IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලක්‍ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි

(යොහාන් භාසුර)

අර්තාපල් යැයි හඟවමින් නීතිවිරෝධීව ආනයනය කළ රුපියල් ලක්‍ෂ 30 කට අධික වටිනාකමින් යුත් බීට්රූට් කිලෝ 16,000 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සැකකටයුතු ශීතකරණ සහිත බහාලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම බීට්රූට් සොයාගත් බව කී සුදත්ත සිල්වා මහතා වත්තල පිහිටි සමාගමක් එම බහලුම් තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද අර්තාපල් කිලෝග්‍රෑම් 53,000 අඩංගු බව රේගුවට ප්‍රකාශ කර තිබූ බව ද සඳහන් කළේය.

මෙම බීට්රූට් තොගය අර්තාපල් අඩංගු බෑගවලට සමාන බෑගවල අසුරා එම බහාලුම්වල ගැඹුරු අන්තයේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවත් එය නිෂ්කාශනය සඳහා පැමිණි වාප්පු ලිපිකරු රේගුව විසින් රඳවා ගෙන ප්‍රශ්න කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයට අනුයුක්ත ග්‍රේ ලයින් 2 බහාලුම් පරීක්ෂණ අංගනයේ රේගු නිලධාරීන් වැඩි දුරට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



අදහස් (5)

ලක්‍ෂ 30ක බීට්රූට් රේගුවෙන් අල්ලයි

ravin Friday, 28 January 2022 07:18 PM

එකවර භාණ්ඩවල වෙළඳපල වටිනාකමෙන් සියයට සීයක් දඩ ලෙස පැනවූවා නම් හොරකම අඩුවෙයි. ගෙන්නුවේ සතොස හෙම නොවෙයි නේද? නැතිනම් සුදුළූණු තමයි.

:       0       19

uk ranga Friday, 28 January 2022 08:12 PM

ඔය තමයි ලංකාවේ කූට ව්‍යාපාරිකයෝ... ඔයට අය තමයි රට විනාශ කරන අංක 01 හොරු...

:       1       21

Sriland Friday, 28 January 2022 09:45 PM

කවුරු ගෙනාවත් කමක් නෑ. ආහාරයක්නේ.. ඉක්මණටම ජනතාවට ලබාදෙන්න අපරාදේ විනාශ කරන්නේ නැතිව... ස්තුතියි...!!!

:       1       4

බද්රානි Friday, 28 January 2022 10:16 PM

හා.. හා.. කලබල වෙන්න එපා. ඔය බීට්රුට් අල කාබනික පොහොර යොදලයි වගා කරලා තියෙන්නේ. වකුගඩුත් හොඳට සුද්ද වෙනවා මේ බීට් කාපුවාම. ඒ බීට් අල කාපු මටත් අමුතු දේශප්‍රේමී හැඟීමක් දැනෙනවා වගේම ඇඟට අමුතු සනීපයකුත් දැනෙනවා.

:       3       6

Kule Saturday, 29 January 2022 03:31 AM

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ බීට්රූට්වල වසවිස නෑ කියලා සහතිකයක් ගන්න බැරිද?

:       3       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 53 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 371 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 464 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1249 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2694 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1784 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site