IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සහල් ජාවාරමක් ගැන අමරවීර කියයි

(විනීතා එම් ගමගේ)

ආනයනික සහල් මිලදී ගෙන දේශීය සහල් ලෙස හැඟවෙන පරිදි මලුවල යොදා විකිණීමේ ජාවාරමක් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ප‍්‍රකාශ කළේය.

අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා ආනයනය කරන සහල් වැඩිපුරම මිල දී ගන්නේ සහල් මෝල් හිමියන් විසින් බව ආනයනකරුවන් පවසන්නේ යැයි ද හෙතෙම කීවේය.

ඉන්දියාවෙන් ගෙනෙන සහල් ඉතා හොඳ තත්ත්වයේ ඇති නමුත් දේශිය සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ගේ ඇති උනන්දුව නිසා මේ තත්ත්වය ඇති වී ඇත්තේ යැයි ද අමාත්‍යවරයා කීය.

පරිප්පු හා පොල්වලට උපරිම සිල්ලර මිලක්  නියම කිරීමට රජය තීරණය කර ඇතැයි කී අමාත්‍යවරයා මේ පිළිබඳ ඊළඟ කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා කරන බව ද පැවැසීය.

පරිප්පු තොග මිල මේ වනවිට රුපියල් 110 පමණ වන නමුත් තවමත් සිල්ලර මිල රුපියල් 150 ක් පමණ වන්නේ යැයි ද පොල් රුපියල් 100 ක් පමණ වන්නේ යැයි ද පැවැසු අමාත්‍යවරයා පොල් මිල පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා අනුව වෙළෙන්දන් මිල වැඩි කරන බව ද කීය. පොල් මිල වැඩි වන්නට මාධ්‍ය වාර්තා හේතු වන බව ජීවන වියදම් කමිටුව පෙන්වා දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (1)

සහල් ජාවාරමක් ගැන අමරවීර කියයි

Bamunuaeachchi Thursday, 23 November 2017 01:56 PM

ඕවා හොයන්න ගිහිල්ලා ජොබ් එක නැති කරන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 13 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1159 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1135 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1298 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 495 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 5276 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site