදාහරි හොඳට සළකන බව.....එදාට තමන්ට තමන් විතරයි. එතකන් හොඳට නට නට ඉන්න.

:       0       1

Raveendra Thursday, 12 March 2020 02:29 PM

හුරේ...සත්ගුණවත් අපේ තක්කඩි ග්‍රහයා නිදහස්. කාටද ආඩම්බර ? සියලු බදු ගෙවන අහිංසක පුරවැසියන් අවසානයේ පරාදවනු නියතය. තක්කඩි සුනඛයින්ට අපගේ මාතෘ භූමිය තව තවත් විනාශ කිරීමට මෙම බුරුවන්ට මෙමගින් නැවත අවස්ථාව ලබාදෙයි.

:       0       1

ranjith Thursday, 12 March 2020 03:52 PM

රට කාපු හොරු රකින්න කතන්දර හදන හැටි මහජන මුදල් අවභාවිතා කරපු අයට අාත්ම ගණනක් කඹුරන්න වෙනවා..

:       0       1

kalapana Thursday, 12 March 2020 04:30 PM

හොරකම් කරේ නීතියට අනුවද ?

:       0       1

dilan Thursday, 12 March 2020 04:46 PM

ඉතින් එහෙමනම් ඇයි බයේ හැන්ගෙන්නේ.

:       0       0

Perera Friday, 13 March 2020 12:08 AM

වරෙන්තු අරන් තියෙන්නේ නීතිපතිද පොලිසියද? මම දන්නා විදිහට වරෙන්තු අරන් වරෙන්තුකාරයන්ව අත්අඩංගුවට ගන්න යන්නේ පොලිසිය මිසක් නීතිපතිවත් නීතිපති දෙපාර්තමේන්තුවේ අයවත් නෙවිනේ. මේ මොකද්ද මේ හතර බීරි කතාව?

:       0       26

රවින් Friday, 13 March 2020 02:05 AM

නීතිපති යනු රජයට උපදෙස් දෙන්න ඉන්නා ඉහලම නීති නිලධාරියා. එයත් නිතිය හරියට දන්නේ නැතිලු. වැටත් නියරත් ගොයමත් කාදමයි නම් කාට පැවසම් මේ අවනඩුව.

:       0       1

sharm warn Friday, 13 March 2020 03:44 AM

ආහ්හ් .. මම නම් හිතුවා ඒක එහෙම වෙයි කියලා. මොකද මේ අපේ නීතීඥවරු බබාලනේ. එයාලට හරියට නඩුවක් ගොනු කරන්න වත් දන්නේ නැහැ කියලා පහුගිය කාලේ ගොඩක් ඔප්පු කරලා පෙන්නුවනේ.

:       0       2

සේන Friday, 13 March 2020 04:17 AM

වැටත් නියරත් ගොයම් කා නම් ! කාට පවසම් ඒ අමාරුව ?

:       1       4

ranjith Sunday, 15 March 2020 12:51 AM

මේක ඉන්න හිතෙන රටක්ද ? පොඩි හොරකමක් කරානම් උපරිම දඩුවම් ලැබෙනවා. මහ හොරුන්ට වෙනත් විදියක් ඒ අය බේරගන්නම තමා බොරු තර්ක ගේන්නේ. මේ හොරු ටික රටට කරපු මහා අපරාධයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදේවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 170 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 55 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 522 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 586 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1044 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 981 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site