IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජිත හා එස්.බී කොමිසමක් ඉදිරියට ගෙන ආ යුතුයි-වෛද්‍ය සංගමය

(තරිදු ජයවර්ධන)

 ප.ව 6.15

“ආණ්ඩුව එයාලා බය පුද්ගල ලැයිස්තුවට ලහිරු වීරසේකරගේ නමත් එකතු කරලා තියෙනවා.සයිටම් නාටකය ගැන හොයන්නත් බැඳුම්කර කොමිසම වගේ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.ඇමති එස්බී සහ රාජිත එම කොමිසමට ගෙන්වා ප්‍රශ්න කළ යුතුයි.“යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

 ප.ව 6.10

“ශිෂ්‍ය විරෝධය මර්දනය කරමින් සයිටම් විරෝධය නතර කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.ශිෂ්‍ය නායකයන් කම්කරු නායකයන් මර්දනය කරලා අරගල යටපත් කරන්න උත්සහ කළාට එය කරන්න බෑ.ඉතිහාසෙත් එහෙම කරන්න හැදුවා.අද ගුරු අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරන්න හදනවා.ගුරු විද්‍යාල 24න් හතක් වහලා.“යැයි ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් මහතා

 ප.ව 5.55

“1935 දී ලංකා සම සමාජ පක්ෂය අරගල කරලා දිනාගත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය මේ ආණ්ඩුවෙන් උදුරා ගන්න හදනවා.සුබසාධනය කප්පාදු කරන්න හදනවා.නිදහස් අධ්‍යාපනය සුරකින සටනට ලංකා සම සමාජ පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ලබාදෙනවා“යැයි හැටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා කියයි.

 ප.ව 5.25

විවිධ පක්ෂ, සංගම්  හා  සංවිධාන 100 ක්  පමණ නියෝජනය කරමින් විශාල  පිරිසක්  රැළියට  සහභාගී  වි සිටිති.


ප.ව 5.10

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන  ජන රැළිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.


ප.ව 4.36
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන  ජන රැළිය පවත්වන වේදිකාව කොටුව දුම්රිය නැවතුම්පළ ඉදිරිපිට මාර්ගයේ එක් තීරුවක ඉදිකරයි.

දේශපාලන පක්ෂ නියෝජිතයෝ, සිවිල් සංවිධාන නියෝජතයෝ සහ විශ්ව විද්‍යාල සිසුන් 3000 ක් පමණ විරෝධතා ව්‍යාපාරයට  එක්ව සිටිති.


ප.ව 4.15

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි පාගමන මිට ටික වේලාවකට  පෙර කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට ළඟා විය.

කොටුව අධිකරණයෙන් ලබා ගත් නියෝගය කොටුව පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් ඒ ඩබ්ලිව් ගෆාර් මහතා විසින් අන්තර් විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරි පිරිසකට කියවා දෙනු ලැබිය.

මහජනතාවට පිඩාවක් වන අයුරින් විරෝධතා පැවැත්විය නොහැකි බව ගෆාර් මහතා කීවේය.

අධිකරණ නියෝගය එම ස්ථානයේ සිටි අන්තරේ ක්‍රියාකාරින්ට බාර දුන්නත් කිසිවෙකු බාර නොගත් අතර පොලිසිය එය පෙළපාළිය සමඟ ආ ලොරි රථයක් ඇතුළතට  විසි කළේය.


ප.ව 3.48

පාගමන මීට සුළු මොහාතකට පෙර මරදානට ළඟා විය.


 

ප.ව 2.48

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි  කරන ලෙස බල කරන පාගමන මීට ටික වේලාවකට පෙර ඉඟුරුකඩේ හන්දියෙන් ආමර්වීදිය දෙසට ගමන් ආරම්භ කළේය.

පාගමට 3000 ක් පමණ සිසුන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටිති.

 


ප.ව 2.00

සයිටම් විරෝධී පාගමන මීට සුළු වේලාවකට පෙර පෑලියගොඩ පට්ටිය හන්දිය පසු කළේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක්,ගුරු සංගම් හා වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් පට්ටිය හන්දියෙන් පාගමනට එක්වූහ.


ප.ව 12.40

පාගමන මීට සුළු මොහොතකට පෙර කිරිබත්ගොඩ නගරයට ළඟා විය.

ප.ව 12.25

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප ගැනීමට නොහැකි බව කියමින් පෑලියගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියකුගේ ජාතික හැඳුනුම්පත පොලිස් බාරයට ගත්තේය.

අන්තරේ පෙළපාලිය ඉදිරිපිටට පැමිණි බස් රථයක් නවතා එහි සිටි මගීන් බස් රථයෙන් බැස්වීමට අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ ආකාරය ඡායාරූප ගනිමින් සිටියදී එම මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත මෙලෙස පොලිස් බාරයට ගැනිණි..


ප.ව 12.12

සයිටම් විරෝධි පෙළපාළිය මිට සුළු වේලාවකට පෙර මහර  හන්දිය පසු කළේය.


පෙ.ව 11.43

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට  එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹට එන පාගමන මීට ටික වේලාවකට  පෙර කඩවත පොලිසිය ඉදිරිපිටින් ආරම්භ විය.

වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ද පාගමනට  පැමිණ සිටියි.


පෙ.ව 11.00

(තරිදු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)

සයිටම් පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය  බල මණ්ඩලය අද (4) පවත්වන පාගමන මහජන පිඩාවක් ඇති නොවන පරිදි හා රජයේ කාර්යාලවලට ඇතුළු නොවන පරිදි සාමකාමිව පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

අධිකරණය එසේ නියෝග කළේ මෙම පෙළපාලිය නිසා මහජන පිඩාවක් ඇති වන බවත් කඩ සාප්පු වලට  මගින් යාම අවහිර වන බවට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමිනි.
 
වෛද්‍ය පිඨ ශෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් වන සනත් බණ්ඩාර, විශ්ව ධනංජය ඇතුළු නවයකට  එරෙහි ව පොලිසිය මෙම ඉල්ලීම කර  තිබිණි.



අදහස් (48)

රාජිත හා එස්.බී කොමිසමක් ඉදිරියට ගෙන ආ යුතුයි-වෛද්‍ය සංගමය

හේමන්ත Friday, 04 August 2017 06:34 AM

පුද්ගලික විශ්වවිද්‍යාල එපා. පුද්ගලික පාසල් එපා. ටියුෂන් එපා. පුද්ගලික රෝහල් එපා, පුද්ගලික ජනමාධ්‍ය එපා. සියල්ල නොමිලේ රජයෙන් පමණයි තියනවා නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියන්න මමත් පාගමනට එනවා.

:       18565       16472

NuwanFriday, 04 August 2017 08:51 AM

නියම අදහස, රජයෙන්ම කන්න බලන් ඉන්නේ නැතුව, හැම දේම නිකන් ලබාගන්න බලාපොරොත්තු නොවී පුද්ගලික අංශයත් ඉදිරියට අරන් ලොව දියුණු රටවල් වගේ අපේ රට දියුණුවෙනවා වෙනුවට රජයෙන්ම බලන් ඉන්න ඕනෑ නැහැ... ඒ කියන්නේ මහජනතාවගේ ඔබේත්, මගේත් බදු මුලින්ම යැපෙන්න හදන මතු පරපුරක් පාරට බැහැලා..

:       9709       15469

samanFriday, 04 August 2017 11:36 AM

කෝ අර අරික්කාල් ගේ දෙකේ දෙකේ පොලු ගැන්සිය? බයේ හැන්ගිලද?

:       2269       1767

nishanFriday, 04 August 2017 11:33 AM

මුළු ලෝකෙම වේගෙන් ඉදිරියට යනවා. මේ මිනිස්සු අපේ රට පිටිපස්සට ඇදන් යන්න හදනවා.

:       18537       13814

ReksSaturday, 05 August 2017 01:30 AM

අපේ රට පිටිපස්සට ගෙනියන්නේ අසාධාරනේට විරුද්ධව අරගල කරන මෙගොල්ලද. නැත්නම් මහා පරිමාණ වංචා කරන දේශපාලකයෝද.?

:       15       114

අමරSaturday, 05 August 2017 04:48 AM

රෙක්ස්. ඔබත් නියොජනය කරන අන්තරෙන් තමා රාජිතලා බිහිවෙලා තියෙන්නේ.. හොඳට හොයලා බලන්න.

:       8       1654

buddika Friday, 04 August 2017 06:41 AM

පොලිසියත් දැන් කුජීත තත්වයට පත්වෙලානේ..

:       1512       303

chandanaFriday, 04 August 2017 11:18 AM

ඔව් දැන් පොලිසියත්, දොස්තරලත් අතර වැඩි වෙනසක් නෑ.

:       6221       10181

dilan Friday, 04 August 2017 07:11 AM

විරෝධතා පා ගමන් ගියාට අපිට කමක් නැත. මොකටද පාර මැදින් යන්නේ...? පාරේ අයිනෙන් යන්නකෝ... හැමදාම පාරේ ඇවිද්දත් අපිට ප්‍රශ්නයක් නැහැ.

:       5109       8448

wedage Friday, 04 August 2017 07:37 AM

කුරුඳු වත්තට මේ පෙළපාලිය එන්නේ නෑ නේ... මේ මහ දවල් කඩේ යන මිනිස්සු මේ පෙළපාලිය සමගම කඩවල් වලට යාවි..

:       5040       144

සෙනෙවි Friday, 04 August 2017 08:12 AM

එහෙම නීතියක් මොන නීති පොතේද තියෙන්නේ?

:       131       3857

sujan Friday, 04 August 2017 08:16 AM

මේ ඉන්නේ පෑලියගොඩ පොලිසියේ අපේ සෝමසිරි මහත්තයානේ. එතුමා හොඳ පොලිස් නිලධාරියෙක්.

:       144       826

lankaputha Friday, 04 August 2017 08:19 AM

පොලිසියේ මාමා නිකන් හැකිලිලා වගේනේ යන්නේ.

:       2156       137

wedageFriday, 04 August 2017 09:20 AM

අපේ ස්වාමින් වහන්සේ නමක් බණ පද දෙකක් කියලා දෙනවනේ ඒකයි....

:       4912       184

rohana Friday, 04 August 2017 08:38 AM

මේ දරුවන්ට කවදා මොලේ පෑදෙයිද?

:       37915       1227

wedageFriday, 04 August 2017 09:23 AM

මෙතන දරුවන් දෙමාපියන් විද්වතුන් මහාචාර්යවරුන් යනවනේ...

:       540       29120

ගයා Friday, 04 August 2017 11:15 AM

ඒ ඔක්කොම කුහක ගති ඇති අයයි.

:       110       1130

Santha Friday, 04 August 2017 09:03 AM

පිස්සු මඟුල් වලට යොදන උනන්දුව සහ කාලය වැඩ කරන්න යොදනවා නම් ලංකාව දියුණු රටක් වෙලා ගොඩක් කල්...

:       71       710

Sriya Friday, 04 August 2017 09:17 AM

පෑදෙන්න මොලයක් තියෙන්න එපෑයැ. තියෙන්නේ ඉරිසියාවයි, කුහකකමයි. තවකෙනෙක් හැදෙයි කියලා බයේ දඟලනවා.

:       114       675

GayanFriday, 04 August 2017 10:59 AM

නිදහස් අධ්‍යාපනයෙන් වැඩක් ගත්ත උදවිය දන්නවා එකේ වටිනාකම. අනාගතයටත් එය ලබාදීම ඒ අයගේ අරමුණයි. ඉගෙන ගන්න බැරි වුණ උදවිය තමයි ඉරිසියාවේ දඟලන්නේ. අඩුම තරමේ තමන්ගේ ළමයෙක්වත් විශ්ව විද්‍යාලයට යවාගත්තා නම් ඔය විදියට හිතන්නනේ නෑ. විශ්ව විද්‍යාලේ අවුරුදු 4ක් වුණාට ඉස්කෝලේ අවුරුදු 12 ක් ගියෙත් බදු සල්ලි වලින් ම තමයි.

:       533       1123

NuwanFriday, 04 August 2017 12:45 PM

ගයාන් මහත්මයා, මම උසස්පෙළින් පස්සේ ජර්මන් ටෙක් එකෙන් අධ්‍යාපනය හදාරලා මෝටර්රථ කර්මික ශිල්පියෙක් ලෙස ගල්ෆ් රටවල දැන් වසර 10 කට වඩා සේවය කරනවා. කෝටියකට 2 කට වඩා ලංකාවට එවල තියනවා විදේශ විනිමය... මගේ දරුවා ඉගෙනගන්නේ ජාත්‍යන්තර පාසලක ගෙවලයි. ඒ කියන්නේ මම වෙනුවෙන් ලංකාවේ ජනතාව වැයකළ බදු මුදල් වලට සාධාරණයක් ඉහළින්ම කරලා තියනවා. රජයේ වියදමින් ඉගනගෙන උපාධි ලබාගත් අය කොපමණ බදුමුදලක් නැවත රටට ගෙවනවද බලන ක්‍රමයක් ඕනෑ? නැත්නම් කට විතරයි.

:       53       458

AsankaFriday, 04 August 2017 01:07 PM

නිදහස් අධ්‍යාපනයෙන් වැඩක් ගත්ත උදවිය කොපමණ බදුමුදලක් රජයට ගෙවල තියනවද? අධ්‍යාපනයෙන් පසුව රැකියා හෝ ව්‍යාපාර මගින්... අන්න එ්කයි හොයන්න ඕනෑ. මතු පරපුරට නිදහස් අධ්‍යාපනය රැකගන්න අරගල කරන ගමන් ඔබලා එහි ප්‍රතිඵල රටට දීල තියනවද කියලත් බලන්න ඕනේ... තමන් වෙනුවෙන් රජයෙන් වියදම් වුණු මුදලට වඩා රටට බදු ගෙවල නැත්නම් නිදහස් අධ්‍යාපනය රැකගනිව් කියලා ඔබල කරන්නේ වංචාවක් ...

:       30       632

ප්‍රීති Friday, 04 August 2017 09:23 AM

මම අහලා තිබෙනවා... දෙවියන් වහන්සේ යම් මනුෂ්‍යයෙක්ව විනාශ කිරීමට ප්‍රථම ඔහුව පිස්සෙක් කරන බව. ඒ කියමන යම්කිසි ජාතියකට වුණත් අදාලයි. විශ්ව විද්‍යාල වෙනුවට, මානසික රෝගීන්ට රෝහල් බිහිකිරීම රජයේ වගකීමක්....

:       29       477

ranavi Friday, 04 August 2017 09:32 AM

මේවා මෙල්ල කරන්න තරම්වත් කොන්දක් නැති ආණ්ඩුවක්... ඉස්සර එහෙමද මාලිගාවට එන්න කිව්වා හොඳවයින් වචන ටිකකුත් එක්ක කනේ පාරවල් කීපයයි. එතැනින්ම වර්ජන ඉවරයි..

:       13       351

wedageFriday, 04 August 2017 09:51 AM

කැලේ නීතිය කියන්නේ එ්කට තමයි ඉස්සර කරපු නොගැලපෙන වැඩ නිසා තමයි මේ කරදර... නිකං උමා ඔය ගැන හිතන්නකෝ...

:       75       239

දිලුම් Friday, 04 August 2017 09:51 AM

පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියල අපි කියන්නේ නෑ. ඒත් ඒවායේ ප්‍රමිතියක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව ඉස්කෝලේ යන කාලේ නන්නත්තාරේ ගිය ඇමති පුතාලයි, දුවලයි දොස්තරලා කරන්න වෛද්‍ය විද්‍යාල ගේනවට අපි විරුද්ධයි. ඒකයි මේකේ ඇත්ත තත්වය ඒක වටහා ගන්න බැරුව කෑ ගහන්න එපා. අනික මේ රටේ දැන් පෞද්ගලික පාසල් ගොඩක් තියනවා. අඩු තරමේ ඒවායේ වුණත් ප්‍රමිතිය මනින්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩපිළිවෙලක් නෑ. හරියට ඒවායේ ඉගෙන ගන්නේ අපේ ළමයි නෙමෙයි වගේ. ඒකයි මේ රට වලපල්ලට යන්නේ. කොච්චර සම්පත් තිබුණත් ඒවායේ පිළිවෙලකට හැසිරවීමක් නෑ. ජපානයේ අපේ රටේ වගේ සම්පත් නෑ. ඒත් තියන සම්පත් උපරිම කාර්යක්ෂමව අරපිරිමැස්මෙන් භාවිතා කරන්න පිළිවෙල කියන දේ එක වසරේ ළමයාට පවා උගන්නනවා. ඒකයි දියුණුව කියන්නේ...

:       648       733

ගයා Friday, 04 August 2017 11:16 AM

රජයේ ඒවායේ දැන් ප්‍රමිතිය තියෙනවාද?

:       8       377

dhamneth Friday, 04 August 2017 10:23 AM

මේ පෙළපාලියේ කහ සිවුරු දාගෙන එන අය හමුදුරුවරුද කියා අපිට ලොකු සැකයක් තියෙනවා. මම පදිංචිව සිටින්නේත් හාමුදුරුවරු ඉගෙනගන්න පිරිවෙනක් අසල. ඒ හාමුදුරුවරු නම් හරිම සංවරව ගමන් කරන්නේ. එ්නිසා පොලිස් නිලධාරී මහත්වරු හා පෙළපාලිය ගැන වාර්තා කරන පත්තරේ මහත්වරු ඔය හාමුදුරුවරුන්ගේ පන්සල් ලිපිනයන් ඉල්ලගෙන ගුරුහාමුදුරුවරුන් සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා නම් ඉතාම කාලෝචිතයි. සෑම හමුදුරු කෙනෙකුටම ගුරුහාමුදුරු කෙනෙක් ඉන්නවා.

:       0       359

wedage Friday, 04 August 2017 10:27 AM

මෙයට අන්තරේ කියන්න හොඳ නෑ. සිසු ජන රැලිය කියලා කියන්න.

:       349       19

aseFriday, 04 August 2017 10:58 AM

මොකක්, සිසු ජන.... ඒ මොන හරුපයක්ද?

:       0       319

බද්රානි Friday, 04 August 2017 10:41 AM

පූරුවේ කල කුමක් හෝ පවකටයි මේවගේ ගෝත්‍රික, ජාතියකට අයත්ව ඉපදුණේ. මම දුටුවා එක්තරා දෙමළ දේශපාලනඥයෙක් කියලා තිබෙනවා, උතුරේ පෞද්ගලික විශ්ව විද්‍යාල වැඩිපුර බිහිකළ යුතුයි කියලා. ඒ වගේම නැගෙනහිරත් පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමට සියල්ල සුදානම්, අන්න එවැනි උතුම් ජාතීන්ගෙන්වත් යමක් ඉගෙනගෙන, තමන්ගේම අයට වල කපන, ඔය ජන්මයෙන් එන මෝඩ ගතිය නැති කර ගන්න. මුදලට බෙහෙත් ටික විකුණන ධනපති දොස්තරලා මහපාරට ගේන විට රැලේ යන සමාජවාදියෝ ඉන්න රටක් මේක... ලැජ්ජයි ඔබලා ගැන !!!

:       12       330

wasantha Friday, 04 August 2017 10:49 AM

අපේ හාමුදුරුවො පාර මැද්දේ ළමයින්ට බණ කියනවා වගේ.

:       0       259

wedage Friday, 04 August 2017 11:00 AM

යකඩ වැටට හේත්තු වෙලා මහජනතාව උපේක්ෂා සහගතව බලා සිටින ආකාරය මොනතරම් සැනසිල්ලක්ද?

:       176       106

mahinnda Friday, 04 August 2017 11:27 AM

ඇටේ හිටවනකම් බලා ඉඳලා පෝරදාලා, වවලා ඉවරවුණාම කපන්න කියනවා. මුලින් කටවත් නැහැ. බඩවඩන දේශපාලනය අයින් කරන කම් ඕවා ඔහොම තමයි.

:       0       175

ගයා Friday, 04 August 2017 12:15 PM

දොස්තරලා බලනවා අපි ද, ආණ්ඩුව ද බලවත් කියලා පෙන්නන්න... හිටපු ලොක්කා බලනවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නවත්තලා තමන් ලොක්කා බව පෙන්නන්න. ළමයි බලනවා මෙහෙ ඔබලාට ඉගෙන ගන්න බෑ. ඕන නම් පිටරටට යන්න කියන්න. අනික, අනිත් ඒවා වගේ බෑ. මට තේරුම් ගන්න බැරි මේ ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නේ ඇයි කියලා? වයසට යනකොට හැදෙන ලෙඩක්වත්ද, මතක නෑ වගේ ..?

:       0       150

සරණ Friday, 04 August 2017 12:58 PM

ගිරිය කඩාගෙන දිනේෂ් මහතා කෑ ගහන්නේ ඇයි?

:       0       214

දම්මික Friday, 04 August 2017 03:09 PM

අනේ මේ මනුස්සයා කරන ප්‍රෝඩාවක්... මෙයා තමයි සයිටම් නීති ගත කරන්න පනත පාර්ලිමේන්තුවට ඉදිරි පත් කලේ. ඉතින් මේ පුද්ගලයා හිතන්ඉන්නේ ලංකාවේ ඉන්නේ රට මෝඩයින් කියලද?

:       0       278

Shanaka Friday, 04 August 2017 12:40 PM

ශ්‍රී ලාංකීය ජාතිය තරම් නරක ජාතියක් තවත් නැතුව ඇති...

:       0       144

[email protected] Friday, 04 August 2017 04:37 PM

මිනිස්සුන්ට හොඳට වදින විදිහට වැඩේ සැලසුම් කරලා තියෙනවා. බස් වල, කෝච්චිවල සිකුරාදා හවස ගමේ යන අයට හොඳ දඬුවම.

:       0       121

Ashan Friday, 04 August 2017 08:44 PM

ලන්කාව කියන්නෙ කිසිදාක දියුණු කල නොහැකි ගෝත්‍රික රටක්. අනිත් හැම රටක්ම පයුද්ගලික අංශය සමග ඉදිරියට යද්දි අපි පාගමන් යනවා.

:       0       162

sarath Saturday, 05 August 2017 01:41 AM

ප්‍රමිතියක් ,ප්‍රතිපත්තියක් නැති රාජිතට සහ එස් බී ට ප්‍රමිතියක් නැති හොර උපාදි කඩ හොඳ උනාට රටට වෙන සෙතක් නැහැ.

:       141       5

... Saturday, 05 August 2017 06:11 AM

අනේ සරත් ඔබට‍ ප්‍රතිපත්තියක් තිබේද?

:       3       135

ගයා Saturday, 05 August 2017 09:01 AM

මහින්ද මහතාගේ කාලේ නම් හොඳයි දැන් හොඳ නෑ ... ඕක තමයි හුඟාක් අය ගේ ප්‍රතිපත්තිය. දෙපැත්තේ ම ඉන්න ළමයි තමයි පව්....

:       0       131

kumar (gulf) Saturday, 05 August 2017 11:42 AM

වෛද්‍ය සංගමයේ නරි ටික අහිංසක මිනිස්සුන්න්ට දෙන වැඩ වලට වහාම කොමිසමක් ඉදිරියට ගෙන ආ යුතුයි..

:       0       141

uditha Saturday, 05 August 2017 05:50 PM

පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියල අපි කියන්නේ නෑ. ඒත් ඒවායේ ප්‍රමිතියක් තියෙන්න ඕනෑ.

:       72       0

මම1 Sunday, 06 August 2017 02:13 AM

මේව කරන්නෙ ලෙඩ්ඩුන්ගෙ යහපතට. ඔව්, ඔව්. මේවට වියදම් කරන්නෙ මේගොල්ලන්ගෙ දෙමව්පියන්ගෙ මුදල්. බැසිල්ලා, රාජපක්ෂලා හොරාකාපු මුදල් වලින් කරන ගෙවීම් වලින් එහෙම නෙවෙයි. ඒ මොකද රාජපක්ෂලා තඹ සතයක් හොරකම් කරලා නැහැ.

:       0       0

banda Sunday, 06 August 2017 06:37 AM

ඇත්තටම ඔය සයිටම් එක පටන් ගත්ත කාලේ ඔය කියන සංගම්වල අය හිටියේ අන්ධ වෙලාද? නැත්නම් බය වෙලාද? දැන් පුහු වීරයෝ වෙලා කෑගහන්නේ...

:       0       0

CHANDRA WEERASINGHE Tuesday, 08 August 2017 04:29 AM

පොලිසියත් තමාගේ බල සීමා ඉක්මමවන බව පින්තුර වලින් පෙනෙනවා !!තරු ඔටුනු දිනා ගැනීමට ක්‍රියා කල පෙර සිටි අයත් පස්සේ පිචන් වී ඉතිහාසයේ කුණු බක්කියට ගිය බව දන්නවා ඇතිනේ !! හෙළයා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 0 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 215 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 472 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1356 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3442 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site