(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් කලවානේ පැවති රැස්වීමකට හූ කියා බාධා කළ බව කියන පුද්ගලයෙක් අද (26) අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කලවාන ලෑලිකුඹුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන සංවිධායක සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂක සරත්චන්ද්‍ර රාමනායක මහතාගේ නිවසේ පැවති රැස්වීමකට මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් බාධා එල්ල කර ඇති බව පොලිසිය පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ඇමතිනී තලතා අතුකෝරළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ.විජේතුංග, හේෂා විතාන ඇතුලු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතුලු 200 ක පමණ පිරිසක් මෙම රැස්වීමට සහභාගිවී සිටි බව පොලිසිය සඳහන් කළේය.
පෙරවරු 10.15 ට පමණ රැස්වීම ආරම්භ කර තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාද රැස්වීමට පැමිණ සිටි අතර තලතා අතකෝරළ මහත්මිය සිය කතාව පවත්වාගෙන යද්දී පෙරවරු 11.20 ට පමණ පිටස්තරින් පැමිණි පිරිසක් හූ කියමින් කෑකෝ ගසමින් රැස්වීමට බාධා කර තිබේ.
රැස්වීමට බාධා කළ පිරිස පොලිසිය මැදිහත්ව පලවා හැර තිබේ.
එහෙත් රැස්වීම අවසන් වූ පසු දහවල් 12.15 ට පමණ ත්‍රීරෝද රථයකින් පිරිසක් නැවත පැමිණ හූ කියු බවත් පසුව පොලිසිය මැදිහත් වී දෙපිරිස අතර ඇතිවීමට ගිය ගැටුම වළක්වා හූ කියූ බව කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය. ඒ අවස්ථාව වනවිට සජිත් ප්‍රේමදාස මහතා රැස්වීමෙන් පිටව ගොස් තිබුණි.
අත්අඩංගුවට පත් පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකුට සහයෝගය දක්වන පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සමගි ජනබලවේගයේ රැස්වීමට බාධා කළ අයෙක් අත්අඩංගුවට
de silva Friday, 26 June 2020 02:11 PM
එජාපය මෙදා සැරේ 5%ටත් පහළට වැටෙනවා. අපේ ගම් පළාත්වල නම් රනිල්ට ඡන්දෙ දෙන මිනිහෙක් හොයාගන්නවත් නැහැ. හැමදාම ලැබෙන විපක්ෂ නායකකමත් රනිල්ට මෙවර නැතිවෙනවා. ඒක මෙවර සජිත්ට හෝ මහින්ද මහත්තයාට හෝ ලැබෙනවා.
චන්දදාසSaturday, 27 June 2020 01:05 AM
සිල්වා මහතාගේ අදහස සියයට දහසකින් නිවැරදි වුවත් එයට අකමැත්ත පලකිරීමට වැස්සකටවත් පාසැලකට නොගිය පිරිසක් සිටීම ගැන හරිම කණගාටුයි. රනිල් මහත්මයා පාර්ලිමේන්තුවට පත්වී දැනට අවුරුදු 43 ක් ගතවී ඇතත් එතුමාට සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම තේරුම් ගැනීමට හැකියාවක් තවමත් ලැබී නැත.
MD Friday, 26 June 2020 05:59 PM
හූ කියලා කෑගහන අය අත්අඩංගුවට ගන්න බලය තියෙන්නේ පොලිස් නිලධාරීන්ට නොව වනජීවි නිලධාරීන්ට නොවැ.. ..අනේ මන්දා කට්ටිය පටලවා ගත්තද? මට පැටලුණාද?
විපරමා Friday, 26 June 2020 09:37 PM
පොහොට්ටු කාරයින්ගේ මැරයින් කරන වැඩත් තව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි...
Lanka Saturday, 27 June 2020 03:59 PM
ඇයි අනේ පොහොට්ටුවට බනින්නේ...?
Perera Sunday, 28 June 2020 03:57 AM
ඒ අය සේරම එකයි. බලය අල්ලගෙන ඇවිල්ලා බලය ලබාගත්තාට පස්සේ අපිටම ගහනවා. කාටවත්ම ඡන්දෙ දෙන්න එපා.