ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී සියයට 14ක රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට අද (6) උපදෙස් දී ඇත.
නව බදු ආදායම් ප්‍රතිපත්තියේ කරුණු වැරැදි ලෙස අර්ථකථනය කර ගැනීම හේතුවෙන් ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී අදාළ බදු මුදල් අය කිරීමට කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
සිනමා, ටෙලිනාට්‍ය සහ ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජන කරන සංගම්වල නියෝජිතයන් ඇතුළු කලාකරුවන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (6) පෙරවරුවේ පැවැති හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත උපදෙස් දී ඇත.
රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණ කටයුතුවලදී තමන්ට ගැටලු රැසකට මුහුණ දී සිටින බව කලාකරුවන් හා එම නියෝජිතයන් මෙහිදි ජනාධිපතිවරයාට පවසා ඇති අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් ක්ෂේත්රවල ඉදිරි ගමනට බාධා එල්ල වී තිබේ නම් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙම හමුවේදී පවසා තිබේ. මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා නව බදු ප්‍රතිපත්තියට ද හානියක් නොවන අයුරින් සාධාරණ විසඳුම් දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසා ඇත.
දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජය ප්‍රතිපත්තියක් ඇතුවම කළ යුතු බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර තිබේ.
මෙම හමුවේදී දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්වී තිබේ.
055
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කීරීමේ සියයට 14 රඳවා බද්ද අය නොකිරීමට ජනපති උපදෙස්
Bamunuarachchi Wednesday, 06 June 2018 05:11 PM
ටෙලිනාටක වලින් ලක්ෂ ගණන් හම්බ කරන අයට බදු ගහන්න එපා කන්නතාර රටවල දහදුක් විඳලා උපයපු මුදල තැන්පත් කර ගන්න පොලියට බදු ගහපන්. සිරිසේන මහතා මේ දුප්පත් මිනිසුන්ගේ පැන්ෂන් එක ඔය පොළියයි. ඒ මිනිස්සුවෙනුවෙන් ඔබසමග වටමේස සාකච්චා පැවැත්වීමට එනකෙනෙකු නැත. එතරම්ම ඔවුන් අසරණය. ඔවුනට පොලියක් දෙන්නේ නැතැයි කීවත් ඔවුන්වෙනුවෙන් කතාකිරීමට කෙනෙක් නැත. නමුත් 2020 සේදී අපිත් ඔවුන් සමග එකතුවී ඔබලාට කෙලිනවා සහතිකය. එව්විට ඇඟිලි 10 අඩුවෙන් සිටින ටෙලිනාටක කාරයින්ට ඔබලා වෙනුවෙන් කළහැකි මගුලක් නැත.
Sanath Wednesday, 06 June 2018 08:12 PM
සිංහල සිනමාව නැත්තටම නැතිවෙලා තියෙන අතරේ යන්තම් පණනල ගැටගහගෙන ඉන්න ටෙලි නාට්‍ය ශිල්පීන්ටත් කොන්ද කැඩෙන්නම ගහන්න හැදුවේ පරණ කෝන්තරයක් පිරිමහගන්නද?
BamunuarachchiThursday, 07 June 2018 09:51 AM
ටෙලි නාට්‍ය නිෂ්පාදකයෝ විතරක් නොවෙයි ජීවත් වෙන්න ඕනේ රටේ අනික් මිනිස්සුත් ජීවත වෙන්න ඕනේ ටෙලිනාටක නොබැලුවා කියලා කිසිවෙකුට කිසිම හානියක් වෙන්නේ නැත . අපි ඔය ටෙලිනාටක බලන්නේ නැත. ටෙලිනාටක පිනට පෙන්වන්නේ නැත වෙලනද දැන්වීම් වලින් ඒවායින් ලක්ෂ ගණන් නිෂ්පාදකයෝ මුදල් උපයනවා. ඔවුන්ගෙන් බදු ගත්තාට කාටවත් රිදෙන්නේ නැත. සිංහල ටෙලි නාටක බලා ඔලුව මන්ඥන් කර ගන්නවා හැරෙන්නට වෙන සුගතියක් නැත.
Bamunuarachchi Thursday, 07 June 2018 01:33 AM
එතකොට අර කාන්තාර රටවල දුකසේ උපයාගත්ත අහිංසක මිනිස්සු තැන්පත් කරගෙන ඔවුන්ගේ පැන්ෂන් එක ලෙස ලබන සුළු පොලියට බදු ගහන එක සාදාරණද? ඒ මිනිස්සු වෙනුවෙන් කතා කොරන්න වටමේස සාකච්චා තියන්න කෙනෙක් නැත.. සිරිසේන මහතා පත්තරේ කියවුවෙ නැතිනම් රටේ වෙන්නේ මොනවාද කියා දන්නේ නැත. 2020 දී අපි දෙන්නම් තොපිට.