ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයට හමා එන ඇල්බර්ටෝ සුළි කුණාටුව සම්බන්ධ කාළගුණික තත්ත්වය වාර්තා කිරීමට එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු හදිසි අනතුරකින් මියගොස් ඇතැයි වාර්තා වේ.
මොවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය මතට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සීදුවී ඇත.
මයික් මැක්‍රෝමික් හා ආරොන් ස්මෙල්ට්සර් නම් මෙම මාධ්‍යවේදීන් දෙදෙනා WYFF නම් ප්‍රවෘත්ති ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් දෙදෙනෙකි.
අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර මොවුන් දෙදෙනා ගිනි නිවන අංශයේ ප්‍රධානී ගෙයොෆ් ටෙනන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ද පටිගත කර ඇත.
මෙම අනතුරට මූලික හේතුව සුළි කුණාටුව නොවුණත් අධික වර්ෂාව හේතුවෙන් පස් බුරුල් වී ගස ඇද වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
ඇමෙරිකා කාළගුණික විද්‍යා ඒකකය පවසන්නේ සුළි කුණාටුව පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ලැගුවානා කළපුව හරහා ගමන් කරමින් ඇති බවයි.
ෆ්ලොරීඩා වෙරළ තීරයෙන් හා මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයෙන් දහස් ගණන් ජනයා ඉවත් කරනු ලැබ ඇති අතර ගොඩබිම් ප්‍රදේශයට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇතිවේ යැයි අනතුරු අඟවා ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර
සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)
ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත
දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී
දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුළි කුණාටු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනා මරුට