IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රයන් අත්අඩංගුවට ගැනීමට යාම ගැන පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)
 
වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ  කැඳවුම්කරු රයන් ජයලත්  අත්අඩංගුවට ගැනීමට  යාමේ සිද්ධියේ දී පොලිසිය අතින් රාජකාරි අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇතිද යන්න සොයා බැලීම සඳහා  පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණක් පවත්වා  වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට දැනුම් දී ඇත.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ  පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්  කාරයෙන් ඇතුළු වී  එහි දේපළ  වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ  පැවැත්වෙන නඩුවකට අදාළව බවත් ඔහු පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු හෙයින්  ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවත්  රුවන් ගුණසේකර මහතා  කීය.

මෙම සිද්ධියට අමතරව රයන් ජයලත් ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා  විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය  මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ (බී 3049)  අදාල නඩුවට  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්  වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි පවසයි. 



අදහස් (19)

රයන් අත්අඩංගුවට ගැනීමට යාම ගැන පරීක්ෂණයක්

Sena Friday, 21 July 2017 12:26 PM

ඔය විදියටම බොරුවට වෙඩි තියාගත්ත සමීර සෙනරත්නවත් අත්අඩංගුවට ගන්නනවද ? මේ ආණ්ඩුවේ නිරුවත දැන් හෙළි වෙලා ඉවරයි

:       366       2624

buddikaFriday, 21 July 2017 03:51 PM

හරියට හරි කතාව, නැමිලා සැලියුට් ගහන්නේ එහෙම කට්ටිය තමයි..

:       7       62

PITIGALA MILANO Friday, 21 July 2017 12:46 PM

ඔය අන්තරේ නිසා අහිංසක, ඉගෙනීමට ලැදි බොහෝ දුෂ්කරතා ඇති සිසුන් කීදාහකට සරසවි වරම් ලැබිලත් එය කඩාකප්පල් වී යන එන මං නැති වුණාද? මේ අයට දඬුවම් දීලා ශිෂ්‍ය භාවය අහෝසි කරන්න.

:       2790       1869

buddika Friday, 21 July 2017 01:20 PM

මේ කොල්ලට තියෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකදෙන්න කියලා සටන් කරලා වරෙන්තු අාපු නඩු, මිනිස්සුන්ගේ දේපල කෝටි ගණන් නාස්ති කරපු අයට රුපියල් දෙදාහක් දඩ ගහලා එලියට දාන්නයි. බොරු පැමිණිලි දාලා ලැජ්ජා වුණා.. කෝ ඒවාට නඩු අපි අහන්නේ, සමහරුන්ට කොහොමත් තේරෙන්නේ නැහැ. මොවුන් කරන අරගලය, තමුන්ගේ ළමයකුටවත් උගන්නන්න. ඒ අය හරි කවදා හරි අහයි දවසක ඇයි අපිට දොස්තර කෙනෙක් වෙන්න බැරි අපි දුප්පත් නිසාද සල්ලි ගොඩක් නැති නිසාද කියලා? එදාට පරක්කු වෙලා තියෙයි.

:       94       760

gunarathna Friday, 21 July 2017 02:03 PM

රුවන් ගුණසේකර කියන විදියට මෙයා පොලිසියේ සැකකරුවෙක් විතරයි. සැකකරුවෙක් කියන්නේ වැරදීකරුවෙක් නොවෙයි. එහෙම කෙනෙක් අත්අඩංගුවට ගන්න යනවනම් නිල ඇදුම් ඇතුව එක නිලදාරියෙක් වත් නොගියේ මොකද.

:       3       161

sarathSaturday, 22 July 2017 01:22 AM

බටලන්ද රජා දන්නේ ඔහොම ගිහින් උස්සන්න තමයි

:       270       302

sahan Friday, 21 July 2017 02:39 PM

වහාම සිර දඬුවම් ලබා දෙන්න... රටේ ඉගෙන ගන්න ළමයින් වෙනුවෙන් කලයුතුම දෙයක්...

:       440       705

ReksFriday, 21 July 2017 03:32 PM

ඔයා කියනකම් තමයි හිටියේ...

:       61       334

janith Friday, 21 July 2017 02:41 PM

රිචර්ඩ් මහතා අධ්‍යාපන ඇමති ලෙස හදපු සිරිධර්ම විද්‍යාලයෙන් බිහි වෙච්ච කෙනෙක්... එතුමා හිටියා නම් මෙලහකටත් හිරේ දාලා...

:       178       196

buddikaFriday, 21 July 2017 03:48 PM

ඇයි රිචඩ් මහත්තයා නඩුකාරතුමාද හිරේ දාන්න එළියෙන් තියන්න කියලා තීරණය දෙන්නේ... ?

:       131       111

one srilankan Friday, 21 July 2017 02:56 PM

කියන්න සරල සුගම සභාසීලි වචන ඉතිරිවෙලා .. පාරේ ඉන්න ළමයි වෙනුවෙන් සයිටම් වහන්න. අනාගත පරපුර රකින්න. මොවුන් අපේ දරුවෝ 12000 ට වැඩි 1000 ට වැඩි මේක කල්නොයවා විසඳන්න. දෙමාපියෝ පීඩනයක ඉන්නේ....

:       128       167

deva Friday, 21 July 2017 03:04 PM

අද රූපවාහිනයේ දැක්කා මේකට එී.එම්.ඕ.ඒ අයත් විරෝධපාලා ආයෙමත් වර්ජනය කරනවලු...

:       1       33

aravinda Friday, 21 July 2017 04:28 PM

මේ තැනැත්තා අත්අඩංගුවට ගත්තාය කියා ඇතිවන සුගතිය කුමක්ද? නිකරුනේ කාලය සහ පොලිස් ශ්‍රමය වැයවෙන දෙයක්.

:       59       3

Ajith Friday, 21 July 2017 11:48 PM

වෙනත් රටවල සිසුන් කම්කරු රැකියා කරමින් කරමින් අතින් සල්ලි ගෙවා ඉගෙන ගන්නේ. අපේ ළමයින්ට මොන්ටිසෝරියේ සිට පරස්තාව දක්වාම රටේ මිනිස්සුන්ගේ බදු මුදල් මත යැපෙමින් ඉන්න බලාපොරොත්තුවෙන් , අරගල කිරීම ඇරෙන්න වෙන වැඩක් නැහැ. මේ උදවියට රජයේ රැකියා දුන්නොත් පිනට පඩිය අරන් දවසෙම උද්ගෝෂණ කරාවි. හැබැයි ඊළඟට හෙමිහිට බටහිර රටකට සංක්‍රමණය වෙලා පුසෝ වගේ එහෙ ජීවත් වේවි. ඔය මහා ලොකු උසස් අධ්‍යාපන අරගල නියමුවන් තලතුනා වයස වෙනකොට පවුල් පිටින් එංගලන්තයේ නැති නම් ඔස්ට්‍රේලියාවෙ..බොරු නම් සොයා බලන්න.

:       245       242

de silva Saturday, 22 July 2017 12:57 AM

අප්පච්චි‍ පාලනය තිබ්බනම් රයන්ලා, ලහිරුල මෙහෙම ප්‍රශ්න වලට ගොදුරු වෙන්න තිබ්බ ඉඩ කඩ බොහොම අඩුය , එවැනි පසුබිමක මොවුන් උද්ගෝෂණ කරන්නවත් , සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා පනින්න යන්නේ නැහැ , විශ්ව විද්‍යාල තුලට වී ඉගෙන ගන්නවා , මේ ඔක්කොටම මුල යහපාලනය , යහපාලනය ලංකාවට නොගැලපේ , ලංකාවට ගැලපෙන්නේ ප්‍රේමදාස , ඝෝටාභය මොඩල් එකේ පාලනයකි

:       0       313

NuwanSaturday, 22 July 2017 06:44 AM

ඔබේ කතාව සහතික ඇත්ත , ප්‍රජාතන්ත්‍රවාදය , නීතියේ සමානාත්මතාවය ,ජන්ද අයිතිය වගේ දියුණු ලෝකේ සියලු මානව ජයග්‍රහණ, සංකල්ප වලට ඔරෝත්තු දෙන්න තරම් අපේ රටේ අයගේ මනස දියුණු වෙලා නැහැ ඇත්තටම ,බහුතරය ඉන්නේ ගෝත්‍රික මානසිකත්වයක , එනිසා මේ රටට ඇත්තටම අවශ්‍ය රජෙක් , ඒවාට කැමති අය දියුණු රටකට යයි.

:       0       0

Sarojini Saturday, 22 July 2017 01:09 AM

පොලිස්පති තුමෝ, මේකට පරීක්ෂණ පවත්වනවා වගේම අර පෙළපාලි වලදී පොලිස් නිලධාරීන්ට පෙරලගෙන පහර දෙන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලාත් සොයන්නත් කොමිසම් පත් කරන්න.

:       34       25

sarath Saturday, 22 July 2017 01:24 AM

සයිටෙම් සිද්දියෙන් වවාගෙන කන්නේ රාජිත සහ නෙවිල් ,රෝහල ආණ්ඩුවට ගත්ත කියල පත්තර වල දාන්න සල්ලි කොහෙන් ද? අපේ බදු සල්ලි නොවේද ? ඇත්තටම් රෝහල බදු අරගෙන අපේ සල්ලි විනාශ කරනවා

:       38       151

jayanaath Sunday, 23 July 2017 01:45 AM

විශේෂ යමක් අනවශ්‍යයි අත්අඩංගුවට ගන්න. මොකද්ද මේ කල වැඩේ ..? හත් පොලේ ගාගත්තනේ ආණ්ඩුවයි පොලිසියයි ,හැමෝම...! .කවුද මේ අනුවණ වැඩේට නියෝග දුන්නේ...?. මොහු නීත්‍යානුකූලව අත් අඩංගුවට ගෙන අර අණුවන ක්‍රියාවට නියෝග දී ජාත්‍යන්තරව රට, රජය, ජනපති, අගමැති ඇතුළු අධිකාරීන් අපහසුතාවට පත් කළ සියලුම බලධාරීන් ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කල යුතුමයි. නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවාත් රැවුල පානවලු " මගෙත් රැවුල කපපන් " කියලා ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 852 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 163 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1030 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1065 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1367 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1220 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site