(කාංචන කුමාර ආරියදාස)
දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැළි කසළ නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වළකට මුදාහැරීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ලග්ගල ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කරන්නන්ට ජනතාව වෙන් කර දමා ඇති පොලිතීන් දිරන හා නොදිරන ද්‍රව්‍ය ටැක්ටර් රථයකට වෙනම ලබාගෙන මහවැලි අධිකාරිය මගින් වෙන්කර ලබාදී ඇති ඉඩමකට සියල්ල එකට දමා තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම කසළ බැහැර කිරීම හේතුවෙන් දුර්ගන්ධයක් මැසි මදුරු කරදරයක් මෙන්ම කුඩා කෘමීන් බෝවීම හේතුවෙන් ප්‍රදේශයේ දරුවන් රැසකට චර්ම රෝග පවතින බවද ගම්වැසියෝ කියති.
එමෙන්ම මෙම කසළ ආහාරයට ගැනීම සඳහා අලි වැට කඩාගෙන වන අලින් ගම්වැදීම නිරන්තරයෙන් සිදුවන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලග්ගල නව නගරය විවෘත කිරීමත් සමඟ මෙය දිවයිනේ හරිත නගරය ලෙස නම් කරනු ලැබීය.
නව ලග්ගල නගරයට පිවිසෙන පාලම අසල ඔබ මේ පැමිණෙන්නේ දිවයිනේ හරිත නගරයට යන්න දැන්වීම් පුවරු පවා සවිකර තිබේ.
එහෙත් ලග්ගල ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කරන කැළි කසළ කිසිදු කළමනාකරණයකට ලක් නොකර ජනතාව පදිංචි වී සිටින ප්‍රදේශවල එක ඉහළ කොටසේ වළක් හාරා එළිමහනේ යොදා තිබෙන බවයි.
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ එම වළ ජලය පිරි දැඩි අපිරිසිදු තත්ත්වයට පත්ව ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම කසළ බැහැර කරන ස්ථානයට ආසන්නයේ පිහිටි වැවකින් නැවත පදිංචි කරවූ ලග්ගල ජනතාවට මහවැලි අධිකාරිය මගින් ජලය බෙදාහැරීම සිදු කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
ලග්ගල ප්‍රදේශයේ ජනතාව නගන මෙම පරිසර චෝදනාව පිළිබඳව ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තම සේවකයන් කසළ එකතු කිරීමේදී වෙන වෙනම දිරන හා නොදිරන ද්‍රව්‍ය වශයෙන් එකතු කරන බවයි. කිසිම ආකාරයෙන් වෙන් නොකර මුදා හැරීමක් සිදු නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මහවැලි අධිකාරිය මගින් ඉඩමක් වෙන් කර දී තිබෙන බවද ඉදිරියේ දී ප්‍රවාහන සඳහා වාහන ලැබුණහොත් දඹුල්ල ප්‍රදේශයේ කසළ අංගනයට මෙම කසළ රැගෙන යා හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක්
රවින් Thursday, 17 October 2019 07:43 AM
හරිත නගර ව්‍යාපෘතියේ පෙර අධ්‍යයන වාර්තා, සැලසුම් නැද්ද? පරිසර අධ්‍යන වාර්තා? කිසිම අධ්‍යයනයක් නොකර දේශපාලුවෙකුගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න හදපු ව්‍යාපෘතියක්ද?
chinthaka Thursday, 17 October 2019 11:40 AM
නිර්භයව මෙම එළිදරව්ව කරපු ලංකාදීප මාධ්‍ය වාර්තාකරණයට අපේ ප්‍රණාමය...!!!