IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එජාප නායකත්වයට නම් 4ක්

(***)

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පෙරවරුවේ පැවැති අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙම දැන්වීම කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නව  නායකත්වය සඳහා නම් හතරක් යෝජනා විණ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් එජාප  උප නායක රවී කරුණානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් නව නායකත්වය සඳහා යෝජනා වී ඇත.

මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුයේ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨ නායකයන් ලබන බදාදා (12) සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී මේ නම් හතර ඉදිරිපත් කොට එඟතාවට පැමිණිය යුතු බවයි.

මේ අනුව ලබන බදාදා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී එක්සත් ජාතික පක්ෂ නායක කවරකු දැයි තීරණය කරන බවත් ඉන් අනතුරුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා (14) රැස් කර ඒ තීරණය අනුමත කර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ‘‘ලංකාදීප’’යට පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දෙන නව නායකත්වයට තමාගේ සහයෝගය දෙන බව පැවසීය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නව නායක තීරණය කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන්නේ  කවුරුන්දැයි ප්‍රකාශයට පත් කරන බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කළේය.



අදහස් (8)

එජාප නායකත්වයට නම් 4ක්

SARATH SILVA Tuesday, 11 August 2020 08:04 AM

4 දෙනාම ඩීල්කාරයෝ... මේ අය ඇවිත් මැරිච්ච එජාපයට පාංශුකූලය දෙයි. අනිච්ඡා වත සංඛාරා...!!!

:       0       121

indika Tuesday, 11 August 2020 08:14 AM

පක්ෂය විනාශ කරලා ඒ අයටම නායකත්වය දෙන්න හදනවා. ඉන්න ටිකදෙනාටත් නැතිකරගන්න හදන්නේ රනිල්... රනිල්ට ඕනෑ එජාපය එදහටම නැතිකරලා දාලා රාජපක්ෂලාට හැමදාම රජවෙන්න අවස්ථාව හදලා දෙන්න.

:       1       140

Nandalal DE SILVA - France Tuesday, 11 August 2020 08:41 AM

නව එජාප නායකයා තෝරාගැනීම රහස් ඡන්දයක් මගින් සිදුකළොත් , එහි ඇති විනිවිද භාවය රටවැසියාට පෙනෙනු ඇත. නැතිනම් රැස්වීමේදී භයානක තත්වයක් ඇතිවී... විරුද්ධවාදීන්ට තවතවත් එජාපයට, එමගින් මඩගැසීමට අවස්ථාවක් උදාවෙනු ඇත.

:       0       21

Dharmatileke Tuesday, 11 August 2020 09:01 AM

එජාපයේ සුදුස්සන් නැත. මේ 4 දෙනාම ජනතාව පරාජය කරපු අය.

:       0       87

අතුල Tuesday, 11 August 2020 11:53 AM

කොහොම වුණත් ගොඩ ඒමක් පේන තෙක් මානෙකවත් නැත. අනිච්ඡාවත සංඛාරා..!

:       0       81

පාක්ෂිකයා Tuesday, 11 August 2020 02:28 PM

පින්තූරයේ සිටින තෙවැන්නා කිසිවෙකු නොකළ ආකාරයට 2001 ත් 2004 ත් අතර කාලයේ විශ්‍රාමිකයින්ගේ මූලික වැටුප වැඩිකළත් ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ වී ජනතාවට එපාවූ අයෙකි. 4 වැන්නා ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරවා සුළුඅපනයන බෝගවගාව ගොවීන්ට එපාකරවූ අයයි. ඒ අතරම 4 දෙනාම තම තමා යෝජනා කළ බවක් අසන්නට ලැබුණා (මගේ පැටව් විසිතුරු යැයි අගේට කපුටාද කියයි එහෙම නැත්නම් උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු) නායකයා ගම්මට්ටමේ ශාඛා සමිති හරහා තෝරන්න...

:       0       4

Bamunuarachchi Wednesday, 12 August 2020 05:51 AM

සිරිකොත බේරගන්න පුළුවන් කෙනෙක් නායකයා කරන්න.

:       0       0

thikal Wednesday, 12 August 2020 07:13 PM

රටත් කාලා, පක්ෂයත් කාලා, ගමත් කාලා, ජනතාවත් කාපු පිරිසක් මේ... ඒක තමයි ජනතාව ඡන්දෙන් ඔප්පු කළේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 47 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 83 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 102 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 278 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 490 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 351 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site