IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කාලෝ නැත්නම් රට පුරා වැඩ වර්ජනයක්

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට හැර වෙනත් අයෙකුට ලබාදුනහොත් ඒ මොහොතේ සිටම කොන්දේසි විරහිතව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍ය ආඥා පනතට අනුව සෞඛ්‍ය ඇමතිවරයාට බලය ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වසර 5කට පත්කිරීමට බව ද එවැනි පත්කිරීමකින් පසුව මාස 6කින් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් සෞඛ්‍ය ඇමතිවරයාට නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව තව දුරටත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා වන අතර වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය කරමින් එම ධූරයට වෙනත් අයෙකු පත්කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා ගන්නා උත්සාහයන් පරාජය කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (39)

කාලෝ නැත්නම් රට පුරා වැඩ වර්ජනයක්

ධම්ම Sunday, 09 July 2017 08:41 AM

මේ වැඩ වර්ජනයට ජයවේවා!

:       333       406

Sense Sunday, 09 July 2017 02:22 PM

ධම්මගේ නමනම් නියමෙට ගැලපෙනවා !!..

:       0       46

කුමාරිMonday, 10 July 2017 07:51 AM

ධම්ම ඔබ ඉතාම නිවැරදියි. ඔබ වැනි බුද්ධිමත්තු අඩුකම රටටම පාඩුවක්. ඒකට හොඳම උදාහරණයක් තමා ඉතින් මේ වගේ රට කන ඇමතිවරු බිහිවීමත්, ඒ අයගේ පුරසාරම් රහ කරකර ඇත්ත කියලා හිතන බහුතරයක් සිටීමත්...

:       1       37

NIRESH Sunday, 09 July 2017 08:51 AM

ඇයි වැඩ කරන්න වෙලාවක් තියනවද? රටක් වෙනුවෙන් මෙහෙම දිගටම වර්ජනය කරන්න ගියහම. ඔක්කොම නිදහස් අධ්‍යාපනය ප්‍රයෝජනයට අරගෙන ඉගෙන ගෙන රටේම සල්ලි කනවා නේද? මේ කරන දේවල් වලට ඉස්සරහට පඩිසන් දේවි...

:       197       248

ලුම්බිණි Sunday, 09 July 2017 08:57 AM

නූතන ත්‍රස්තවාදය කියන්නේ මේකටයි.

:       553       629

indy Sunday, 09 July 2017 09:06 AM

මේක නම් නියමයි,.. ඕන්න වැඩ...

:       18       107

kumar (galf) Sunday, 09 July 2017 09:25 AM

මේ වගේ උගත් මිනිසුන් ඉන්නා රටක, කාලෝ මහත්තයා ඇරෙන්න රටේ වෙන උගතුන් සුදුස්සන් නැද්ද?

:       381       502

srimala Sunday, 09 July 2017 09:28 AM

අවුරුදු 85 ක් වයස මෙතුමාට දැන් නිදහසේ ඉන්න දෙන්න. අනික අලුත් සභාපති පත්වන්නේ දොස්තරලාගේ ඡන්දයෙන් නේද? රටම වැඩවර්ජනයකට යන්නේ මොන පදනමකින්ද?

:       183       287

රාජුන් Sunday, 09 July 2017 09:34 AM

මේක පුදුම වැඩක්නේ! දැන් දොස්තරවරු පොඩිදේටත් වැඩ වර්ජනමනේ කරන්න හදන්නේ.

:       118       172

kamal Sunday, 09 July 2017 09:36 AM

දොස්තර අනිල් මුණසිංහ මහතාගේ විස්තරත් කියවන්න... ඔහු අන්තර් වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු ලෙසත් වැඩකළා. එවකට පැවති 88-89 භීෂණ අවධියේදී රජය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව කළ ශිෂ්‍ය අරගලයේදී ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ලෙසත් ක්‍රියාකළා..

:       113       67

one srilankan Sunday, 09 July 2017 09:36 AM

රටම අවුලකට දාලානේ තියෙන්නේ...කාට කියන්නද? දෙවියනේ !!! පාලකයෝ ඔක්කොම අඳ,ගොළු, බිහිරි වෙලා...

:       2       62

kap Sunday, 09 July 2017 09:44 AM

අනේ කාලො මහත්තයෝ, ඒකනම් කරන්න එපා. අපිට සදාකාලෙටම දොස්තරලා නැතුව ඉස්පිරිතාල ටික වහලා තමයි තියන්න වෙන්නේ...

:       74       91

Migida Sunday, 09 July 2017 09:44 AM

එහෙම නම් දොස්තරලාටත් රෝහල් ගත කරන්න වේවි !!!.

:       109       234

pina Sunday, 09 July 2017 09:46 AM

මේ අයට ඉගෙනීම වැඩි කමට ආපු මානසික ආතිතයක් වත්ද? මොනවාවුණත් මානසික ගැටළුවකට ලක්වෙලා වගෙයි. කලින් දේශපාලකයන්ට විශ්‍රාම යන්න කියන ගමන් මේ අය වයසක දොස්තරවරුන්ව තියාගන්න කියනවා.. කාලෝ අයන්තේ.... අපිට කලන්තේ...

:       1       141

ASANGA Sunday, 09 July 2017 10:04 AM

මේ ගොල්ලෝ අායෙත් අනාගන්න යනවා වගේ....

:       28       117

රාජිත Sunday, 09 July 2017 10:20 AM

හරියට හරි. කාලෝ මහත්තයම තමා ඕකට සුදුසු. එක එක එන්.ජී.ඕ. ලා කෑගැහුවටවත්, නැත්තන් ආණ්ඩුවේ මිනිස්සු කෑගැහුවටවත් ඔය ගන්න ක්‍රියා මාර්ග නවත්තන්න එපා. මොකද සෞඛ්‍ය කියන්නේ කාගෙවත් බූදලයක් නෙමෙයි. සෞඛ්‍ය වගේ ක්ෂේත්‍ර වලට එන්න ඕනෙ කාලෝ මහත්තයා වගේ බුද්ධිමතුනුයි.

:       185       390

shan saudi Sunday, 09 July 2017 10:26 AM

අපට ඔතන කවුරු හිටියත් කමක් නෑ. ඒ හිටියත් කරන්නේ රෝගීන් අසරණ කරලා තමන්ගේ බඩ රැකගන්න එක විතරයි. ඕකත්, පාර්ලිමේන්තුවත් දෙකම එකයි.

:       26       166

ase Sunday, 09 July 2017 10:34 AM

අයියෝ දැන් නම් හොඳටම අමාරුයි වගේ මේවා අහලම...

:       40       8

බද්රානි Sunday, 09 July 2017 10:38 AM

මේක තනිකරම විකාර පාරාදීසයක්.... සියල්ල පැත්තකින් තියලා, මානසික රෝහල් රටපුරා ස්ථාපිතකොට පිටරටින් වෛද්‍යවරු ගෙන්වා මේ මානසික රෝගීන්ව සුවපත් කල යුතුයි. රටේ වෛද්‍යවරු ලෙඩ්ඩු වුණු රටක ජීවත් වෙන රෝගීන් ගැන කවර කතාද?

:       233       281

MAAL Sunday, 09 July 2017 10:52 AM

රජයේ දොස්තරලා කියන ජාතිය දැන් අපි හැමෝටම වහ කදුරු වෙලා ඉවරයි. අපි නම් දැන් එම්.බී.බී.එස්. කට්ටිය ලඟට බෙහෙත් ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඉන්ටනෙට් යනවා නැත්නම් පැනඩෝල් වෙනුවට ගස්ලබු කොළ බ්ලෙන්ඩ් කරලා බොනවා. ඩෙංගු වලට අපි දැන් බය නැහැ. මොකටද ඉස්පිරිතාලවලට සල්ලි දෙන්නේ?

:       159       272

kumar (galf) Sunday, 09 July 2017 11:38 AM

ළඟදීම දොස්තරලාගේ කාර්, ගෙවල් වලට ගල් ගහන කාලයක් ඒවි. හිත තද තාත්තා කෙනෙක්ගේ දරුවෙක් මැරුණොත් මේ දොස්තර නාඩගම නිසා... අන්න ගින්න පටන් ගන්න තැන...

:       126       330

MigidaSunday, 09 July 2017 01:40 PM

මේ පාර නම් බඩගෝස්තරවාදීන් හොඳ පාඩම් ඉගෙන ගනීවි... ජනතාව ඉවසුවා හොඳටම ඇති... එදාට ජනතාව නීතිය අතට ගනීවි...

:       114       69

dewa Sunday, 09 July 2017 12:20 PM

ඔව්, අර හිඟන්නාගේ තුවාලේ වගේ සුවනොවන වර්ජන කුලප්පුව කලො මහතාගේ පිහිටෙන් හරි අරගෙන යන්න වගේ හදන්නේ... මෙයාලගේ ඊ ළඟ වෑයම අසරණ රෝගීන්ට කරදර කිරීමටයි.

:       0       36

Ruwan Sunday, 09 July 2017 12:21 PM

ඇයි කාලෝ මහත්තයෝ... දොස්තර පාදෙණිය මහතාව දාමුකෝ.. එ්ත් නැත්නම් අර සෙරෙප්පුවත් නැතිව දුවපු දොස්තරවත් !!!

:       50       30

සරණ Sunday, 09 July 2017 12:21 PM

රට පාලනය කරන්නත් කාලෝ ට දෙන්න කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ... ඊලඟට කියන්නෙ ඒක තමයි.

:       50       52

duminda Sunday, 09 July 2017 12:34 PM

මේ හරියට මස් රාත්තලක්ම ඉල්ලනවා වගෙයි..

:       1       5

මාල්ට Sunday, 09 July 2017 12:46 PM

අනේ ඉතින් රජයේ දොස්තර මහත්තුරු අපිට නම් වහ කදුරු වෙලා නැහැ. මොලේ පොඩ්ඩක් හරි තියෙන කෙනෙකුට නම් ඉතින් දොස්තරල දෙවිවරු කියල තමා පෙන්නේ. සයිටම් එක ඕන කියන කට්ටියටයි, ආණ්ඩුවට කඩේ යන කට්ටියටයි තමා එහෙම පේනවා ඇත්තේ. ආණ්ඩුවේ ඉස්පිරිතලෙ වාට්ටුවක ඉඳිද්දි මම නම් දැක්කෙ ඒකෙදි හොඳ වෙලා යන හැම ලෙඩාම දොස්තර මහත්තුරුන්ට වැඳලයි ගියේ. ඔය දොස්තර මහත්තුරුන්ට ගහනවා කියන කව්රු හරි පුලුවන්නම් වාටුවකට ඇවිල්ල අතක් උස්සල බලන්නකො. එකෙ ඉන්න ලෙඩ්ඩු තමයි මුලින්ම ගහන්නේ... ඒ එන කට්ටියට තමා දොස්තර මහත්තුරුන්ට නම් නෙමෙයි.

:       80       244

chandra Sunday, 09 July 2017 01:06 PM

බොහොම හොඳයි. පුද්ගලික බෙහෙත් ශාලා ටිකත් වහලා දාන්න. ආණ්ඩුවේ බෙහෙත් ටිකනේ ඕව වල තියෙන්නේ. එකනේ ප්‍රමිතිය.

:       62       4

Sudath jayarathne Sunday, 09 July 2017 01:09 PM

කාලෝ මහත්තයා නැතිනම් මොකද කරන්නේ? එතුමටත් දැන් වයස අවුරුදු 85 ක්නේ...

:       0       10

shan saudi Sunday, 09 July 2017 01:11 PM

පොදු ජනතාව වශයෙන් අපිට කවුරු ආවත් එකයි.

:       0       0

Dr de silva Sunday, 09 July 2017 02:33 PM

කාලෝ තුමා සමාජවාදියෙක්. ඔබතුමා ඇපයට අරගෙන අසරණ රෝගීන් තවත් අසරණ කරන්නටයි ජි.එම්.ඕ.ඒ. උත්සාහය. කරුණාකර ඔබතුමා මේ සම්බන්ධව ඈත්වී සිටින්න. මම ඔබතුමාගේ ගෝලයෙක්. ඔබතුමා ඒ දිනවල අපිට කිව්වේ අපේ වැදගත්ම තැනැත්තා රෝගියාය. මීට ඔබතුමා මැදිහත්ව මේ ආත්මාර්ථකාමීන්ගෙන් රෝගීන්ව බේරා ගන්න .

:       0       85

sahan Sunday, 09 July 2017 02:47 PM

මේවගේ පුද්ගලයකුට මොනවද කරන්න පුළුවන්?

:       0       5

sahan Sunday, 09 July 2017 02:49 PM

දැන් නම් දොස්තරවරු නම් රටේ ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නා දිනය ලඟ ලඟම එනවා. ස්ට්‍රයික් දවසක එක තැනක දොස්තරවරයෙකුට ගහන්න පටන් ගන්න විතරයි.

:       0       26

Susil Sunday, 09 July 2017 05:13 PM

දැන් නම් තත්වය හොඳටම පැහැදිලියි. මේගොල්ලන්ට වර්ජනය කරන්න හේතු නැහැ, ඉතින් හොයනව සිල්ලර හේතු, සභාපතිම කියනව, එයා "මම වල පයයි, ගොඩ පයයි "කියල, බැරිවෙලාවත් තව මාසයකින් ගොඩ පයත් වලට ගියොත් ඉතුරු කාලය (අවුරුදු 4 1/2 ) මිනිය තියාගෙන ඉමු, මොකද ඇමතිට අවුරුදු 5ක් යනකම් එයාව ඉවත් කරන්න බැරි නිසා. නියම 'දොස්තර -ලෝයර්ස්' ලා.

:       0       3

Saman Sunday, 09 July 2017 05:16 PM

මේ හේතුවට වර්ජනය කලොත් ගෙවල් ඉස්සරහ තණකොල මිටි තිබ්බනම් හොඳයි. එතකොට හැමෝම දැනගන්නව මෙතන ඉන්නෙ දොස්තරකෙනෙක් කියල.

:       0       3

Saman Sunday, 09 July 2017 05:35 PM

සයිටම් වහන බවක් පේන්න නැති නිසා, මීලඟ අඛණ්ඩ වර්ජනයට ඉල්ලීම්... 1. සෞඛ්‍ය ඇමති වහාම ඉවත් කරනු.. 2. අගමැති ඉවත් කරනු.. 3. ජනාධිපති ඉවත් කරනු.. 4. මහින්දට රට බාර දෙනු..

:       0       0

Susil Sunday, 09 July 2017 05:37 PM

දැන් කලින් සතියකට කල් දාපු අඛණ්ඩකුත් තියෙනවනේ, ඉතින් කොහොමද අඛණ්ඩ දෙකක් කරන්නෙ ? හොඳටම ෂුවර්ද මේකත් අඛණ්ඩයක් කියල ?

:       0       0

Shantha Monday, 10 July 2017 01:43 AM

තර්කය වැරදියි, ජූනි 30දා අවසන් වුනේ මෙයාට දීපු මාස 6යේ සේවා දිගුව..

:       0       0

[email protected] Monday, 10 July 2017 03:35 AM

ඔය කට්ටිය එලවල දාලා ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්න ගන්න. ඉන්දියාවේ ඕන තරම් දොස්තරලා ඉන්නවා මුන්ට වඩා සුදුසුකම් තියෙන පළපුරුදු පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන් අය.

:       23       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 91 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 219 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 955 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 121 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site