IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අබලි ද්‍රව්‍ය නොදුන් අධ්‍යක්ෂ ගෙදර යවයි

 

(බිඟුන් මේනක ගමගේ)

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ලබාදෙන අබලි ද්‍රව්‍ය එක්තරා දේශපාලන පක්ෂයක අධාරකරුවන් යැයි කියන පිරිසකට ලබාදීමට ඉහළින් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා එහි අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමේ සිදුවීමක් ‘ලංකාදීප’යට වාර්තා වේ.

අබලි ද්‍රව්‍ය ලබාදීමේදී අදාළ පක්ෂයේ ආධාරකරුවන් යැයි කියන පිරිසට ක්‍රමවේදයට පිටින් තොග මුදාහැරීමට මෙම අධ්‍යක්ෂවරයාට බලපෑම් එල්ලවූවත් ඔහු ඊට අනුකූලතාව නොදැක්වීම මත මෙම තීරණය ගනු ලැබ ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවැසුවේ මූලික සුදුසුකම් නොමැතිව හිමිකම නොමැති තනතුරක පත්වීමක් දැරුවේ යැයි චෝදනාව මත මෙම වැඩ තහනම කළ බවයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් කළ පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගනු ලැබී යැයි ද ඒ අනුව වැටුප් හා දීමනා නොගෙවන පරිදි මෙම වැඩ තහනම ක්‍රියාවට නැගෙන්නේ යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයාව සිටි සමයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පාස්කු ප්‍රහාරකයකුට අයත් තඹ කම්හලට අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාදී තිබුණේ ද මෙම නිලධාරියාගෙන් අදාළ රාජකාරිය වෙනත් අයකුට පැවරීමෙන් පසුවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේදී එම කරුණු සියල්ල අනාවරණය වූ අතර මෙවර ද නැවත උද්ගත වී තිබෙන්නේ ඊට සමාන තත්ත්වයකි.

පාස්කු ප්‍රහාරකයකුට අයත් තඹ කම්හලට මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ලබාදීම තොරතුරු දැනගැනීමේ පනත හරහා පළමු වරට හෙළිකරනු ලැබුවේ ‘ලංකාදීප’ පුවත්පත විසිනි.

 



අදහස් (10)

අබලි ද්‍රව්‍ය නොදුන් අධ්‍යක්ෂ ගෙදර යවයි

swene Monday, 25 October 2021 05:34 AM

තොරතුරු දැනගනිමේ පනත මගින් තව තොරතුරු අරගෙන විස්තරේ ජනතාවට හෙළි කරන්න. දැන් එම පනත ක්‍රියාත්මක නැති බව සමහරු කියනවා

:       0       4

Raveendra Monday, 25 October 2021 05:57 AM

"මූලික සුදුසුකම් නොමැතිව හිමිකම නොමැති තනතුරක පත්වීමක් දැරුවේ යැයි චෝදනාව මත මෙම වැඩ තහනම කළ බවයි.".... කිසිවෙකු සේවයට බදවා ගන්නාවිට ඔහුගේ හෝ ඇයගේ සුදුසුකම් සොයා බලන්නේ නැද්ද යන්න අප මෙම "සභාපතියාගෙන්" විමසීමට කැමැත්තෙමු. සේවයට බදවාගෙන ( විශේෂයෙන් රජයේ සේවයට ) පසුව ඒ ඒ අයගේ සුදුසුකම් සොයා බලන්නේ එක්කෝ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ඉන්නට ඇත්තේ මෝඩයන් බව ස්ථිරය.

:       0       8

ravin Monday, 25 October 2021 08:51 AM

නිලධාරී තුමනි, ගෙදර ගියත් තමා හිතට එකඟව වැඩ කරා කියලා සැනසෙන්න.

:       0       13

Bamunuarachchi Monday, 25 October 2021 09:10 AM

සබාපතිගේ සුදුසුකම් සොයා බැලුවොත් හොදයි නේද? වියත් මග පිහිටවලා තෝරාගත වියතුන්ට වැඩක් කරන්න පුළුවන් කමක් තිබුනාද? අධ්‍යක්ෂවරයාගේ සුදුසු කම හොයන්නේ මොවුන්දේ පක්කලි වැඩ නොකරන නිසාද? මේවගේ සබාපතිවරු ගහල පන්නන්න ඕනේ. අධ්‍යක්ෂවරයාට අපි යෝජනා කරනවා එලියට ඇවිත් ඇතුලේ සිදුවෙන ඔක්කොම හොරමැරකම් කියන්න කියලා.

:       2       17

fairoosMonday, 25 October 2021 12:40 PM

අම්මෝ බමුණා ඔයා නම් මොළ නැවක් .සර් ෆේල්ද ?

:       1       5

BamunuarachchiMonday, 25 October 2021 01:21 PM

බොල......... මේවා කරන්නේ සර් නොවෙයි. බඩගොස්තරයෝ. යහපාලන කාලේ බදියුදීන්ලා අසාද් සාලිලා කළා වගේ තේරුනාද බොල ....

:       4       2

BamunuarachchiMonday, 25 October 2021 01:51 PM

හැබැයි ඒ කිව්වයි කියලා නවතින්නේ නැහැ. එජාපයෝ ආවොත් ඔවුනුත් ඔය ටික කරනවා.

:       1       3

Dayan Monday, 25 October 2021 10:35 AM

අවංක නිලධාරීන් මේ රජය යටතේ සේවය කරන්න සුදුසු නැහැ. දිවි ගලවා ගත හැක්කේ ඇමතිවරුන් විසින් පමණක් කළ යුතු දේ කරන රූකඩයන්ට පමණි.

:       0       11

sharm warn Monday, 25 October 2021 12:13 PM

කක්කුටු ආණ්ඩුවක් තියෙන රටක, කෙලින් වැඩ කරන්නත් දෙන්නේ නැහැ.

:       1       5

Kule Monday, 25 October 2021 01:13 PM

විමලේ විමලේ උත්තර දුන්නා නම්

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1664 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 819 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 672 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 338 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 580 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 533 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site