IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාසල ඇරුණු පසු බීමත්ව රැඳී සිටි ගුරුවරු සිවු දෙනෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න)


නාරම්මල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක් තුළ පසුගිය සිකුරාදා (31) පාසල් වේලාවෙන් පසුව බීමත්ව සිටි බවට සැකපිට එම පාසලේ ගුරුවරු සිවු දෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

එම පාසලට සම්බන්ධ කිසිවකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් දුරකතන අංකයට කළ දැනුම්දීමකින් පසුව නාරම්මල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ බීමතින් සිටි බව කියන ගුරුවරුන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන් පොලිසියට රැගෙන ගොස් ප‍්‍රශ්න කිරීමේදී බීමත්ව සිටින බවට ඔවුන් පිළිගෙන ඇති අතර පාසල ඇරුණු පසුව නාරම්මල නගරයට පැමිණ මත්පැන් පානය කර තම ගමන්මලූ ගැනීම සඳහා සවස 4.00ට පමණ ආපසු පාසලට ගිය බව එම ගුරුවරුන් සිවුදෙනා පොලිසියට පවසා තිබේ.

මේ අවස්ථාවේදී එම පාසලේ විදුහල්පතිනිය පාසල නිමවීම හේතුවෙන් පාසලෙන් බැහැරව ගොස් සිටි බවද මෙම ගුරුවරුන් සිවුදෙනා බීමත්ව සිටි ආකාරය ඒ අවස්ථාවේ පාසලේ රැඳී සිටි දෙමාපියන් සහ සිසුන් බොහෝ දෙනෙකු දැක ඇති බවද වාර්තාවේ.
වරද පිළිගැනීම හේතුවෙන් එම ගුරුවරුන් සිවුදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව විමසීමේදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා පැවැසුවේ මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය සිදුකර ඒ පිළිබඳව වාර්තාව ජාතික පාසල් අධ්‍යක්ෂවරයා වෙත යැවීමට ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවය.

පාසල් වේලාවෙන් පසුව වුවද ගුරුවරුන් මේ ආකාරයට පාසල් භුමිය තුළ බීමතින් සිටීම වරදක් සහ නොසුදුසු දෙයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නාරම්මල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා මහතා සිද්ධිය පිළිබව පරීක්ෂණ පැවැත්වූයේය.



අදහස් (5)

පාසල ඇරුණු පසු බීමත්ව රැඳී සිටි ගුරුවරු සිවු දෙනෙක් අත්අඩංගුවට

sakunthala Monday, 03 April 2017 04:56 AM

පොලිසිය තම නිල ඇඳුම පිටින්ම මත් පැන් පානය කරන බව සමාජයට නොරහසකි. එත් ගුරුවරු ද මනුෂ්‍යයන් බව සැවොටම අමතකය.

:       59       90

nimal Monday, 03 April 2017 05:27 AM

ළමයි පාසලට පෙර ගුරුවරු පාසලට පසු අනේ ගිය කලක්

:       17       0

mahee Monday, 03 April 2017 08:43 AM

මේ ගොල්ල මොකක්ද කළ වරද?

:       0       0

kalpa Monday, 03 April 2017 09:14 AM

මෙවැනි අවස්ථාවල අමාත්‍යාංශ මට්ටමින් කල යුතුදේ ආයතන සංග්‍රහයේ සඳහන් වනවා

:       0       0

srimali Monday, 03 April 2017 11:26 AM

රාජකාරි වේලාවෙන් පසුවත් බොන්න බෑ කියල තියෙන්නේ ලංකාවේ මොන නීතියේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 4 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 39 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 230 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 251 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 557 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 381 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site