( තිළිණි ද සිල්වා )
ලෝකයේ විශාලම සාගර අභ්‍යාසය වශයෙන් සැලකෙන ‘රිම් ඔෆ් ද පැසිෆික්‘ අභ්‍යාසය සඳහා ප්‍රථමවරට ශ්‍රී ලංකාව එක්වන බව ඇමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය නිවේදනය කර සිටී.
ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලබන මෙම සාගර අභ්‍යාසය ලබන 27 වැනිදා සිට අගෝස්තු 02 වැනිදා තෙක් හවායි දුපත්වල හා දකුණු කැලිෆෝනියාවේ අයත් සාගර ප්‍රදේශවලදී පැවැත්වේ.
අභ්‍යාසය සඳහා රටවල් 26ක් එක්වන අතර, එයට නැව් 47ක්, සබ්මැරීන් 05ක්, රටවල් 18ක සංග්‍රාමික හමුදා, ගුවන් යානා 200කට අධික ප්‍රමාණයක් සහ පුද්ගලයන් 25,000ක් එක්වන බවද පෙන්ටගනය සඳහන් කර ඇත.
මෙවර මෙම අභ්‍යාසයය ප්‍රථම වරට එක්වන රටවල් අතරට ශ්‍රී ලංකාවට අමතරව බ්‍රසීලය, ඊශ්‍රායලය, වියට්නාමයද එක් වෙති.
ඇමෙරිකාව, ඔස්ටේ්රලියාව, බෘනායි, කැනඩා, චිලී, කොලොම්බියා, ජර්මනිය, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, ප්‍රංශය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පේරු, දකුණුකොරියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව, ටොංගෝව හා එක්සත් රාජධානිය යන රටවල් මෙම අභ්‍යාසයට එක්ව තිබේ.
මෙම අභ්‍යාසය ඇමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය විසින් 1971 වසරේදී පටන් සිදුකරගෙන යනු ලැබේ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘රිම් ඔෆ් ද පැසිෆික්‘ අභ්‍යාසයට පළමු වරට ලංකාවෙන් එක් වෙයි
Sampath Sunday, 03 June 2018 02:02 PM
අහන්නත් ආසයි. ජය ශ්‍රී ලංකා!!!
Lalith Sunday, 03 June 2018 08:01 PM
ගානක් හම්බවෙන වැඩක්නම් කමක් නැහැ. නැතිනම් අනුන්ගේ සිනි කිරන්න ගිහින් අතින් කයිට් කරගෙන වැඩක් තියෙනවද? මොකද ඔව්වගේ ගිහින් පුරුදු වෙලා ඇවිත් ඉන්දියාව එක්කල යුද්ධ කරන්ඩ කියලද? අපිම වියදම් කරලා අපිවම සුරන් කන මිනිස්සු රකින්න පුහුණු වෙනවා මිසක්.