(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යාම, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ජනාධිපති අගමැති එම ධූරවලින් ඉවත් වන්නැයි බල කරමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද(30)ආරම්භ කළ විරෝධතාවය විශාල පිරිසක් සහභාගී වූහ.
"ගෝඨා රනිල් ශාපය අවසන් කරමු" තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොල අසලින් අද පස්වරු 3.30 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සමගි වනිතා බලවේගය, සමගි තරුණ බලවේගය ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කොටුව දුම්රිය දුම්රියපොළ ඉදිරිපිටමාර්ගය ඉදිරිපස විරෝධතාවයේ නිරත වූහ.
රටම අකමැති රනිල් අගමැති, ගෝඨා ගෝ හෝම්, ගෝඨා පිස්සෙක්, රනිල් ගෝඨා මේ අහන්න වැඩබැරිනම් ගෙදර යන්න, හොරා හොරා රනිල් හොරා ගෝඨා හොරා, ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාකරුවෝ කළු පැහැති ධජ ප්‍රදර්ශනය කරමින්, ගෑස් සිලින්ඩර රැගෙන, මුලුතැන්ගේ උපකරණ වලට ශබ්ද කරමින් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සජබේ විරෝධයට මහා පිරිසක්
මහසෙන් Thursday, 30 June 2022 07:27 PM
මේ මොහොතේ රටට අවශ්‍යම විපක්ෂ නායකවරයෙක් සහ කණ්ඩායමක්. දැන් හෙට උදේ ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්වෙයි.. මෙයා ජනාධිපති වෙයි. නියම නායකත්වය නම් අසීරු මොහොතේ අභියෝග බාර ගැනීම... මෙයා පස්මහ බැලුම් බලබලා ලියුම් ලිව්වා. රනිල් දුන්නු ගමන් ගත්තා...!
Dil Perera Thursday, 30 June 2022 07:39 PM
මෙයාලාට පිස්සු තමයි. අපිට කන්න නැතිව ඉන්නවා. මෙයාලාට ඕනේ අගමැතිකම සහ රට කරන්න. මොවුන් ඒකටත් වඩා හපන් අය...
ganegodaFriday, 01 July 2022 01:42 PM
රටේ පාලනය බාරගන්නේ නැතුව කිසි දෙයක් කරන්න බැහැනේ...
කරුණාජීව Thursday, 30 June 2022 07:41 PM
පට්ට සෙනඟක් ඉන්නේ.. NPP එකේ රැස්වීම්වලට මේ වගේ කී ගුණයක් හිටියාද?
ganegodaFriday, 01 July 2022 01:46 PM
මනුස්සයෝ ගෙවල්වල හාමත් වෙලා... එළියට බැහැලා රැස්වීමකට සහභාගි වෙන තරම්වත් ශාරීරික ශක්තියක් නැහැනේ...
මැක්ස් Thursday, 30 June 2022 07:44 PM
මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා.. නමුත් සජබ නඩේ ඊටත් වඩා එපා. මේ මහ ලොකු කෙරුමන් ටික අගමැතිකම දෙන්න හැදුවාම එපා කිව්වා. දැන් අඳෝනා නගනවා.
seneFriday, 01 July 2022 08:46 AM
"රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි - වෙරිටේ රිසර්ච් වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ජූනි මස තොරතුරු ප්‍රසිද්ධ කෙරේ. " ජනතාව අනුමත නොකරන ආණ්ඩුවක් දැන්වත් බලෙන් ඉන්න නැතිව ඉවතට යෑම නේද සුදුසු?
SUNIL MILANO Thursday, 30 June 2022 07:49 PM
බලයට තියෙන කෑදර කමින් තම මව්බිම තවතවත් අරාජික කරන අපතයින් පිරිසක්...
aseFriday, 01 July 2022 08:40 AM
"ආහාර කාණ්ඩයේ උද්ධමනය 80.1%ක් වශයෙන් සටහන්ව ඇති අතර, ප්‍රවාහන කාණ්ඩයේ උද්ධමනය සටහන්ව ඇත්තේ 128%ක් ලෙසයි. " මීට වඩා ආරාජික?
ganegodaFriday, 01 July 2022 01:49 PM
ඔබ වැරැදියි..! රටේ බලය ලබාගත්තේ නැතිනම් පොහොට්ටුවන්ට ගොම්පස් අල්ලන්න තමයි සිද්ද වෙන්නේ...!
chandima Thursday, 30 June 2022 08:31 PM
රනිල් කවදාවත් ඔතැනින් අයින්වෙන්නේ නැති බව මෙයාලා දන්නවා. අනික මෙතුවක් කාලෙකට එජාපයේ නායකකමින් එළවාගන්න බැරිවුණු මේ ගොල්ලන්ට ඔය බෝඩ් කෑල්ලකින්.. රනිල්ව එළවන්න ලැබෙන්නේ නැහැ. ඒක දැන දැන රනිල්ගේ කොන්ත්‍රාත් එකට ජනාධිපති යවන්න මේ හදන්නේ... කොහොමහරි ලොක්කව එළවලා දාන්න. එතකොට මට රජකම ලැබෙනවා. එදාට ඔක්කෝටම ඇමැතිකම් දෙන්නම් කිව්වා නේද?
Nihal Friday, 01 July 2022 12:11 AM
මොවුන් මේ වෙලාවේ බලයේ හිටියා නම් කොරෝනා වලින් රටින් අඩක්ම විනාශය...
මෝ Friday, 01 July 2022 05:29 AM
හරි කෙනෙක් හිටියා නම් නන්දසේන ආයෙත් ඇමරිකාවේ තෙල් ගහනවා මේ වෙනකොටත්...
සුප්පයියා Friday, 01 July 2022 05:39 AM
තිබ්බ බලය රැක ගත්තේ නැතුව පක්ෂය කඩාගෙන ගෙන ගොස් ඇමෙරිකානුවන්ට බලය අරන් දුන්නු සජිත් නාගානන්ද මහතාට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? දැන් ඉතින් හැමදාම විපක්ෂය තමයි. පොහොට්ටුව ජයවේවා...!
Melpitiye Wimalakitti Friday, 01 July 2022 09:47 AM
සිංහල මෝඩ හැත්තට තව වෙලා මදි වගේ... තවමත් කාලකණ්ණි පිටිපස්සේ යනබවයි පෙනෙන්නේ. ඉතින් කොහොමද කරන්නේ?
Bamunuarachchi Friday, 01 July 2022 10:43 AM
ඔය පිරිසම තමයි 2020 පෙළපාලි ගියේ... අගමැතිකම දීලත් ගන්න බය වෙච්චි සජියා කොහෙද ජනාධිපතිකම කරන්නේ? අපි සජබයට දෙන්නෙත් නැහැ වෙන දෙන්න කෙනෙකුත් නැහැ. ජෙප්පන් නම් එපා එපා එපාමයි...
රොනි Friday, 01 July 2022 11:07 AM
සජිත්ට ලැබුණු ඡන්ද ලක්ෂ 52කම ඇවිල්ලා හිටියාද? එහෙම නම් බොහෝමත්ම හොඳයි..!
චන්දන Friday, 01 July 2022 12:39 PM
එදාම ජවිපෙ රැස්වීමට ආපු සෙනඟ දිහා බැලුවාම සජිත්ට මොනවා හිතුණද දන්නේ නැහැ...? කරන්න දෙයක් නැහැ. අනාගතය පැහැදිලියි නේද සජිත්තුමා...!