(මනෝප්රිය ගුණසේකර)
දිවා ආහාරය සඳහා තමා නිල නිවසට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 700 ක් පමණ ගිනි අවිද රැගෙන බලහත්කාරයෙන් බන්ධනාගරය තුළට ගොස් තිබූ බව විශ්‍රාමික සහකාර බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) සාක්කි දෙමින් පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අටදෙනෙකු සමූහ ඝාතන කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අද පැවති නඩු විභාගයේදී ඒ මහතා මේ පවසන ලදී.
බන්ධනාගරය තුළදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර සිරකරුවන් ප්‍රකෝප ගන්වා සිටියා මේ හේතුවෙන් සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා එහි තිබූ ගිනි අවි රැගෙන බන්ධනාගාර වහලයට නැඟ තිබුණා යැයි ඒ මහතා සාක්කි දෙමින් වැඩිදුරටත් පැවසීය.
‘‘පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් චැපල් වාට්ටුව පරීක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පති රණවක මහතා පැවසූ විගස ඒක කරන්න එපා යැයි මා කිවේ 1983 වර්ෂයේ සිට බන්ධනාගාරයේ ඇති වූ කැරලි 05 කට මුහුණදී මට තිබූ වසර 39 ක සේවා අත්දැකීම් මත, මා කීවා ඒක කරන්න එපා කියා මොකද යම් සිද්ධියක් වේ යැයි මා තුළ හටගත් දැඩි බිය හේතුවෙන් මා එසේ කීවා යැයි පැවසු වැලිකඩ බන්ධනාගරයේ වැඩබලන ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා අපි සමඟ හිටපු සිරකරුවන්ගෙන් අපිට තර්ජනයක් තිබුණේ නැති බවත් සිරකරුවන් ලඟ තිබු ගිනි අවි සොයා ගැනීමට උදව් කළේ අපි සමඟ හිටපු සිරකරුවන්‘‘ බවත් වැඩිදුරටත් පැවසීය.
‘‘සිරකරුවන් අතට පත්ව තිබූ ගිනි අවි 12 ක් විතර අපි සමඟ හිටපු සිරකරුවන් අපිට ගෙනැවිත් දුන් පසු තමා ඒවා පරිගණක අංශයේ කාපට් එක යට හැංගු‘‘ බවද වැලිකඩ බන්ධනාගරයේ වැඩබලන ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික සහකාර බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. කුඩාබන්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘මම කෑමට ගියාම එස්ටීඑෆ් 700 ක් කඩා වැදුණා‘‘
සේන Tuesday, 15 October 2019 12:27 PM
බන්ධනාගාරය තුළ සිරකරුවන් හුරතල් කරන වගක් හැඟෙනවා. කාරණා නොදනිමු.
athuraThursday, 17 October 2019 04:46 AM
සේන අරයට අවාසි වගේ නම් මොනවහරි බයිලයක් තියනවා නේද ලියන්න.
රවින් Tuesday, 15 October 2019 01:14 PM
ඔන්න බළලා මල්ලෙන් ඔලුව එලියට දාන්න හදනවා. එකිනෙකාගේ සහයෝගතාවය නොවේද මේ එලියට එන්න හදන්නේ? ඉතින් ඔකේ ඇතුලේ කෙරෙන දුෂණ නතර කරන්න පුලුවන්ද? තම තමන්ට හිතවත් කට්ටිය ගැන නොවේද මේ කියන්න හදන්නේ?
chinthaka Tuesday, 15 October 2019 01:29 PM
අනේ අම්මපා මෙහෙම අයද දඩුවම් කරන තැනක් භාරව දාලා තිබුනේ? අනිත් අතට මෙහෙම සාක්කි දීලා අර කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුව වගේ යුද්දේ සහ පාතාලේ මැඩ පවත්වපු හමුදාපතිවරු (පොන්සේකා හැර) තුන්දෙනාවයි, පොලිස්පතිවයි, ආරක්ෂක ලේකම්වයි මහ උලුගෙදරට දක්කන තැනට තිර නාටකේ ලියලද දන්නේ නැහැ.
dilan Tuesday, 15 October 2019 01:35 PM
ඔන්න දැන් රටේ මහජනතාව වන අපට හිතාගත්ත හැකි නේද මේ ආණ්ඩුව යටතේ ඇයි රටේ අපරාධ සහ මත්ද්‍රව්‍ය අවසන් නොවන්නේ කියලා. තීන්දුව ඔබේ අතේ, 16 දින නිවැරදිව එය ප්‍රකාශ කරන්න
saliya Tuesday, 15 October 2019 02:16 PM
අද නඩු අහන්නේ නැතිව කල් දැමේ. මේ එදා ඔවුන් නීතිය යුක්තිය පසිඳලු හැටි. මේ සියල්ල සාධාරණීකරණය කරන ජනතාවක්. අහෝ! ඉදිරිය අති භයන්කාරය..
රජින්ද Tuesday, 15 October 2019 10:05 PM
මේ බන්ධනාගාර සිද්ධියේදී සාමාන්‍ය පුරවැසියන් වන අපට මෙම සිද්ධිය පහත කරුණු නිසා එතරම්ම වැදගත් සිද්ධියක් බව නොහැගේ. 1. මෙම සිදුවීමෙන් මියගිය කිසිවෙක් අහිංසක හෝ බරපතල ගණයේ වරදක් නොකළ අය නොවීමත් 2. ත්‍රස්ත ක්‍රියා, කුඩු, මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ වලට ලංකාවේ මරණ දණ්ඩනය නොමැතිවීම නිසා ඉහල යන අපරාධ පාලනයට වෙනත් විකල්පයක් නොවීමත් යන කාරණා නිසා අපරාධකරුවන් ඔවුන්කළ අපරාධවල එවැනිම ස්වභාවයට මියයාම ගැන අපට ප්‍රශ්නයක් නොමැත.
mangalaWednesday, 16 October 2019 04:23 PM
ඔබ සමග එකඟයි...
බේලින් Wednesday, 16 October 2019 12:44 AM
සිරකරුවන් සතුව ගිනි අවි 12 ක් තිබුනා ලු. ඒත් කරදරයක් නෑලු. කොහොමද කතාව !
Nuwan Wednesday, 16 October 2019 08:17 AM
එස්ටීඑෆ් එකටත් චෙක් කරන්න දෙන්න බැරි තරම් මොනවද අප්පේ චැපල් වාට්ටුවේ තියෙන්නේ මහත්තයෝ .. අපට නම් හතර හිනා මේවට එස්ටීඑෆ් එක කියන්නේ කුඩු සහ පුපුරන ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය ගව් ගණනක් ඈත ඉදන් වුනත් ඉවකරන්න තරම් පුළුවන් දක්ෂයෝ ඉන්න කොටසක් , ඔවුන්ට සිරකරුවන් පරික්ෂා කිරීම , හංගපු දේවල් සොයාගැනීම කරන්න නොදෙන්නේ ඇයි කියලා සාමාන්‍ය ජනතාව වන අපි හොදට දන්නවා